IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘රට කොටියා බොරුවෙන් වෙස් මූණක් දමාගෙන‘

රටකින් පිටත සිට රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසන පුද්ගලයින් හා ගනුදෙනු කිරීමේදී ලෝකයේ රටවලට ශ්‍රී ලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝමයක් ඇතැයි ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හා නාගරික සංවර්ධන අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙන 14 වැනි ආසියා ආරක්ෂක සේවා ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.

රටකින් පිට සිට ක්‍රියාත්මක වන පුද්ගලයින්ට ත්‍රස්ත කටයුතු වල නිරතවීම සදහා සම්පත් හුවමාරුවේ යෙදීමට,හා එකිනෙකා අතර සබඳතා පවත්වාගැනීමට අන්තරජාතික ජාලයක් ගොඩනඟා ගැනීමට අවකාශ තිබීම ඕනෑම රටක ස්වෛරීභාවයට එල්ල වන මරු පහරක් යැයි රාජපක්ෂ මහතා කීය.

මේ තත්ත්තවය එල්.ටී.ටී.ඊ සංවිධානයට ආදේශ කරමින් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ යුධමය වශයෙන් එල්.ටී.ටී.ය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුවද දැන් අන්තර්ජාතික තලයේ සිට රටේ කටයුතු වලට ඇඟිලි ගැසීමට ඒකරාශීවී සිටින ඔවුන් මර්දනය කිරීමට තවමත් නොහැකිවී ඇති බවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික තලයේ ප්‍රචාරයන් ගෙන යමින් සිටින ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය යැයි අලූත් වෙස්මුහුණක් පැළදගෙන රටවල් මුලා කිරීමේ යෙදී සිටින්නේයැයි ඔහු පැවසීය.

‘එල්.ටී.ටී.යේ ඇතැම් මුල් පෙළ සංවිධාන වල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන සිටීමට සමහර රටවල් කටයුතු කරන බව අපට පෙනෙනවා.මොකද මේ සංවිධාන කියන්නේ ඔවුන් පෙනී සිටින්නේ දේශපාලන අයිතීය වෙනුවෙන් හා මානව හිමිකම් වෙනුවෙන් කියලා.නමුත් මේ සංවිධාන වල සිටින්නේ හොදින් පුහුණුව ලැබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදියෝ. ඔවුන් අන්තර්ජාතික තලයේ හොද ජාලයක් ගොඩනගාගෙනයි සිටින්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වෙස්මුහුණට යටින් ඉදගෙන ඔවුන් නොයෙක් ආකාරයේ නීති විරෝධී කටයුතු වල යෙදෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රස්ත කටයුතු වලට යළි පණදීමයි ඔවුන්ගේ අරමුණ‘ ඔහු පැහැදිලි කළේය.

ත්‍රස්ත කටයුතු හා අවි ජාවාරම් වලට අමතරව රටින් පිට සිටගෙන මෙවන් අන්තර්ජාතික ජාලයක් ගොඩනගාගෙන සිටින පුද්ගලයින් හා සංවිධාන මිනිස් ජාවාරම්,මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුහුදු කොල්ලකෑම් වැනි නීති විරෝධී කටයුතු වල යෙදෙන බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුනි.

මෙවන් කටයුතු ජාතිකවත්,කලාපීයවත්,ගෝලීයවත් රට රටවල ආරක්ෂාවට තර්ජනයන් එල්ල කරන්නේයැයිද එවා මර්දනය කිරීමට පියවර ගත යුතුව තිඛෙන්නේයැයිද ඔහු පැවසීය.

ලොව රටවල් එකිනෙකා අතර ද්විපාර්ශවික මෙන්ම බහුපාර්ශවික සබදතා ඇතිකරගනිමින් එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් ලෝක ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙවන් ජාලයන් බිද දැමිීම කිසිදු ගැටලූවක් නොවනු ඇතැයි ඔහු කීය.



අදහස් (0)

‘රට කොටියා බොරුවෙන් වෙස් මූණක් දමාගෙන‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site