IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි

 (අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල් පද්ධතිය ඩිජිටල්කරණට ලක්කර  ගුණාත්මක කාර්යක්ෂම ප්‍රතිකාර සේවාවක් ලබා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රෝගීභාවයට පත්වෙන  පුරවැසියාට ලබා දීය හැකි  ඉහළම සත්කාරය, පිළිගැනීම, රෝහල් තුළින් ලබාදීම මෙන් ම පුරවැසියාට සුවපහසු, සමීප තැනක් බවට රෝහල පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් බව ද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ සෞඛ්‍ය තොරතුරු තාක්ෂණ පද්ධතිය නිල වශයෙන් ජනගත කිරීමේ සහ රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය ප්‍රමිතිකරණය ලබා ගැනීම වෙනුවෙන් එම රෝහලේ පැවති  උත්සවයකට ප්‍රධාන ආරාධිතයා  ලෙස එක් වෙමිනි.

රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා රෝහලේ වාට්ටු , සායන, ශල්‍යාගාර, රසානාගාර, විකිරණ අංශය ඇතුළු රෝහලේ සියලු ම ඒකක හා අංශ, පූර්ණ වශයෙන් මේ වන විට ඩිජිටල්කරණයට ලක්කර ඇතැයි අමාත්‍යංශය පවසයි.

ප්‍රමිතිගත රසායනාගාර සේවාවක්  ලබා දීම අරමුණු කරගනිමින් මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය-SLAB මගින් රසායනාගාර වෙත පිරිනැමෙන ප්‍රමිතිකරණය ලබා ගැනීමට  රිජ්වේ ආර්යා ශික්ෂණ ළමා  රෝහල් රසායනාගාරයේ පටක විද්‍යා අංශය අයැදුම් කර ඇති අතර රජයේ රෝහලක රසායනාගාරයක් ප්‍රමිතිකරණයට ලක් වූ පළමු අවස්ථාව මෙය වේ.



අදහස් (7)

රජයේ රෝහල් ’’සැප තැන්’’ කරන්න යයි

K.A.D.SINIDU SHANTHA Sunday, 06 April 2025 06:05 PM

රෝගීන්ට රෝහල සුවපහසු කරන්න ඕනෑ නම් මුලින්ම කරන්න ඕන රෝහලේ ඉන්න කාලකන්නි ආරක්ෂකයේ අය ටික අයින් කරලා දාන්න. එහෙම නැතිනම් ඒ කාලකන්නි ටිකට කියලා දෙන්න ඕන රෝගීන්ට හා එන අයට කතා කරන්න ඕන විදිහ. රෝහල් වලට රජයෙන් වෙනම ආරක්ෂක අංශ දාන්න ඕනෑ. පුලුවන්නම් රජයේ සෑම තැනකටම රජයෙන් වෙනම සෙකියුරිටි එක්ක දාන්න...

:       4       24

ලූට මූස් Sunday, 06 April 2025 06:28 PM

බස්නාහිරෙන් ඉර පායයි…!

:       8       13

Neel Monday, 07 April 2025 03:29 AM

ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්...

:       0       4

පුරවැසියා Monday, 07 April 2025 04:27 AM

ආරක්ෂකයින් අයින් කරන්න කියන්නෙ හිසේ අමාරුවක්ද? ලෙඩුන් සහ බලන්න එන අය හුරතල් වෙන විදියට ආරක්ෂක අංශ තදින් ඉන්න අවශ්‍යයි. නැත්නම් ඕව කෝලම් මඩු වෙයි. ඕකට රජයෙ අය පත් කලොත් ස්ට්‍රයික් කරල තවත් විකාරයක් කරයි

:       1       4

nimesh Monday, 07 April 2025 05:09 AM

දොස්තරල,හෙදියන්, අනෙකෙඋත් සියලු පිරිස් වලට ඇඟිලි සළකුණු අනිවාර්ය කරන්න. ඒක තමා පලමුවෙන්ම විය යුත්තෙ. රජය මගින් මූලික වැ‍ටුප 80% කින් වැඩි කරපු නිසා ඉස්සර දොස්තර කෙනෙක් හොරට අතිකාල ගත්ත රු ලක්ෂ 1 ආසන්න මුදල ලක්ෂ 2 කකට ආසන්න වෙනව. කිසිම අවුලක් නෑ. සේවය කරන පැය ගනනට ගෙවන්න. නමුත් දිනපතා තමාගෙ පුද්ගලික කඩයට හවස 4 ට යන කෙනෙක් කොහොමද අතිකාල පැය 4 ක් දවසට ගන්නෙ කියලත් බලන්න.

:       4       5

Don Monday, 07 April 2025 01:18 PM

සෞඛ්‍ය සේවයේ, පොලිසියේ සහ ආරක්ෂක අංශවල අයට හැකි උපරිම වැටුපක් ලබාදිය යුතුයි. දිවා රෑ නොබලා ඒ අය කරන සේවයට ඇගැයීමක් නෑ. ඒ අයගේ මානසිකත්වය යහපත් වෙන්න නම් ආර්ථික තත්වය යහපත් වෙන්න ඕනේ. ගුරුවරුන්ටත් මේක අදාළයි..

:       0       3

ගුණරත්න Monday, 07 April 2025 06:13 PM

රෝහල් සැපපහසු කරන්න තියෙන්නේ ක්‍රම දෙකයි, එකක් අපේ රට ඉතාම ධනවත් රටක් කරන්න ඕන, ධනවත් කියන්නේ සාමන්යෙන් සල්ලි තියෙන රටක් නෙවේ, සවුදිය වගේ මහා ධනවත් තෙල් රටක් වගේ වෙන්න ඕන, දෙවැනි ක්‍රමය සෞඛ්‍ය සේවා සඳහා මුදල් අය කරන එක. ඒ ඇරෙන්න මහජන මුදලෙන් බදු අය කරලා එකෙන් ඇබිත්තක් වෙන් කරලා කරන සෞඛ්‍ය සේවය කවදාවත් සුව පහසු සැප එකක් වෙන්නේ නැහැ. ඕක තේරුම් ගන්න මහා විසාල බුද්ධියක් ඕන නැහැ, සාමාන්‍ය ආර්තික දැනුම ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site