ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ධීවර නිෂ්පාදන සඳහා යුරෝපා සංගමය විසින් පනවන ලද තහනම ඉවත් කර ගැනිම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කරන ක‍්‍රියාමාර්ග වල ප‍්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය ප‍්‍රශංසාව පළ කරයි.
ඉන්දීය සාගර ටූනා කොමිසමේ රෙගුලාසි වලට අනුකූල වීම ගත් උත්සහායන් පිළිබඳව යුරෝපා සංගම් බලධාරීන් අගයා ඇතැයි යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
කෙසේ වෙතත් ඉදිරි මාස වලදී යුරෝපා සංගමය වෙත මසුන් අපනයනය කිරීම පිළිබඳ තහනම ඉවත් කිරීමේ අරමුණෙන් නීතිවිරෝධී ,වාර්තා නොවන හා නියාමනය නොකෙරෙන ධීවර කර්මාන්තය පිළිබඳව යුරෝපා සංගම් නීතිය යටතේ සෙසු අඩුපාඩු නිවැරදි කර ගැනීමට අවශ්‍ය කරන වැඩිදුර පියවර ගැනීමට අවශ්‍ය කරන වැඩිදුර පියවර ගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් මෙන්ම යුරෝපා සංගම් බලධාරීන් එක්ව වැඩ කිරීමට එකඟ වූ බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
මෙරටට පැනවූ යුරෝපා මත්ස්‍ය තහනම ගැන වැඩිදුරටත් අධ්‍යනය කිරීම හා සාකච්ඡුා කිරීමේ අරමුණින් එම සංගමයේ සමුද්‍ර කටයුතු හා ධීවර කර්මාන්ත අධ්‍යක්ෂ මණ්ඩල ජනරාල්වරයාගේ නියෝජිත කණ්ඩායමක් ඉකුත්දා මෙරටට පැමිණි අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ධීවර බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන ධීවර නිෂ්පාදන වෙනුවෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම ඉවත් කර ගැනීම සඳහා රජය ඉකුත් ජනවාරි මාසයේ සිට ගනු ලැබූ පියවර සහ අන්තර්ගත ප‍්‍රගති වාර්තාව මේවන විට යුරෝපා සංගමයේ සමුද්‍ර සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ වෑයමට යුරෝපා සංගමයේ පැසසුම්