IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රටට අහිතකර පනත් සම්මත කිරීමට ආණ්ඩුව උප්පරවැට්ටි දානවා

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුව ඉරිදා දිනයේ රැස්වීමේ අරමුණ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත කර ගැනීම බවත් වත්මන් ආණ්ඩුව රටට අහිතකර පනත් සම්මත කරගැනීම සඳහා නොයෙක් උප්පරවැට්ටි ක්‍රියාත්මක කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (26) පැවසීය.

ආණ්ඩුව ගෙන යන ජන පීඩිත ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට විපක්ෂය පෙළ ගැසෙන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ නිලධාරීන් ලස්සන වචන දමා ජනතාව රවටන බව ද සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශ නාමමාත්‍රික ප්‍රකාශ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අයි.එම්.එෆ්. යෝජනාවක් නොවන එය ශ්‍රී ලංකා රජයේ යෝජනා කළ බවත් පීරිස් මහතා කීය.

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් තුනෙන් එකට  වඩා වැඩි පිරිසකට දෛනික ආහාර සපයාගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවට සමීක්ෂණවලින් හෙළිවී ඇති බව කී පීරිස් මහතා පැවසුවේ තම රජයක් යටතේ අයි.එම්.එෆ්. අහිතකර යෝජනා පිළිබඳව යළි සළකා බැලන බවත්ය.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන කිසිඳු විනිවිදභාවයකින් තොර බව ද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරටත් පැවසීය.  

නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද (26) පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය. 



අදහස් (1)

රටට අහිතකර පනත් සම්මත කිරීමට ආණ්ඩුව උප්පරවැට්ටි දානවා

Nimal Monday, 26 June 2023 04:17 PM

හරි හරි එළ එළ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site