IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අවුල්

(අංජුල මහික වීරරත්න)

සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ඉංජිනේරු මේජර් රංජිත් ගුණතිලක මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී පැවසීය.

රාජ්‍ය අංශයේ ඉදිකිරීම් බොහොමයක් අසාර්ථක වීමට මෙම කාරණය ඍජුව බලපා ඇති බව ද ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා කීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ කමිටුවක් පත් කර මේ පිළිබඳව නිසි සොයා බැලීමක් කළ යුතු බවයි.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (12)

රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අවුල්

ravin Thursday, 16 June 2022 07:53 AM

ඩෙශපාලුවන්ගෙ ැහිල්ලට ශක්‍යතා සහතිකයක් මොකටද? එහෙම ශක්‍යතා අධ්‍යන හා සහතික ගත්තානම් රට මෙ තත්වයට වටෙවිද?

:       0       23

IdeanandaThursday, 16 June 2022 01:08 PM

රටේ සංපූර්න රාජ්‍ය යාන්ත්‍රණයම අවුල්නම් ඉදිකිරීම් පිළිබඳව කවරකතා ද ?

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 June 2022 08:02 AM

බන්දුල ගුණවර්ධන මහත්තයලා මේවාට හේතු හොඳහැටි දන්නවා. දැන් බබාලා වගේ තමයි මොකුත් නොදන්නා විදිහට හැසිරෙන්නේ. මේ රටේ අධිවේගී මාර්ග ඇතුළු රජයේ හැම ඉදිකිරීමක් සඳහාම කොන්ත්‍රාත් කරුවන් ඉහළ සිට පහළම දේශපාලකයන් හට දොළ පිදේනි, කොමිස් මුදල් ගෙවීමට සිදුවුණා. බොහෝ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලැබුණේ දේශපාලකයන්ගේ කිට්ටු නෑදෑ හිතවතුන් හට. ඒ නිසා කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය ආකාරයට ඉදිකිරීම් කටයුතු සිදුවුණා. වගකිවයුතු ඇතැම් ඉහළ නිලධාරීන් ඔහේ පැමිණ, නිකන්ම බලා ගියේ ඔවුන්ටද දොළ පිදේනි කොමිස් මුදල් ලැබුණ නිසාවෙන් තමයි. අඩුම තරමේ ගෙයක් ඉදිකිරීමේදී අදාල ප්‍රාදේශීය සභාවේ TO නිලධාරියා ලවා ප්ලෑන් එක මුදල් ගෙවා අන්දවා ගත යුතුයි. එසේ නොකළ හොත්,වැඩේ කෙරෙනවා බොරු. මෙය තමයි මේ රටේ පවතින යථාර්ථය.

:       0       30

senaThursday, 16 June 2022 01:26 PM

මෙ මෙ ටී.ඕ මහත්තුරුන්ගෙ පෑලෑන් ඇදිල්ලේ කතාවනම් මටත් උනා මම ඉංජිනේවෙක් ලවා අන්ඩ ගත්ත ප්ලන් එක අනුමත කරන්න බැහැ කිව්ව. ඊට පස්සෙ ටී. ඕ. ට සල්ලිදීලා ප්ලෑන් එකක් අන්දදවගත්තා..

:       0       17

චින්තක Thursday, 16 June 2022 10:05 AM

අපි 1971 කාලයේ කැරැල්ල කාලයේ සිදුවීම් හා 1988-89 කාලයේ කැරැල්ල දැක්කා නමුත් එම කාලයේ කරපු අපරාධ 2009 සිට මහින්ද ජනාධිපති කරපුදේත් 2019 සිට පොහොර නොදීම වැනි අපරාධ තරමට බරපතළ නැහැ කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශයට කටයුතු කලා. නමුත් ජවිපෙ කැරලි වලින් රටේ පිරිසක් මියගියත් රට මෙතරම් අහේනියට පත්වුනේ නැහැ. රටේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි

:       4       20

mahinda Thursday, 16 June 2022 11:21 AM

ඔහු මහ බැංකු වංචාවට දොරටු විවර කලේය. අද අප අත් ව්දිනා අර්භූදයේ ප්‍රධන කොටස් කරුවකි. රාජපක්ෂලාගේ මැදමුලන ගුබ්බෑයමේ වත්මන් කසල සෝදකයායි.

