(සුජිත් හේවාජුලිගේ )
රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් වෙනත් රටවලට යෑමේ අරමුණින් විදෙස් ගමන් බලපත්‍ර (පාස්පෝට්) සකස් කර ගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සියයට 30 - 40 අතර සංඛ්‍යාවකින් වැඩිවී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කරුණ විමසීම්ද ඒ හා සමානව වැඩිවී ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
රටපුරා නිවාස සහ වාහන විකිණීම්ද පසුගිය දිනවල වැඩිවී ඇති අතර බොහෝ දෙනකු ඒ දේපළ විකුණා ඇත්තේ විදේශගතවීම සඳහා මුදල් උපයා ගැනීමේ අරමුණින් බව දැනගන්නට ඇත.
විදේශ රටවල දැනට ජීවත්වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙරට ජීවත්වන සිය කිට්ටුවන්ත ඥාතීන් ඒ රටවලට ගෙන්වාගැනීමද වැඩිවී ඇති අතර බොහෝ පිරිසක් එවැනි අනුග්‍රහ අපේක්ෂාවෙන් සිටින බවද අප කළ කරුණු සොයා බැලීමකදී දැනගන්නට ලැබිණ.
එසේම නීති විරෝධී ක්‍රම මගින් විදේශයන්ට පලා යන පිරිස්ද වැඩිවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස රටින් පිටවීම හෝ ඒ සඳහා දරන උත්සාහයන් ගැන තොරතුරු සහ විමසීම් රාශියක් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වනුද මේ දිනවල සුලභව දැකිය හැක.
මේ සඳහා වෙනම සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් පවා නිර්මාණය කර ගෙන සිටින අතර, තරුණ පිරිස් සේම පුද්ගලයන් පිටරට යවන 'ඒජන්සි' හිමියෝද එම කණ්ඩායම් අතරේ ඉතා ක්‍රියාකාරීව
සිටිති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රට අතහැර යන්නන් තවත් ඉහළට
කිරි පුතා Saturday, 09 April 2022 12:09 PM
මව්බිම අපහසු අඩියක තිබියදී එය අතහැර යෑමට උත්සාහ ගැනීම මොන මානසිකත්වයක් දැයි කීමට අවශ්‍ය නැත. වෙනත් රටවලින් ඔබව ඉඹ වඩාගැනීමට බලා සිටිනවා යැයි සිතනවා නම් එය සිහිනයක් පමණි.
RexiSaturday, 09 April 2022 02:21 PM
එතකොට රටේ දේශපාලුවන්ගේ ළමයි, හොරකම් කළ ආණ්ඩුවේ හෙංචයියන්ගේ ළමයින්, රටේ ඉන්න දේශපාලුවෝ රට අමාරුවේ වැටුණු වෙලේ යන්න එපා කියන්නේ නැද්ද?
LalSaturday, 09 April 2022 03:35 PM
කවුද කැමති දුක් විඳින්න? පුළුවන් කමක් තියනවා නම් යනවා ඇරෙන්න... කිසිම රටක් පිළිගන්න බලාගෙන නෑ. නමුත් කොහොම හරි ගැට ගහගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ යන්නේ..!
ගමේ එකාලාSaturday, 09 April 2022 10:39 PM
මව්බිම වලපල්ලටම ඇදලා දැම්මේ කවුද .බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ .උන්ට නම් අවුලක් නැහැ පරම්පරා ගාණකට ඇති වෙන්ඩ හරිහම්බ කරගත්තුවා තියෙනවා .වෙන රටවල ජනතාව ගොනාට අන්දවපු නායකයෝ නැතුවා .ජනතාගේ ලේ දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු ජරාපක්සලා නැති එකම මදෑ.
Nihal Dharmatileke Saturday, 09 April 2022 12:10 PM
මහින්ද මහත්තයාගේ ළමයි යනවානම් තමයි සතුටු වෙන්න පුළුවන්... අනිත් තරුණ තරුණයින් රටේ ඉඳලා..
NissanakaSaturday, 09 April 2022 02:05 PM
හොරාකාපු සල්ලි ආපහු ගන්නකන් රටින් පිටවෙන්න දෙන්න එපා...
Sanath Dubai Saturday, 09 April 2022 02:03 PM
රැකියා හොයාගෙන පැමිණි තරුණ තරුණියෝ විශාල ප්‍රමාණයක් ඩුබායිවල අතරමංවී සිටිනවා. ජාවාරම්කාරයින්ට අහුවෙන්න එපා..