IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


රාජ්‍ය පාලනයට තරුණ අදහස් ගන්න යාන්ත්‍රණයක්

(අංජුල මහික වීරරත්න)

නව පරපුරේ  කතිකාව (Gen Z Dialogue) ඇති කරමින් එම අදහස් රාජ්‍ය පාලනයට භාවිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ වෙනුවෙන් ජාතික මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමින් යොවුන් කේන්ද්‍ර ස්ථාපිත කර  එම කතිකාව සංවිධානය කිරීමේ වගකීම ජාතික තරුණ සේවා සභාවට පවරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (30) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුව අමතමිනි.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම නියෝජනය කරමින් තරුණ නායක නායිකාවන් ඇතුළු නියෝජිතයන් මෙම  අවස්ථාවට එක්ව සිටියහ.

රටේ හෙට දවස බාර වන්නේ අද දවසේ තරුණ පරපුර බව පෙන්වා දුන් ජනාධිපතිවරයා Gen Z පරපුරට ඔවුන් ඉපදුණු දා සිට හැදි වැඩුණු, දියුණු වෙන තාක්ෂණ ලෝකයත් සමඟ ඉදිරියට යාමට අවශ්‍ය ඩිජිටල් දැනුම සහ පන්නරය ලබාදීමට කටයුතු කරන බව කීය. ඩිජිටල් අළෙවිකරණය, සේවාදායකන්ට නිදහස් සේවාවන් සැපයීම Freelancing, විද්‍යුත් වාණිජ කාර්යයන් ආදි ක්ෂේත්‍රයන්හි පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් තරුණ තරුණියන්ට නව ආදායම් උත්පාදන මාර්ග විවර කරන බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ආර්ථිකය ශක්තිමත් වන විට පිබිදී එන නවීන කෘෂි සංස්කෘතිය, පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරය ආදී ක්ෂේත්‍ර තුළ රැකියා ලබා ගැනීමටත්, නව ව්‍යවසාය ආරම්භ කිරීමටත් තරුණයන්ට අවශ්‍ය පසුබිම සකසා දෙන බවද ජනාධිතිවරයා සඳහන් කළේය.

එසේම දේශපාලන ක්ෂේත්‍රය සඳහා තරුණ නියෝජනය ඉහළ නැංවීමට අවශ්‍ය පසුබිම සකසා දෙන බව පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොවුන් පාර්ලිමේන්තු උපදේශක කාර්යාලයක් ස්ථාපිත කර නව පරපුරේ දේශපාලන දැනුම ඉහළ නැංවීමට කටයුතු කරන බවද සඳහන් කළේය. 

තමාට අවශ්‍ය Gen Z පරපුර මේ රටේ නායකත්වය භාර ගැනීමට හැකි පිරිසක් ලෙස නිර්මාණය කිරීම බව පැවසූ ජනාධිපතිවරයා 2015 සහ 2020 දී බිඳ වැටුණු තාරුණ්‍යයේ අපේක්ෂා “පුළුවන් ශ්‍රී ලංකා” වැපිළිවෙළ තුළින් යළි මල් ඵල ගන්වා තිබෙන බවද පෙන්වා දුන්නේය. 



අදහස් (14)

රාජ්‍ය පාලනයට තරුණ අදහස් ගන්න යාන්ත්‍රණයක්

ගමේ එකාලා Friday, 30 August 2024 06:12 PM

දැන් දැන් අලුත් අලුත් දේවල්, අදහස් පහළ වෙනවා වැඩියි. ඡන්දේ කිට්ටු වෙනකොට ඔහොම තමයි...!

:       7       40

Rasika Friday, 30 August 2024 06:40 PM

ඊට වැඩිය හොඳ නැද්ද ඔබතුමා තරුණයින්ට රට බාරදීලා ... විවේක ගත්තා නම්...!

:       13       44

SaraSaturday, 31 August 2024 11:54 AM

අන්න බන්ගලිදේසේ නම් තරුණයන්ට බාර දීලා.

:       0       12

SaraSaturday, 31 August 2024 11:55 AM

අන්න බන්ගලිදේසේ නම් තරුණයින්ට බාර දීලා.

