IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජයෙන් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයක්

යහපත් මාධ්‍ය සංස්කෘතියක් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් කෙටුම්පත් කර ඇතැයි ද ලබන සැප්තැම්බරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේයැයි ද ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.

මෙම ආචාර්ය ධර්ම කෙටුම්පත පාර්ලිමේන්තු මාධ්‍ය තේරීම් කාරක සභාවට හා දේශපාලන පක්ෂ වෙත යොමු කර යෝජනා හා සංශෝධන බලා පොරාත්තු වන බවත් ඇමැති සඳහන් කරයි.

‘අද මාධ්‍ය ක්‍රියා කරන ආකාරය පිළිබඳ ගැටළු රැසක් පවතිනවා.  රට ජාතියට සමාජයට මෙන්ම ආගමික වහයෙන් ගැටළු ඇති නොවන ආකාරයට මාධ්‍යය හැසිරිය යුතුයි. රටේ පොදු නීතියෙන් ඔබ්බට ගොස් ක්‍රියා කිරිමට මාධ්‍යයට හැකියාවක් නැහැ.‘

 

 



අදහස් (0)

රජයෙන් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයක්

සිල්වා බර්ලින් Tuesday, 28 May 2013 06:30 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීලට සහ ඇමතිවරුන්ට හැසිරීම පිළිබඳව ආචාර ධර්ම පධතියකුත් ඔය එක්කම හදාගෙන ප්‍රසිද්ධ කලානම් හොදයි නේද? (නි)

:       0       1

අශාන් Tuesday, 28 May 2013 06:45 PM

මුලින් පාර්ලිමේන්තුවේ කට්ටියට උගන්වන්න ඕනෑ (නි)

:       0       1

තරංග Tuesday, 28 May 2013 06:43 PM

රටේම තියන බොරු දෙසාබාන රාජ්‍ය හා පුද්ගලික නාලිකා හා පුවත්පත් සියල්ල වසා දමන්න සිදුවෙයි. අනේ කාලේ වනේ වාසේ . (නි)

:       0       1

රනුක Tuesday, 28 May 2013 06:56 PM

ඔන්න ඉතින් මාධ්‍ය පාලනයකරන්න ගත්තා

:       0       0

උපාලි Wednesday, 29 May 2013 03:17 AM

හැබැයි ඔය අචාර ධර්ම රාජ්‍ය මාධ්‍ය වලටත් අදාළ වෙන්න ඕනෑ. එහෙම වෙනවා නේද? (නි)

:       0       1

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Tuesday, 28 May 2013 07:15 PM

මේ කවුද? මොකද කරන්නේ? (නි)

:       0       0

සුනිල් Wednesday, 29 May 2013 03:18 AM

ඔක්කොටම ඉස්සර සියලු මාධ්‍ය දේශපාලන ග්‍රහණයෙන් මුදාහරින්න. මට පේන විදිහට නිදහසේ කතාකරන කීප දෙනාවත් නිශ්ශබ්ද කරන්නද දන්නෙ නැහැ හදන්නේ.එතකොට රටේ මිනිස්සුන්ගේ අදහස් මාධ්‍යයේ යන්නේ නැහැනේ. (නි)

:       0       0

සංජු Tuesday, 28 May 2013 07:42 PM

ඕව ගෙනැල්ල අපේ හාමුදුරුවෝ කරන වැඩ යට ගහන්න හදන්න එපා. ගව ඝාතනයට පියවරක් ගත්තොත් හොදයි (නි)

:       0       0

දර්ශන Wednesday, 29 May 2013 11:11 AM

මාධ්‍යයත් ඉවරයි

:       0       0

සේනානායක Wednesday, 29 May 2013 11:15 AM

මිනිස්සුන්ට තොරතුරු දැන ගන්න තියෙන අයිතිය නැතිවෙනවාද

:       0       0

සේනානායක Wednesday, 29 May 2013 11:15 AM

මාධ්‍ය පාලනයක් නේද මේ (දී)

:       0       0

දිනේෂ් Tuesday, 28 May 2013 07:48 PM

මාධ්‍ය නිදහස නැති කරන්න එපා

:       0       0

මාගලි ප්‍රනාන්දු Wednesday, 29 May 2013 11:18 AM

ආචාර ධර්ම කියල දෙන්න ඕනි දේශපාලකයන්ට (දී)

:       0       0

නාරද Tuesday, 28 May 2013 07:56 PM

මාධ්‍යයට ආචාර ධර්ම දාන්න කලින් මැති ඇමතිලාට ඔය වගේ එකක් දැම්මොත් නරකද? (නි)

