IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


රජයේ ආයතන 4 ක තොරතුරු පරස්පරයි

(තරිඳු ජයවර්ධන)
 
මධ්‍යම පරිසර අධිකාරිය කුඩා ජල විදුලි බලාගාර 256කට අනුමැතිය ලබා දී ඇතැයි තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී අභියාචන විභාගයක දී අනාවරණය විය.
 
ඒ අතුරෙන් 240කට මධ්‍යම පරිසර අධිකාරිය සෘජුවම අනුමැතිය ලබා දී ඇති බවත්, 16කට වෙනත් ව්‍යාපෘති අනුමත කිරීමේ අනුයෝජිත ආයතනවලට එකඟත්වය පළ කර ඇති බවත් අධිකාරිය සඳහන් කරයි.
 
2016 සිට 2017 වසර දක්වා මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබා දුන් කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව තොරතුරු දැන ගැනීමේ පනත අනුව ඉල්ලා සිටි අවස්ථාවේ 131ක් ලෙස දන්වා එවා තිබිණි. 2010 වසරේ සිට 2018 වසර දක්වා අවසර ලබා දුන් ජල විදුලි බලාගාර ලැයිස්තුව දෙවැනි ඉල්ලීමෙන් ඉල්ලා සිටි අවස්ථාවේ එම ගණන ද 131ක් ලෙස අධිකාරිය දන්වා එවා තිබිණි. මෙම පරස්පරතාවය පිළිබඳ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ දී මාස කිහිපයක් තිස්සේ විභාග කෙරුණි.

මුල් තොරතුරු ඉල්ලීමට අදාළ කාල වකවානුව වැරදීමකින් වෙනස් වී ඇති බවත්, දෙවැනි තොරතුරු ඉල්ලීමට අදාළ ලැයිස්තුව නිවැරදි බවත් මධ්‍යම පරිසර අධිකාරිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම සදහා වූ කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.  මතුවී ඇති පරස්පරතාවය නිවැරදි කර ගැනීම සඳහා 2010 වසරේ සිට 2019 දක්වා අවසර ලබා දුන් කුඩා ජල විදුලි බලාගාර ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙස තොරතුරු කොමිසම මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය. ඒ අනුව 2010 සිට 2019 දක්වා කාලය අධිකාරිය ද කුඩා ජලවිදුලි බලාගාර 256කට අනුමැතිය ලබාදී ඇති බව දැන්වීය.

ඉන් පසු ඇතිවූ පරස්පරතාව ගැන තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා නියෝගයට අනුව ‘‘පොදු අධිකාරිය හෙවත් මධ්‍යම පරිසර අධිකාරිය කරුණු දක්වමින් පවසා සිටියේ මෙවැනි කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා මධ්‍යම පරිසර අධිකාරිය පමණක් අනුමැතිය ලබා නොදෙන බවත් ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය විසින්ද අනුමැතිය ලබා දුන් අවස්ථා ද විය හැකි බවයි. මධ්‍යම පරිසර අධිකාරිය 1996 ආරම්භ කරන අවස්ථාවේද මෙලෙස අනුමැතිය ලබා දුන් ව්‍යාපෘති තිබිය හැකි බව ද පවසා සිටින ලදී. තවද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙන ව්‍යාපෘති ද මෙම ලැයිස්තුවේ අඩංගු නොවන බව පොදු අධිකාරිය පැවසීය. එම අවස්ථාවේදී කොමිෂන් සභාව විමසා සිටින ලද්දේ මෙම අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරිය හා සමගාමීව ලබා දෙන අනුමැතියක්ද යන්නයි. පොදු අධිකාරිය එය එසේ වන බවට ප්‍රතිචාර දක්වා සිටිමුත් එවැනි ව්‍යාපෘතිවල ලැයිස්තුවක් පවත්වාගෙන නොමැති බව ප්‍රකාශ කරන ලදී. 