:       5       18

Rata Perata Thursday, 16 June 2022 11:50 AM

කමිටු රනිල් - ගැසට් ‌ඝෝටා

:       1       6

Ideananda Thursday, 16 June 2022 12:51 PM

ඉදිකිරීම්වල සිටින ඉන්ජිනේරුවන්ද ඊට පහලින් සිටින සියලුදෙනාම ද ඊට ඉහලින් සිටින අනුමතකරන, යෝජනාකරන අයගේ සිටම බහුතරයම හොර නඩයකි. පිටිසර පාත්වලන ම් 95%ක්ම ඉන්නේ ඔය කියන වගේ හොරුන්. පාරක් කඩා යථාතත්වයට පත්කරන්නේ වලක් තිබෙන ලෙසටමයි. රටේ හැමතැනම මනාව පෙනෙන්නක්. අන් දේවලුත් විවෘතකර ටිකදවසකින්ම ඉදිකිරීම කඩාවැටීම ආරම්භ වෙනවා.එය ඔතන සිටින සියලුම දෙනාගේ සිත් හොදටම දන්නවා. වික්ටෝරියා වගේ දේවල් ලංකාවේ අය කලානම් මෙලහකටත් ඉවරයි. ඉහල සිට පහලටම හොරුමතාමයි.

:       0       12

කෝරළගෙ Thursday, 16 June 2022 02:10 PM

මුලුරටම කඩා වැටීමට හේතුව පළමුවෙන් කළයුත්තේ රජපක්ෂලා නොමැති පාලනයක් ගොඩනැගීමයි. රාජපක්ෂලා බලයේ සිටින තුරු අපට විදේශ විනිමය නොලැබෙන අතර එමගින් තෙල්, ගෑස් මිලදී ගැනීමට නොහැකි වීමෙන් රට තවතවත් ආර්ථික පරිහානිය කරා ගමන් කරනවා.

:       1       7

හර්ෂ Friday, 17 June 2022 07:29 AM

ප්‍රධානම හේතුවක් වන්නේ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ සම්මානලාභී ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැනි ආයතනවලට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවට හොර, තක්කඩි දේශපාලන හෙන්චයියන් පත්කිරීම මෙම ව්‍යවසනයට ප්‍රධාන හේතුවක් විය.

:       0       0

Gayan Friday, 17 June 2022 10:40 AM

බෟද්ධාලොක මාවත SLBC ගොඩනැගිල්ල ලගදි හදල තියෙන්නෙ UDA එකෙන්. හොයන්න ඒ්ක මොකටද හැදුවෙ කියල. දැන් ඒ්කෙන් මොකද කරන්නෙ කියල.

:       0       0

Mr xxxxcxc Saturday, 18 June 2022 09:53 AM

ඉදිකිරීම් විතරක් නොවෙයි ගොඩක් දේවල් අවුල්වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිමය වැරදි තීරණ හේතුවෙන්. හරිදේ කිරිමට සිස්ටම් නොමැති වීම හේතුවෙන්. ඒ වගේම තමයි හරි දේ කරන අය අමාරුවෙ වැටිම. ඒ වගේ දේවල් වෙනස් වුණොත් ඉදිකිරීම් පමණක් නොවෙයි හැමදේම හොඳට සිදුවෙයි. අපේ රටේ නරකයි කියන අය පිටරට ගියාම හොඳට කරන්නේ පවතින ක්‍රමවේද හොඳ නිසා මිස මිනිසුන් හොඳ නිසා නොවෙයි. එබැවින් සිස්ටම් හදන්න සිටින අය ගැලරියට කතා කලොත් තිබෙන හොඳ ටිකත් කඩා වැටෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 522 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site