IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජයේ ක්‍රමවේදයට පිටුපාන ඉන්ධන හල්වලට වැඩ වරදි

(යොහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

සියලුම පිරවුම්හල් වෙත බෙදා හරින ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. ක්‍රමවේදය භාවිතා කරමින් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳව පසුගිය සති දෙකේ දත්ත පරික්ෂා කළ බවත් අත්‍යවශ්‍ය සේවා, පොදු ප්‍රවාහනය, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත සහ සංචාරක කර්මාන්ත ප්‍රමුඛ කර ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ මහජන පැමිණිලි පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය පිළිබඳව කොලොන්නාව ඛනිජ තෙල් බෙදා හැරීමේ පර්යන්තයේදී පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී බලශක්ති අමාත්‍යවරයා එසේ පැවසීය. බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් ඉන්දික අනුරුද්ධ, සුරේන් රාඝවන් සහ මදුර විතානගේ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (3)

රජයේ ක්‍රමවේදයට පිටුපාන ඉන්ධන හල්වලට වැඩ වරදි

pakeer Sunday, 14 August 2022 05:11 PM

ඔව් මේ ක්‍රමය කෙසේ හෝ ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම මේ ක්‍රමයම ජංගම දුරකථන වලත් හඳුන්වා දෙන්න. ඒ කියන්නේ එක පුරවැසියෙක්ට තියෙන්න පුළුවන් එක දුරකථනයයි. දෙකක් බැහැ. මේ වගේ හැමදේම පාලනය කරන්න ඕනේ. මට විශ්වාසයි එහෙම වුණොත් ඩොලර් මිලියන 100ක් වත් මාසයකට ඉතුරු කරගන්න පුළුවන් අඩුම ගානේ...!

:       2       17

de silva Sunday, 14 August 2022 08:22 PM

පොම්පකාරයො පගාව අරන් ෆුල්ටෑන්ක් ගහනව. මේ ගැන සොයා බලා මෙවැනි දේවග කරන මිනිස්සු මාසයකට දෙකකට හිරේ දමන්න පුළුවන් විදිහට නීති සම්පාදනය කරන්න. මෙම ක්‍රමය ආරක්ෂා කළ යුතුය.මේ දෙන ඉන්ධන ප්‍රමාණයෙන් තමතමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න මිනිස්සු අද පුරුදු වෙලා ඉන්නවා. මිල ඉහළ ගිය නිසා සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඉන්ධන භාවිතය අද වන විට 50% අඩු වෙලා. පසුගිය කාලෙ ඉන්ධන වලින් 50% ජාවාරම්කාරයො හොරකම් කළා පෙනී යනවා. අද කළු කඩකාරයො අමාරුවෙ වැටිලා.

:       0       17

podimalli Monday, 15 August 2022 12:21 PM

ද සිල්වා මහතාගේ කතාව.. ඇත්ත. පොම්පකරු අධීක්ෂණයට. කෙනෙක් පත්කරානම් හොඳයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වැඩිපුර සේවකයෝ ඇතිනේ. පසුගිය කාලේ උපාධි පත්වීම් එහෙනේ... ඇමැතිතුමාත් උපරිම උත්සාහය දරනවා. වැරැදිම හොයන්නේ නැතිව කවුරුත් උදව් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 454 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 250 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site