 ( කුඩා ජල විදුලි බලාගාරයකට  ජලය ගෙන යාමට  හරස් කළ  වේල්ලක් නිසා  දැරණියගල  හරහා ගලා බසින  මාගල් ඔයෙහි ජලය අඩු වී ඇති අයුරු) 

 පොදු අධිකාරියට (මධ්‍යම පරිසර අධිකාරියට) 2010 සිට 2019 ජනවාරි 01 දක්වා, තම ආයතනය සමග වෙනත් ආයතන සමගාමීව අනුමැතිය ලබා දෙන ලද කුඩා පරිමාණ ජල විදුලිබලාගාර ව්‍යාපෘතිවල ලැයිස්තුවක් අභියාචක වෙත ලබා දීමට නියෝග කරනු ලැබේ.‘‘
 
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළේ තම අනුමැතිය ලබාදීමේ දී මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දී තිබේද යන්නද පරීක්ෂා කරන බවයි.
 
මධ්‍යම පරිසර අධිකාරිය වරින් වර ලබා දුන් තොරතුරු අනුව පරිසර අනුමැතිය දුන් කුඩා ජල විදුලි බලාගාර ගණන මෙසේය.

මධ්‍යම පරිසර අධිකාරියේ තොරතුරු අනුව පරිසර අනුමැතිය දුන් ගණන

2016 සිට 2017 දක්වා - මුල් තොරතුරු ඉල්ලීමට අදාළව 131

                              තුන්වැනි තොරතුරු ඉල්ලීමට අදාළව 09


2010 සිට 2018 දක්වා -             මුල් තොරතුරු ඉල්ලීමට අදාළව 131
                                               තුන්වැනි තොරතුරු ඉල්ලීමට අදාළව 115
                                               අවසන් තොරතුරු අනුව (වෙනත් ආයතනත් සමඟ) 131
 

ලංකා විදුලිබල මණ්ඩලයේ තොරතුරු අනුව 

 2018 අගෝස්තු පළමු වැනි දා තෙක් අවසර දී ඇති ගණන - 190
ගිවිසුම අත්සන් කළත් 2018 අගෝස්තු පළමු වැනි දා වන විට අවසරය නොලද - 67
එකතුව - 257

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තොරතුරු අනුව

2018 අගෝස්තු පළමු වැනි දා තෙක් විදුලි ජනනය ආරම්භ වූ - 188
අවසර දී මෙතෙක් වැඩ නිම නොකළ - 80
එකතුව - 268

මහජන උපයෝගීතා කොමිසමේ තොරතුරු අනුව

2010 සිට 2019 ජනවාරි දක්වා - 209 


( මාගල් ඔය හරහා වේල්ලක් බැද කුඩා ජල විදුලි බලාගාරයකට  ජලය ගෙන යාමට  සකස් කළ   කොන්ක්‍රීට් කාණුව දිගේ ජලය ගලා ගෙන යද්දි  මාගල් ඔයේ ජල මට්ටම  අඩු වී තිබෙන අයුරු) 

ඡායාරූප -තරිදු ජයවර්ධන 



අදහස් (3)

රජයේ ආයතන 4 ක තොරතුරු පරස්පරයි

himal Wednesday, 07 August 2019 09:50 AM

ඔය ගැටළුව විසඳාගන්න පුළුවන් අනුමැතිය දීපු ගාන නොවේ දීපු ලැයිස්තුව ඉල්ලා සිටියා නම්... මොකද අනුමැතිය ලැබුණොත් ක්‍රියාත්මක නොවී තිබෙන ව්‍යාපෘති තිබෙන්නත් පුළුවන්...

:       0       4

himal Wednesday, 07 August 2019 09:50 AM

ඔය ගැටළුව විසඳාගන්න පුළුවන්. අනුමැතිය දීපු ගාන නොවේ දීපු ලැයිස්තුව ඉල්ලා සිටියා නම්... මොකද අනුමැතිය ලැබුණත් ක්‍රියාත්මක නොවී තිබෙන ව්‍යාපෘති තිබෙන්නත් පුළුවන්.

:       0       0

ravin Wednesday, 07 August 2019 09:51 AM

අයියල මල්ලිලා ගොඩක් ඉන්න, ගම්පහ පැත්තේ දේශපාලුවකුගේ කුඩා විදුලි බලාගාරයක් සිංහරාජ අඩවිය තුළ ක්‍රියාත්මක වෙනවා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1343 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 478 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site