IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රජයේ වාහන 5000ක් අතුරුදන්

(සුජිත් හේවාජුලිගේ )

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා  වාහන  පන්දහසකට වැඩි ප්‍රමාණයක් අස්ථානගතවී ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවල සඳහන් වේ.

මෙම අස්ථානගත වාහන සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසට විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

බොහෝ රජයේ ආයතනවල වාහන සංචිත කළමනාකරණය දුර්වල මට්ටමක පවතින බවද විගණන නිලධාරීහු ප්‍රකාශ කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු ආයතන රැසකට අයත් වාහන මෙසේ අතුරුදන්ව ඇතැයි 
කියති.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්වී ඇති බවට  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී  පසුගියදා තොරතුරු අනාවරණයවිය. මෙසේ අතුරුදන් වාහන 1794ට  මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1,115ක්  ඇතුළත් වේ.

බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 177ක පැවරීම්වල නීත්‍යානුකූල භාවය පවා තහවුරු කර ගැනීමට නොහැකිවී තිබූ බවද විගණන වාර්තාවක සඳහන්වේ.

මෙසේ අතුරුදන් වාහනවල වටිනාකම  තක්සේරු කිරීමට ජාතික විගණන කාර්යාලයට පවා නොහැකිවී ඇති බවත්  සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන ඇණිය පිළිබඳ  කළ නියැඳි පරීක්ෂණයට අනුව වාහන ඇණිය පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතියද  දුර්වල තත්ත්වයකට පත්ව තිබුණු බවත්  සඳහන්වේ.

මේ අතර  අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ  නමට ලියාපදිංචි කෙරුණු  මෝටර් රථ 212  ක්  අස්ථානගතවී ඇති  බව  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රධානීන් විගණන නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ අදාළ ආයතනවලින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට  කටයුතු  කෙරෙන බවයි.

අමාත්‍යාංශ ලේකම්ගේ නමට ලියාපදිංචි කෙරුණු  වාහන නිවැරදිව හඳුනා ගැනීමට කටයුතු කරන්නැයි  විගණන කාර්යාලය අධ්‍යාපන බලධාරීන්ට නිර්දේශ කර ඇත.

මේ අතර රජයට අයත් සෑම රථයක්ම භාවිත කරන ආයතන නමින් ලියාපදිංචි කළ යුතු වුවත් වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවල වාහන අටක් භාවිතා කළද ඒ සම්බන්ධයෙන් ඒ ආකාරයට   කටයුතු කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.

මේ සම්බන්ධයෙන්  අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් විගණනයට  පිළිතුරු ලබාදී නැතැයි  එම   වාර්තාවේ දැක්වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද  දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි.

එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1124ක් බව විගණනය මගින් අනාවරණය කර ඇත. දෙපාර්තමේන්තුව භාරයේ නොමැති වාහන සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇද්ද පිළිබඳ පරීක්ෂා කළ යුතු බව විගණනය ම නිර්දේශ කර ඇත.

මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා  විගණනයට සඳහන් කර ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර  ඇති බවය. ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ නොමැති බවත්  ඒවා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුවේ නොමැති බවත්   ගණන් දීමේ නිලධාරියා විගණනයට ප්‍රකාශකර ඇත.



අදහස් (6)

රජයේ වාහන 5000ක් අතුරුදන්

Jayathilaka Monday, 27 May 2024 09:13 AM

සමහර විට ඔය වාහන ව්‍යාජ ලියකියවිලි සකසා විකුණා හෝ ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති වාර්ෂිකව ආදායම් බලපත්‍ර ගැනීමේදී එම වාහන වලට බලපත්‍ර අරගෙන තිබේද බලන්න නැවතත් පාවිච්චියට ගත නොහැකි වාහන අංක වලින් ධාවනය කරනවාද බලන්න ඒ ඒ කාලයේ වාහන බාරව සිටි නිළධාරි අත්අඩංගුවට ගත්තා නම් ප්‍රශ්නය විසදීමට පහසුයි

:       0       19

ජයනාත් Monday, 27 May 2024 11:53 AM

රජය සහ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවත්, වගවීම සහ වගකීම පිළිබඳවත් මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. වාහනයක් කියන්නේ සාක්කුවේ දාගෙන හංගාගෙන ඉන්න පුළුවන් දෙයක්ද?

:       0       10

duminda Monday, 27 May 2024 12:03 PM

ඒ වුණාට ට්‍රාන්ස්ෆෝමර් තරම් වටින්නේ නෑ.

:       0       8

Perera Monday, 27 May 2024 12:59 PM

මහින්ද චින්තයේ ප්‍රතිඵල.. තම තමන් පුළුවන් විදියට ගසාකාපල්ලා... අපි ගසාකන ඒවා හොයන්න එපා... අපිත් නුඹලා ගසාකන ඒවා ගැන හොයන්නේ නෑ...

:       0       9

saman Monday, 27 May 2024 03:18 PM

අස්ථානගත වෙන්න මෝටර් රථ යනු ඉඳිකට්ටක් වැනි දෙයක්ද?

:       0       4

සංජීව Monday, 27 May 2024 05:24 PM

මේවා ව්‍යාජ ලියවිලි සකසා කාටහරි විකුණුවොත් තවත් අහිංසක මනුස්සයෙක් අමාරුවේ වැටෙනවා නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site