IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රට කතට වයස 62 යි

කොකේන් කරල්  87 ක්  ගිල දමා  බ්‍රසීලයේ සිට ඩුබායි හරහා මෙරටට පැමණි වෙනිසියුලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  ගුවන් තොටුපොළ රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය 62 දෙහැවිරිදි වියේ පසුවන බව රේගුව කියයි.

විදේශීය කාන්තාවක්  මෙරටට මත් ද්‍රව්‍ය ගෙන එන බවට ලැබුන තොරතුරක් මත රේගුව ඇය අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ රේගු  නිලධාරීන් ඇය අත් අඩංගුවට ගෙන එක්ස් කිරණ පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු මේ බව අනාවරණය කරගෙන ඇත.

ඇයගේ උදරයේ කොකේන් අඩංගු කරල් 87 ක් ඇති බව රේගුව කියයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ  ඇය  රේගු මත් ද්‍රව්‍ය  පාලන  ඒකකයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ   මීගමුව රෝහළට ඇතුලත් කර   ඇය ගිල දමා ඇති කොකේන් ගුලි පිටතට ගැනීම  සිදු කරන බවයි.

 

 

 



අදහස් (0)

රට කතට වයස 62 යි

රිචි බාලසුරිය Sunday, 14 February 2016 04:20 PM

සැලසුම් සහගතව කාලයක් තිස්සේ කරන ලද මත කුඩු ගෙන්විමක් , විදේශීය කතක් මෙහෙම අසුවුන පළමු වතාව මෙය උනත් සමහරවිට මෙයට පෙරත් මේවා සිසුවන්නට ඇති , රෙගු නිලදාරින්ට අපේ ප්‍රණාමය (රේ)

:       0       0

නන්දලාල් -ප්‍රන්ශය Sunday, 14 February 2016 07:48 PM

චී ... චීයා.... හරිම කැත වැඩක් නේ මේ ආච්චි කරලා තියෙන්නේ. එයාගේ අසනීපයකට ගත්ත බෙහෙත් ගුලි වෙන්න බැරිද මේ විදියට හිර වෙලා තිබුනේ ?(රේ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 14 February 2016 08:25 PM

ආච්චිගේ ලෙඩකට බෙහෙතක්ද, අනිත් මිනිස්සු ලෙඩ කරන්න ගෙනාපුවද කියලා බලාගන්න බැරියෑ ඔක්කොම එළියට ගත්තහම (නි)

:       0       0

වසන්ජය Sunday, 14 February 2016 10:11 PM

ඔය කියන කොකේන් ප්‍රවාහනය වෙන්නේ ඔය ආකාරයට තමයි. ඉටිකොලවල ඔතලා ගිලිනවා. මළපහ කරලා අසුචි අතරින් වෙන්කර ගෙන විකුණනවා. ඒවා බොහොම අගෙයි කියා පාවිච්චි කරන අය කියනවා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 15 February 2016 06:25 AM

වයස 62 නිසා එයා හිතන්න ඇති බේරිලා යන්න පුළුවන් වෙයි කියලා. මීට පස්සේ 60 පැනපු ඔක්කොම එක්ස් කිරණ පරීක්ෂණයකට යොමු කරන්න කියල රෙගු නිලදාරින්ට කියන්න ඕනි. (ර)

:       0       0

රන්ජිත් Sunday, 14 February 2016 11:23 PM

තව ටිකක් වයස කෙනෙක් ආවා නම් තව මොනවා ගෙනෙයිද? (නි)

:       0       0

රනා Monday, 15 February 2016 06:35 AM

මරණිය දණ්ඩනය දෙන්න ඕනේ අනිත් අයටත් පාඩමක් වෙන්න. (ර)

:       0       0

අතුල Sunday, 14 February 2016 11:46 PM

අබුද්දස්ස කාලේ අහන්න ලැබෙන දේවල්! (නි)

:       0       0

ඉමේෂ් Monday, 15 February 2016 01:23 AM

රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හොඳට වැඩ කරනවා වගෙයි. වෙනස වෙමින් පවතිනවා. (නි)

:       0       0

සත්‍යපාල Monday, 15 February 2016 02:08 AM

සල්ලි වලට තිබෙන කෑදරකම තමයි. අඩුගානේ තමාගේ වයසට ගැළපෙන වැඩක්ද කියලා පොඩ්ඩක් හිතන්න තිබුනා (නි)

:       0       0

යසස් Monday, 15 February 2016 08:10 AM

මෙම කලාපයෙන් එන අය පිලිබඳව ගොඩක් සොයා බලන්න. සිකා වෛරසය අසාදිත කෙනෙක් වෙන්නත් පුළුවන් කුඩු ගේනවා වගේම බරපතලයි ඒක. (ම)

:       0       0

පීරිස් Monday, 15 February 2016 02:54 AM

බැරිවෙලාවත් මේ මත්ද්‍රව්‍ය කොපුවක් බඩේදි කැඩුනා නම්, අසුචි ටිකත් ගිනිගානට විකිණෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site