(අංජුල මහික වීරරත්න)
මැයි මාසයේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් ද අවසන් වන අතර අලුතින් ණයක් ලැබෙන පාටක් තවම පෙනෙන්නට නැතැයි ද එසේ වුවහොත් ආර්ථික ප්‍රශ්නය තවත් උග්‍ර වී ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වසා දමන තත්ත්වයකට පැමිණිය හැකි යැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පවතින ප්‍රශ්න කල් දමන්නට හැකියාවක් නැති අතර පාර්ලිමේන්තුවට මූල්‍ය බලය ගෙන "ගෝඨා ගෝ ගම" ඇතුළු සියලු තැන්වල සිටින තරුණ තරුණියන්ගේ ද අදහස් ලබාගෙන ඉදිරි පියවර ගත යුතුව ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
වර්තමානයේ පවතින තත්වය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි මෙි මැතිවරණ පවත්වන්නට ද වෙලාවක් නොවන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රටේ කඩා වැටීමක් අත ළඟ - රනිල් අනතුරු අඟවයි
P. D Hoonawardena Monday, 25 April 2022 01:39 PM
කල්ලි ගහපු ගැහිල්ලේ ප්‍රතිඵල තමයි...
Surain Monday, 25 April 2022 02:05 PM
මැතිවරණයක් තිබ්බොත් ඔය තියන එකත් නැතිවෙයි කියලා බයයි නේද?
Nanu Monday, 25 April 2022 02:16 PM
දැන් සේරම වැඩ්ඩෝ මහ බැංකු කොල්ලයේ තව තව කොල්ල මතක නැහැ...
pakeer Monday, 25 April 2022 02:42 PM
දැන්ද තේරෙන්නේ ලොකු විනාශයක් කියලා...? ඔබලා වගකියන්න ඕනේ මේකට...!
Rata Perata Monday, 25 April 2022 02:49 PM
බලය තියෙන කාලේ හොරු ආරක්ෂා කරපු එකේ විපාක දැන් පේනවා නේද? ඔබලා තාම සැපෙන් ඉන්නවා. අහිංසක මිනිස්සු දුක් විඳිනවා.
nimalka Monday, 25 April 2022 02:59 PM
2016 දී රජයේ සේවකයින්ගේ පඩි 10,000 වැඩිකරලා විනාශය ආරම්භ කරපු පාපෙන් ඔබතුමාට ගැලවෙන්න බැහැ. ඒ කළදේ පක්ෂ විපක්ෂ කවුරුවත් විවේචනය කරන්නේ නැත්තේ එහෙම කරන කෙනා රජයේ සේවකයින්ගේ අප්‍රසාදයට පත්වෙන නිසා. ගෝඨාභයලා ආණ්ඩුවේ රස්සා ලක්ෂයක් දෙන්න පටන් ගත්තා. ඒකෙනුත් මේ වගේම විනාශයක් වෙන්න ඇති...!
Jagath Monday, 25 April 2022 03:56 PM
රට විනාශ කරන්න දායක වෙච්චි ප්‍රබල චරිතයක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ... දැන් බයිලා ගහනවා.
fairoos Monday, 25 April 2022 04:17 PM
මෙයා නිකන් විකාර දොඩවනවා... විශ්වාස භංගයට අත්සන් කරන්නේ නැතිව...