ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද පරස්පර ප්‍රකාශ වලින් ආණ්ඩුව පොදු එකඟතාවකින් කටයුතු කරන්නේ දැයි සැකයක් මතුව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (6) ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක දී පැවැසීය.
විෂමතාවක් හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම තනතුරෙන් ඉවත් කළා නම් ඔහුත්, ඔහු පත් කරන ලද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මේ ආණ්ඩුව විසින් පිහිටුවන ලද මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය ඉදිරියට පැමිණ විය යුතු බව ඔහු කීවේය.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා මෙසේ පැවැසීය.
‘අද රට ආරාජික තත්ත්වයකට පත්වෙලා. අද රට යහපාලනය නෙවෙයි කිසිදු පාලනයක් නැති රටක් බවට පත්වෙලා. අද රටේ ආණ්ඩුවක් නැහැ. රහස්‍යභාවය කියන සංකල්පය වංචාකාරී ලෙස භාවිත කරනවා. බැඳුම්කර සිදුවීමේදී කෝප් කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රහස්‍ය තොරතුරු බව පවසමින් කරුණු සඟවන්න උත්සාහ කරනවා. රහස්‍යභාවය කියන සංකල්පය භාවිත කරමින් මේ කරුණු සඟවන්න උත්සාහ කරනවා. එම නිසා මෙම කරුණු අනාවරණය කරමින් මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය සුරක්ෂිත කිරීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කටයුතු කළ යුතුයි.’ ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘රජය බැඳුම්කර සිද්ධිය වසන් කරනවා‘ - ජී.එල් පීරිස්
ශාන්ත Thursday, 07 July 2016 12:12 AM
මතකද අර හෙජින් ගනුදෙනුව? ඒකත් හංගලා නරක පූර්වාදර්ශයක් දුන්නේ (නි)
ශක්ති Thursday, 07 July 2016 12:52 AM
බලය නැතිවෙනකොට කෙඳිරිගානවා. තමන්ගේ උගත්කමත් අමතක වෙනවා. 2010 වසරේ සිට බැඳුම්කර, විදේශ ආයෝජන ගැන පරීක්ෂණ අවශ්‍යයි. (නි)
මංගල වේලාරත්න Thursday, 07 July 2016 12:59 AM
විපක්ෂය කියාගන්න පිරිසට සියලුම දේවල් වැරදියටම පෙනීමට බෙහෙත් නැහැ (නි)
හිමාල් Thursday, 07 July 2016 03:15 AM
අර එතකොට ග්‍රීසියේ බැඳුම්කර ප්‍රශ්නයට මොකද වුණේ? (නි)
මංගල වේලාරත්න Thursday, 07 July 2016 04:03 AM
ශාන්ත හෙජින් විතරක්ද ග්‍රීසිය බන්කොළොත් වෙනවිට ආයෝජනය ඉතිරිකිරීමේ බැංකුවේ කොටස් ගැනීම ඒවා මතක නැති බංකොලොත් අය (බ)
සුසිල් Wednesday, 06 July 2016 02:36 PM
කබ්රාල්ලා ඉන්නකොටත් ඔබ ඔය විදියට මහ බැංකුවේ නිර්මලභාවය හා විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න කළාද? (නි)
විජය Thursday, 07 July 2016 09:30 AM
අපි මහේන්ද්‍රන්ටත් විරුද්ධයි, මේ උගත් යයි කියන අය එදා කබ්රාල් කරපු හොර වහපු එකටත් විරුද්ධයි, මේවා විවේචනය කරන්න ඕන හොඳ පිවිතුරු අය, පිවිතුරු කිව්වට පිවිතුරු හෙළ උරුමය නොවේ (බ)