IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ රජය අඬබෙර ගැහුවත් පෝර මිලේ වෙනසක් නෑ‘

(අජිත්ලාල් ශාන්තඋදය)

මෙවර යල් කන්නයේ වී වගාකරන ගොවීන්ට යූරියා සහ එම්ඕපී (මඩ පොහොර) අඩුමිලට දෙන බවට රජය පැවසුව ද රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවිජනසේවා මධ්‍යස්ථාන වල පොහොරවල මිල අඩුවක් නැති බව ගොවීහු කියති.

ඒ අනුව යූරියා කිලෝවක් රුපියල් 200 සහ එම්ඕපී කිලෝවක් රුපියල් 390 බැගින් මෙවරත් අලෙවි කරන බව ගොවීහු පවසති. ගිය යල් කන්නයේ දී ද අලෙවි කළේ එම ගණන්වලටය.

ඒ අනුව කිලෝ පනහේ යූරියා මල්ලක් රුපියල් 10000ක් සහ එම්ඕපී කිලෝ පනහේ මල්ලක් රුපියල් 19500ක් පමණ වන බවට ගොවීන් මැසිවිලි නඟයි.

නමුත් කන්නය මුලදී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසුවේ යූරියා සහ එම්ඕපී පොහොර මිල අඩුකර යල් කන්නයේ ගොවීන්ට ලබාදෙන බවයි.

පසුගිය යල් කන්නයේ ද එම්ඕපී පොහොර කිලෝ පනහේ මල්ලක් රුපියල් 19500ක් වු බැවින් ගොවින් වැඩි දෙනෙක් වී වගාවට එම්ඕපී  යෙදීමෙන් වැළකී සිටියේය. 

 

 



අදහස් (2)

‘ රජය අඬබෙර ගැහුවත් පෝර මිලේ වෙනසක් නෑ‘

චිරන්ත Thursday, 11 May 2023 12:39 PM

අඩුකරන්නේ කොහොමද? රටපුරා අණබෙර ගහන්න වියදම් යනවා. අණබෙරකරුවන් තෝරා ගන්න ටෙන්ඩර් සඳහා වියදම් යනවා.. බෙරකරුවන්ට ගෙවන්න වෙනවා. ඒවා එකතුවන කොට කියපු ආකාරයට දෙන්න බැහැ තමයි. ඒ නිසා කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනෑ...

:       0       0

fairoos Thursday, 11 May 2023 12:49 PM

ඇමතිගේ කයිවාරු විතරයි.මේ කාලකන්නි රනිල් රාජපක්ෂ ආණ්ඩුව තියනකම් රට ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site