IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජරට වීසී හිර කළැයි සිසු නායකයෝ හතරක් රිමාන්ඩ්

රජරට විශ්ව විද්‍යාලයයේ උප කුලපති ඇතුළු 12 දෙනකු සිර අඩස්සියට ගෙන අයුතු බිය ගැන්වීමක් කළැයි සැකපිට එම විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීහු සිව් දෙනෙක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය විසින් ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මිහින්තලේ පොලිසිය සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.



අදහස් (0)

රජරට වීසී හිර කළැයි සිසු නායකයෝ හතරක් රිමාන්ඩ්

වික්‍රම‍ Thursday, 03 July 2014 05:31 PM

අනවශ්‍ය වැඩ නොකර ඉගෙනගන්න ආ අය ඉගෙනගත්තා නම් හරිනේ (නි)

:       0       0

සේනක Thursday, 03 July 2014 05:32 PM

මේ ළමයින් මෙවැනි තත්තවයකට පත් වුණේ ඔවුන්ට වූ යම් අසාධාරණයක් නිසා නොවේද? ඒ ගැනත් සළකා බලන්න ඕනෑ නේද? (නි)

:       0       0

හේමා Thursday, 03 July 2014 01:53 PM

දැන් ආයෙත් මේ සිසුන් නිදහස් කරන්න කියලා උද්ගෝෂණ කරාවි. ඊළඟට ටික දවසකින් දඬුවම ඉවත් කරන්න කියලා කෑ ගසාවී. මෙතනින් ඕවා කෙලවර වෙන්නේ නැහැ. හැමදාම ප්‍රශ්න. පැත්තක ඉන්න මහජනයා මේ අයට අධ්‍යාපනය දෙන්න බදු ගෙව ගෙවා පෙර පව් ගෙවනවා. (නදී)

:       0       0

ජනක Thursday, 03 July 2014 06:52 PM

ඉතින් සේනක, අපිටත් නොයෙකුත් අසාධාරණ සමාජයේ ජීවත් වෙනකොට සිද්ධ වෙනවා. අපි මිනිසුන්ව සිර කරගෙන ඒවාට විසඳුම් හොයන්න ගියොත් මොකද වෙන්නේ ? පසුගිය කාලයේ සමහරු කියූ දේවල් හරියට හරි. සරසවියෙන් එළියට ගිය දවසට රැකියා ස්ථානයේ ප්‍රධානියාවත් මේ විදියට ඉල්ලීම් ඉටු කළේ නැහැ කියලා සිර කරන්නද ? (නි)

:       0       0

සුනිල් Thursday, 03 July 2014 02:21 PM

එක පැත්තක විතරක් නොවේ, දෙපැත්තේම වැරදි තියනවා. මොන පැත්තක් වත් නිදොස් නැහැ. මේ දෙපාර්ශවයම තමුන්ගේ වැරදි මොනවද කියල අවන්කවම අවබෝද කරගෙන ඒ වරද නොවෙන්න වග බලාගත්තම ඒ වැරදි නිවැරදි කරගන්න පුළුවන් වෙනවා. (නදී)

:       0       0

ධම්ම Thursday, 03 July 2014 02:22 PM

නීත්‍යානුකුල ශිෂ්‍ය සටන්වලදී කිසිවෙක් සිර අඩස්සියට ගන්න බැහැ. ඔන්න පුතාලා දැන් නියම තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉතින් ප්‍රශ්නයට තනි තනිවම මුහුණ දෙන්න. ශිෂ්‍යභාවය අහෝසිකරන්න, හිරේ යවන්න වගේ තීරණයක් උසාවියෙන් ලැබුනොත් තාත්තාට කියන්න බේරාගන්න කියලා. (නදී) .

:       0       0

සේන Thursday, 03 July 2014 02:38 PM

පලි ගැනීම් වල සීමාවක් තියෙන්න ඕනේ (දී)

:       0       0

කමල් Thursday, 03 July 2014 08:37 PM

මේවා අලුත් දේවල් වත් මීට කලින් සිදු නොවුන එව්වත් නෙමෙයි. මට මතක් වෙනවා මීට අවුරුදු විසිපහකට කලින් අපිත් රුහුණේ උපකුලපතිව ඔහොම පැය ගණනක් හිර කර ගෙන අපේ පන්ති තහනම් කරපු අයව බේරගත්තා. ඕවා ඔය තරම් පලිගන්න ඕන දේවල් නෙමෙයි. (නදී)

:       0       0

නලින් යහම්පත් Thursday, 03 July 2014 03:09 PM

මෙම සිසුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුය මොවුන් මෙසේ බලය සහ නිතිය අතට ගැනීම ඉතා බයානකය රටක පැවැත්මට ඉතාම අහිතකර දෙයක් මෙය , (දී)

:       0       0

රවීන්ද්‍ර Thursday, 03 July 2014 03:15 PM

ඔය නරක වැඩ කරන අය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරලා අවංක ඉගෙන ගන්න හිතෙන දරුවන්ට තැන දෙන්න ඕන,ඔය වගේ අය සමාජයට බරක් වගේම ඉගෙන ගන්න අයටත් බරක් හිසරදයක්. (ස)

:       0       0

ඇසළ Thursday, 03 July 2014 03:27 PM

සේන මේක පලිගැනීමක් නොවෙයි. නිතිය ක්‍රියාත්මක කර අධ්‍යාපනය දුෂ්ට දේශපාලනයෙන් වෙන්කර ගැනීමට කරන උත්සහයක්. වැරදි කරන්නා දඩුවමක් විඳිය යුතුයි අන් අයටත් පාඩමක් ඉගන ගැනීමට නම්. (ස)

:       0       0

එදිරිසූරිය Thursday, 03 July 2014 10:14 PM

දැන් හොඳට ඉගෙනගන්න පුලුවන් වේවි (නි)

:       0       0

විරාජ් Thursday, 03 July 2014 03:47 PM

මිනිස්සු රැවටෙනවා විතරයි (දී)

:       0       0

ටානියා Thursday, 03 July 2014 03:51 PM

කමක් නැහැ නිතිය අතට ගෙන අවනීතිය රජ කරන්න හැදුවට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site