IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රටවල් 17ක් පැරදූ කැබිතිගොල්ලෑ ගමේ පැටවු

(හේමන්ත රණසූරිය)

"ගෝලිය තිරසාර සංවර්ධනය හා ⁣⁣දේශගුණික විපර්යාස" යන තරගාවලියට ඉදිරිපත්වූ   රටවල් 17ක  කණ්ඩායම් 615ක් පරදා  "හොඳම ප්‍රජා බලපෑම් සම්මානය"(best community impacta award) දිනාගැනීමට කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දරුවෝ පිරිසක් සමත් වූහ.

ගුඩි නේබර්ස් ජාත්‍යන්තර ආයතනය සංවිධානය කළ මෙම තරඟාවලියට කැබිතිගොල්ලැව මධ්‍ය විද්‍යාලයේ දුවන් සමග ලෝකයේ රයවල් 17 ක්  කණ්ඩායමි 615 ක් ඒක් විය.

ගුඩ් නේබර්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මඟින් කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ දරුවන් 28 දෙනකු තෝරාගෙන, ඔවුන් සඳහා "තිරසාර සංවර්ධනය හා දේශගුණික විපර්යාසය" පිළිබඳ පුහුණු වැඩසටහන් ලබාදෙමින්, දකුණු කොරියාව, උගන්ඩාව, සැම්බියාව යන රටවල පාසල් දරුවන් සමග අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්,අවස්ථාව සලසා දෙමින් මාස දෙකකට ආසන්න කාලයක් තුල මෙම පුහුණු වැඩ සටහන් පැවැත්විමෙන් අණතුුව මෙලෙස සූමි තාක්ෂණය ඔස්සේ ඊයේ මෙම තරගාවලිය පවත්වන ලදි.

කැබිතිගොල්ලෑව වැනි දුෂ්කර පාසලක දරුවන් රටවල් 17 ක් අභිභවා  ලබා ගත් මෙම විශිෂ්ට සම්මානය පිළිබඳව ගුඩ් නේබර්ස් ජාත්‍යන්තර ආයතනයේ අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපෘතී සම්බන්ධීකාරක ඉසුර ෂෙහාන් මහතා මෙසේ පැවැසිය.

"ලෝකයේ හොඳම ප්‍රජා බලපෑම් සම්මානය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ කැබිතිගොල්ලෑව පාසලක දරුවන් ලබා ගැනීම ඉතා සුවිශේෂී මෙන්ම ඓතිහාසික අවස්ථාවක්.

මෙම ජයග්‍රහණය ලබා ගැනීමට දරුවන්ගේ පිටුපස රැඳී සිටි ප්‍රධාන නියමුවා වන්නේ කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නිරෝෂණ ඩයස් මහතායි. ඒ වගේම කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කුමුදුනී ආරියවංශ මහත්මියටත්, විද්‍යාලයේ විදුහල්පති යු. බී. කුමාරසිංහ මහතා ඇතුළු මාපියන්ටත් ,ලෝකයේ රටවල් දාහතක් තුළ ශ්‍රී ලංකා නාමය ඔසොවා තැබූ කැබිතිගොල්ලෑව මධ්‍ය විද්‍යාලයේ සිසු දරුවන්ටත් ස්තුතිවන්ත වෙනවා" යැයි ඒ මහතා කීය.

 



අදහස් (5)

රටවල් 17ක් පැරදූ කැබිතිගොල්ලෑ ගමේ පැටවු

Lokubanda Tillakaratne Friday, 21 July 2023 08:55 PM

සුබපැතුම්...! සියලු දෙනාම තරු...

:       1       33

නිරිපුකා Friday, 21 July 2023 11:24 PM

සියලු පහසුකම් සහිතව වැජඹෙන රටේ ප්‍රධාන පෙළේ පාසල්වල දරුවන් බිග් මැච් දාගෙන විගඩම් නටන අතරේ දහසකුත් දුෂ්කරතා මැද නැගී සිට ලොවටම ආදර්ශයක් වූ මේ දරවන්ට උත්තමාචාරය !! කැබිතිගොල්ලෑව එදා සාහසික කොටි ඝාතනයද මතක් කරන්නේ එවැනි දේ නොදත් මිනිසුන්ටයි.

:       0       0

D.Jayasinghe Saturday, 22 July 2023 04:33 AM

රජරට දරුවන්ගේ දක්ෂතාවය පිළිබඳව ආඩම්බරයි. හදවතින්ම සියලු දෙනාට සුබපතනවා...

:       0       1

Bunny Preena Saturday, 22 July 2023 09:55 AM

බොහෝම සතුටු දායක පුවතක්... නමුත් දුකට කාරණාව මොවුන්ට නිසි ඇගයීමක් ‘‘ලංකාවේ ඉන්න හොඳ ගවර්නර්ස්‘‘ ලාගෙන් ලැබෙයිද කියන එකයි.

:       0       2

janaka jayasinghe Saturday, 22 July 2023 10:05 AM

දරු දැරියනි, ඔබ සියලු දෙනාට මාගේ හදපිරි ප්‍රණාමය සහ උණුසුම් සුබපෑතුම්, අනාගතයේ දිනක මේ රටේ යහපත වෙනුවෙන් සහ සාධනීය ජීවන පැවැත්මක් වෙනුවෙන් ඔබ සැමගේ සහයෝගය ලබාදීමට ඔබ සැමට ශක්තිය ලැබේවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site