IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයැදුම් කාලය 31 න් අවසන්

(අංජුල මහික වීරරත්න)

රටවිරු දූ දරු ශිෂ්‍යත්වය සදහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් මසදී ආරම්භ කළ අතර එම කාලය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබද පාසල් මට්ටමින් විගමණික ශ්‍රි ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය මේ සදහා යොමු කරන ලෙස ද කාර්යාංශය ඉල්ලා සිටියි.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සදහා විදේශගතව සිටින ලාංකික මව්පියන්ගේ දරුවන් උදෙසා ය. එම ශිෂ්‍යත්ව කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබයි. ඒ අනුව මුදලින් රුපියල් 25,000 ක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටත්, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ටත් හා රුපියල් 40,000 ක් උසස් පෙළ විභාගය සමත් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සහ කාර්මික විද්‍යාල සදහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනමනු ලබයි.

මේ සදහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) අයදුම් කළ හැකිය. සුදුසුකම් ඇති දරුවන් www.slbfe.lk වෙබ් අඩවියට පිවිස අයැදුම් කළ හැකි බව කාර්යාංශය පවසයි.

මේ පිළිබද වැඩිදුර විස්තර 011 2365471 යන දුරකථන මාර්ගය ඔස්සේ දැනගත හැකි යැයි ද කාර්යාංශය කියයි.

 



අදහස් (0)

රටවිරු දූ දරු ශිෂ්‍යත්ව අයැදුම් කාලය 31 න් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site