IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න

(සුජිත් හේවාජුලිගේ)

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට අද(20) ලිඛිතව දැනුම් දුන්නේය.

සම්පන්දන්  මහතාගේ දියණිය බංගලාව පසුගිය 12 වැනිදා  බාර දෙන බවට අමාත්‍යාංශයට ලිපියකින් දැනුම් දුන්නද අද(20) වනතුරුද නිවස  බාරදීමට කටයුතු කර නොතිබිණ.

සම්පන්දන් මහතා  පසුගිය ජුලි මස 01 වැනිදා අභාවප්‍රාප්ත විය. ඔහු මියයාමෙන් පසුව සම්පන්දන් මහතාගේ පවුලේ සාමාජිකයෝ එම බංගලාවේ තවදුරටත් රැඳී සිටිති.

සම්පන්දන්  මහතා විපක්ෂ නායක ධූරයෙන් ඉවත්වීමෙන් පසු එවකට රජයේ කැබිනට් මණ්ඩලය  ඔහුට දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය දරනතුරු එම බංගලාව ලබාදීමට තීරණය කර තිබිණ

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද  මහතා තවමත් රැඳී සිටින්නේ සමිට් නිවාස සංකීර්ණයේ රජයේ  නිවාසයකය.



අදහස් (2)

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න

Small man Thursday, 21 November 2024 06:35 AM

මේවා අවභාවිතා කරලා රජයට වුණ පාඩුව අයකරගන්නේ නැද්ද එතකොට.

:       0       8

sam Friday, 22 November 2024 02:35 AM

මේ අයට ලැජ්ජා නැද්ද? මේකට සම්පන්දන්ගේ දුවට ලොකු දඩයක් ගහන්න. මොවුන් යාපනේ මිනිස්සුත් සූරං කාලා තවමත් රාජ්‍ය දේපළ සූරන් කනවා. ලැජ්ජයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site