IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට

(අංජුල මහික වීරරත්න)

ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් විධි විධාන ආයතන සංග්‍රහයේ 1 වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ ඇතුළත් වේ.

දිවයිනෙන් බැහැරව නිවාඩුවක් ගත කර පැමිණ මාස 9ක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කිරීමට පෙර නැවත දිවයිනෙන් බැහැර නිවාඩුවක් ඉල්ලුම් කරන රජයේ නිලධරයකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තියේ විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැක්කේ එම වර්ෂයට අදාළ විවේක නිවාඩු කිසිවක් ඒ වන විට ලබා ගෙන නොමැති නම් පමණි. 

එකී විධිවිධාන අනුව යම් නිලධාරියෙකුට එක් ලිත් වර්ෂයක් තුළදී පෞද්ගලික කාරණ සඳහා විදේශගතවීමට හැකියාව පවතිනුයේ උපරිම වශයෙන් දෙවතාවක් පමණි.

වර්තමානයේදී රජයේ නිලධරයන් රාජකාරි අවශ්‍යතා සඳහා මෙන්ම, පෞද්ගලික අවශ්‍යතා සඳහා ද කෙටිකාලීනව විදේශගත වන බැවින් ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ඡේදයේ 8.5 උප වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කිරීමේදී විවිධ ගැටලු වලට මුහුණ පෑමට සිදු වන බව නිරීක්ෂණය වේ. 

එබැවින්, මෙ රටින් බැහැරව ගත කරන නිවාඩුවකින් පසු රාජකාරියට වාර්තා කළ නිලධරයෙකු, එම වර්ෂයේදීම නැවත වරක් විදේශ නිවාඩු ලබා ගැනීමට අදහස් කරන විට එම නිලධරයාට එසේ නිවාඩු ලබාගන්නා වර්ෂයට හිමි ඉතිරි විවේක නිවාඩු ලබා ගැනීමට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

රාජ්‍ය නිලධරයන්ට රට යද්දී තිබූ බාධාවක් ඉවතට

de silva berlin Wednesday, 05 February 2025 07:39 PM

මෙහෙම නීති ලෝකේ කොහේවත් නැතුව ඇති යම්කිසි පුද්ගලයෙකුට නිවාඩු. තිබෙනවා නම් ඔහුට හෝ ඇයට නිවාඩුව කැමැති තැනක ගතකරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ත්‍රිවිද හමුදා, පොලිස් වැනි සංවේදී රජයේ සේවකයින් ඇරුණාම අනික් මිනිස්සු නිවාඩු කොහේ ගතකළත් කාටවත් ඇති අමාරුව කුමක්ද?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site