(කැලුම් බණ්ඩාර)
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණසල්ල පළ කළේය.
ශ්‍රී ලංකාවට ජපානයෙන් ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත අනෙක් රටවලින් මෙරටට ගෙන්වන විද්‍යුත් මෝටර් රථ සඳහා පනවනු ලබන බදු අනුපාත සමග සංසන්දනය කිරීමේදී ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාව සහ ජපානය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹෙන්නේ නම් ජපානයෙන් මෙරටට ගෙන්වන වාහන සඳහා පනවනු ලබන බදු අනුපාත පිළිබඳව අනිවාර්යයෙන්ම සාකච්ඡාවට බඳුන් විය යුතු බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් හුදෙක් දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් තිබෙන බව පෙන්වා දීම සඳහා ජපානය ශ්‍රී ලංකාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමකට සූදානම් නැති බවද ඔහු පැවසීය.
කෙසේ නමුත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී නොමැති බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් යථාර්ථවාදී වනු ඇත්තේ ඉන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පමණක් බවද ඉසොමාටා මහතා පැවැසුවේය.
දේශපාලනමය හෝ සංකේතාත්මක හේතුන් මත නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට ජපානය කිසිසේත් සළකා නොබලනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජපානය ලද අත්දැකීම් බෙදාහදා ගනිමින් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ තීරුබදු ප්‍රකාශයට පත්කළ වහාම පසුගිය අප්‍රේල් 7 වැනිදා ජපාන අගමැතිවරයා ජනපති ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත් එහිදී තීරු බද්ද සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ඒ වෙනුවෙන් අමාත්‍යවරුන් දෙදෙනකු පත්කළ බවත්ය.
ඇමෙරිකාව සමග ජපානයට වෙළෙඳ ගැටලුවක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් ජපානයට මෙය අලුත් අර්බුදයක් නොවන බවත් ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
මීට පෙර කපු රෙදිපිළි විශාල ප්‍රමාණයක් ඇමෙරිකාවට අපනයනය කළ 1930 දශකයේදීද මෙවැනිම ගැටළුවක් ඇතිවූ බවත් එහිදී යම් ආකාරයක ස්වේච්ඡා අපනයන සීමාවන් ක්‍රියාත්මක කිරීමට ජපානයට සිදුවූ බවත් ඉසොමාටා මහතා පැවැසුවේය. නැවතත් 1970 දශකයේදීද මෙවැනිම ගැටළුවක් මතුවූ බවද ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේය.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජපානය කනස්සල්ලෙන්
Aruna Tuesday, 13 May 2025 02:52 PM
අනිවාරයෙන් අර හිටපු නිදියන ද සිල්වා කරපු වැඩේ සහ එයට හිටපු ආණ්ඩු ගත්තු තීරණ වල තරම තමයි..
Anura Tuesday, 13 May 2025 03:13 PM
ලංකාවේ මධ්‍යම පාන්තිකයින්ගේ කාර් සිහිනය හොඳින් හෝ නරකින් හෝ හැබෑ වෙන්නයි යන්නේ...
NPP Tuesday, 13 May 2025 04:32 PM
එහෙම නම් ආන්ඩුවට පුළුවන්නේ හොඳ තීරණයක් ගන්න. මහ මැතිවරණයේදී කණගාටුවට පත්වන්නට ඉඩ ඇත...!
Asela Tuesday, 13 May 2025 06:05 PM
ස්වල්ප දෙනෙක් හැරෙන්නට, NPP/JVP පක්ෂය උපතින්ම දුක්ඛිත සහ මධ්‍යම පාන්තික වෛරක්කාරයින් වන අතර ඔවුන් මෝටර් රථයක් තිබීම සුඛෝපභෝගී දෙයක් යැයි සිතති. දැන් බලයේ සිටින අය එකම ආකාරයකින් සිතන්නේ මුදල් ඉතිරි කිරීමට ඇති ආදරය නිසා නොව ඉතා පසුගාමී ජීවන රටාවක් ගත කිරීමටයි. ඔවුන්ට ඇත්තටම ඉතිරි කිරීම පාලනය කිරීමට අවශ්‍ය නම්, නාස්තිය ගැන කිසිවෙකු තැකීමක් නොකරන රජයේ කාර්යාලයකට හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට යන්න. එය කෙසේ වෙතත්, මෙම අමන බොරුකාරයෝ පසුගිය මැතිවරණවලදී පහසුවෙන් කලබල වූ ජනතාව බූරුවන් ලෙස රවටා ගත්හ. එකක් පැහැදිලියි. කෙබර කොටා 2028 වන විට කාර්යාලයෙන් පිටව යනු ඇත්තේ කිසිදු සංවර්ධනයක් නොමැතිව ඔහුගේ කාර්ය මණ්ඩලය සමඟ පුරසාරම් දොඩමින් පමණි.
ගුණරත්න Tuesday, 13 May 2025 06:51 PM
මේ ආණ්ඩුව සහ එහි සගයන් හිතාගෙන ඉන්නේ අපිට ඕන තරන් බදු ගහන්න පුළුවන් කියලා, ඒත් එකේ අනිත් පැත්තට අපේ බඩු වලටත් බදු ගහන්න අනෙත් රටවලට පුළුවන් කියලා කල්පනා කරන්නේ නැහැ. දැන් මිල බැස්සුවොත් වාහන ගෙන්වන්න දුන් කාලේ ගෙනා අලුත් වාහන කෝටි ගණන් දීලා ගත්තු ඔවුන්ට සහ ලීසිං කාරයොන්ට මොකද වෙන්නේ? ආණ්ඩුවට දැන් මේක කොහොමටවත් හරවන්න බැරි මට්ටමකට ඇවිත් තියෙන්නේ. ඉතින් අන්තිමේ අපේ අපනයන වර්ජනය කරන තැනකට විදේශ රටවල් යොමුවීම තමයි වෙන්නේ. අලුත් ආර්ථික අර්බුදයක් මවලා මේ ආණ්ඩුව ගෙදර යාවි...
fairoos Tuesday, 13 May 2025 07:24 PM
ලංකාවේ වාහන මිල අඩුවෙනවා කියන්නේ... සිහිනයක් පමණයි.
don Tuesday, 13 May 2025 07:35 PM
මේ අලුත් ආණ්ඩුව තරම් ධනවතුන් වෙනුවෙන් UNP හෝ පොහොට්ටුව වත් පෙනී ඉඳලා නැහැ ඉතිහාසයේ...
Lalla Tuesday, 13 May 2025 08:56 PM
අපනයන ප්‍රවර්ධනය නොකර තීරුබදු වලින්ම රට ගෙනයන්න හදන එක විහිලුවට කරුණක් කියල තේරෙනවා නොවේද? අපනයනය කිරීමට භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් සමහර අමුද්‍රව්‍ය ආනයනය කරන්න ඕනෑ කියලා රජය නොදන්නා විදියට නේද කටයුතු වෙන්නේ...?