IMG-LOGO

රට කුරුල්ලන් ගෙනැවිත් බරට දඩ කයි

හංසයින්, පාත්තයින්, කොකටුවන් හා මැකෝ ගිරවුන් ඇතුළු දුර්ලභ රට කුරුළුල්ලන් 121 දෙනකු හොරෙන් ගෙන එද්දී අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකය කියයි. රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමක් ඇති මෙම කුරුල්ලන් ගෙන ආ පුද්ගලයා කොළඹට නුදුරු සත්ව ගොවි පොළක හිමිකරුවකු බව එම අංශය කියයි. කුරුල්ලන් ගෙන ආ ව්‍යාපාරිකයාට රුපියල් හාර ලක්ෂ පනස් දහසක දඩයක් ගෙවන ලෙසත් සතුන් රාජසන්තක කර ඔවුන් දෙහිවල සතුන් වත්තට බාර දෙන ලෙසත් ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ඩී. ගාමිණී මහතා නියම කෙළේය. ජෛව විවිධත්ව සංසෘතික සහ ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය  අධිකාරිවරුන් වන ජයලාල් ප්‍රනාන්දු, කේ.ටී. රත්නායක, ප්‍රියන්ත විජේනායක මහත්වරු මෙම වැටලීම කළහ.



අදහස් (0)

රට කුරුල්ලන් ගෙනැවිත් බරට දඩ කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 175 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1694 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site