:       0       11

ජයනාත් Friday, 30 August 2024 07:06 PM

ඡන්දෙ කාලෙට මතක් වෙන ඒවා මාරයි.. අද ඊයේ දේශපාලනයට ආපු කෙනෙක් වගේ...!

:       9       37

nalaka Friday, 30 August 2024 07:56 PM

අන්න අර passport ටික දීලා ඉන්න සීයේ...

:       9       31

chandima Saturday, 31 August 2024 02:04 AM

දැන්නම් ඉතින් සීයට වයසට ගිහින් නිසා තරුණයෝ තරුණයින් ඔය වැඩේට හවුල් වෙයි. ඉස්සර නම් කොල්ලෝ පැත්ත පළාතේ එන්නේ නැහැ හොඳ ප්‍රසිද්ධ පොරක් නිසා. හැබැයි ඒ වුණත් මේ තරුණ කොල්ලන්ගේ දෙමව්පියෝ ඒ කාලේ තරුණයෝනේ... ඒ ගොල්ලෝ කොල්ලෝ එවන්න කැමැති වෙයිද?

:       0       6

malima Saturday, 31 August 2024 02:26 AM

අගමැති වෙලා උන්නු කාලේ ඔව්වා මොලේට ආවේ නැතෙයි?

:       2       10

Chathuri Saturday, 31 August 2024 05:04 AM

අනේ මේ තරුණ දරුවෝ. හරියට කෑමක් බීමක් නැහැ... අතේ සතේ නැහැ අද මේ විදියට පාරට වැටුනේ මේ හොරු නිසා නේද කියලා හිතන්න මොලයක් නැත්ද? මවු කිරිද බිව්වේ රබර් කිරිද? මේ විදියට ඇදෙන්නේ... මේ තරුණයින්ව අනුරට බාරදීලා. බ්‍රේන් වොශ් කරලා. කොන්ද පණ ඇති. නායකයින් කරන්න ඕනෑ. හරි ලැජ්ජයි මේ ලෝක හොරුන්ව නැවත පත් කරලා කඳුළු ගෑස් ගහ ගන්න වෙන්න ඇති. මේදා සැරේ ගෑස් සිලින්ඩරයෙන්ම පිච්චලා දායි.

:       2       10

C.K.Lankaputhra Saturday, 31 August 2024 05:47 AM

නාකි සෙට් එකක් වටකරගෙන අරගලයට කෙලින්න ප්ලෑන් ගහපු මිනිහා දැන් තරුණයින්ගෙන් අදහස් ගන්න කතා කරනවා. දුවන්න පාර හොයා ගන්න බැරිවෙලා වගෙයි...

:       3       12

Asela Saturday, 31 August 2024 10:24 AM

ඡන්දෙ කාලෙට තරුණයින්ටම රට බාරදෙන්න කතාව, ඡන්දෙ දින්නාට පස්සේ කරන්නේ තරුණයින්ට පොලිසියෙන් දාලා එළව එළවා ගහන එක...

:       4       16

MalikaSaturday, 31 August 2024 11:01 AM

ඇයි තවත් බටලන්දක් නිර්මාණය කරාවි. මොකද තරුණ තරුණියන්ගේ නිර්මාණ හැකියාවන් හදන්නේ මෙයාට ඕනෑ විදියට. එළියට දාන්නේ තරුණයින් මගින්. තරු පිරිසට ඕනෑ ඒවා ඒ හැටියට එළියට ආවොත් පොලිසිය ගෙනත් මර්දනය...

:       4       12

SaraSaturday, 31 August 2024 11:56 AM

ඒ තරුණයින්ටයැ පිස්සන්ටනේ...!

:       0       10

Rata Perata Saturday, 31 August 2024 01:00 PM

මෙතැන ඉන්න තරුණ අයගේ විකාර දැක්කාම තරුණයෙක් කියන්නත් ලැජ්ජයි. ගෝල්ෆේස් එකේ හිටපු තරුණයන්ට එළව එළවා ගැහුවේ අදහස් ගන්න වෙන්න ඇති නේද? වටේ ඉඳගෙන සෙල්ෆි ගන්න අයට මොලේ ටිකක් තිබුණා නම් හොඳයි මේවා ගැන හිතන්න...

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2454 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 659 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 859 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1199 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 706 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 451 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 376 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site