:       0       0

අජන්ත Wednesday, 29 May 2013 07:03 AM

අහෝ මාධ්‍ය

:       0       0

ප්‍රසන්න Tuesday, 28 May 2013 08:01 PM

නියමයි මම නම් කැමතියි

:       0       0

bimal Wednesday, 29 May 2013 07:12 AM

මේක නම් ජාතියට ඉතාම අත්‍යවශ්‍යම දෙයකි. අද රටේ තියෙන සියලුම ප්‍රශ්න වලට මුල ජනමාධ්‍ය වලට ආචාර ධර්ම පද්ධතියක් නැතිවීමයි. මේක තිබුනා නම් මේ රටේ ප්‍රශ්න සියල්ලම මෙලහකටත් විසදා හමාර කරන්නට තිබුනා. මේ වාගේ කාලෝචිත නීති සම්පාදනය කරන උත්තමයන් ඉන්න තවත් පාර්ලිමේන්තුවක් ලෝකයේ කොහෙවත් තියේද? (නි)

:       0       0

හේනේගම සොබිත හිමි Wednesday, 29 May 2013 07:14 AM

ආචාර ධර්ම මිසක් නීති නොවිය යුතුයි. මාධ්‍ය වාරණයකට සුදානම් වීම හෙලා දකිමු. මාධ්‍ය නිදහස ුත්‍යවශ්‍යයි. (නි)

:       0       0

ශේන් Tuesday, 28 May 2013 08:12 PM

රජයේ මාධ්‍ය පොදු දේ වලදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතු ආකාරයත් ඔය කෙටුම් පතට ඇතුළත් කරන්න. (නි)

:       0       0

අස්මිත් Tuesday, 28 May 2013 08:28 PM

හොදයි. නමුත් රජයේ මාධ්‍ය ආයතනත්,නිලධාරිනුත් ඒවා අනුගමනය කරයිද? එසේම, රූපවාහිනි නාලිකා වල සේවයකරන නිලධාරීන්ටත් විනය ගැන පුහුණු පන්තියක් පිළියෙළ කලොත් හොදයි නේද? (නි)

:       0       0

වරුණ Wednesday, 29 May 2013 07:49 AM

මිනිසුනේ ඔබ හිතනවාද මේ ක්රියාඅ සදාචාර සම්පන්නයි කියලා

:       0       0

නෙතුමි Wednesday, 29 May 2013 08:09 AM

දෙයක් ඇගයීමට වගේම විවේචනය විය යුතු දේ විවේචනයට මාධ්‍යට හැකියාවක් තිබිය යුතුයි. හැකියාවක් තිබුනත් වාරණ සහ ජීවිත තර්ජන හමුවේ එවැනි හැකියා වියපත් වේ. මෙයද මාධ්‍ය නිදහස? රජයේ ඇතැම් මාධ්‍යවල හැසිරීම රජය වර්ණනාවට මිස ජනතා සේවයට නොවේ. ඔවුන් ජනතාව මුලා කරවයි.යහපත් මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් යනු රටක් ජාතියක් දැනුමෙන් සන්නද්ධ කිරීම මිස මුලා නොකිරීමයි( ඇතැම් මාධ්‍යට මෙය අදාළ නොවිය හැක) (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 28 May 2013 09:15 PM

මාධ්‍යට ආචාර ධර්ම කියල දෙන්න ඉස්සෙල්ල ඇමතිලාට පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය ගැන කියල දෙන්න ඕනෑ. (නි)

:       0       0

අමාලි Tuesday, 28 May 2013 09:26 PM

ජනමාධ්‍ය අඩපන කරන්න හදන්නේ මොකද

:       0       0

රජිත් ඉතාලි Tuesday, 28 May 2013 10:19 PM

මට පේන්නේ මේ හදන්නේ ඌරව දාලා සොසේජස් ගන්න නෙමෙයි, සොසේජස් දාලා ඌරව ගන්න (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 10:25 PM

මාධ්‍ය වලට ආචාර ධර්ම කියා දෙන්න ඉස්සර මාධ්‍යවලට වොයිස්කට් දෙන දේශපාලකයන්ටයි මිනිස්සුන්ට බල්ලන්ට වගේ කතාකරන ස්වාමින් වහන්සේලාටයි ආචාර්‍යධර්ම පද්ධතියක් කියා දෙන්නකො (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 28 May 2013 06:00 PM

ඉතා හොඳ කාලීන අදහසක්. (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 28 May 2013 06:05 PM

ඒකත් දණ්ඩ නීති සංග්‍රහය වගේ පොත් රාක්කවල තියෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නීල් Tuesday, 28 May 2013 06:13 PM

එංගලන්තයේ ආචාර ධර්ම අපේ මාධ්‍යට රිංගවන්න එපා. පොදු ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න ඉඩදෙන්න. මාධ්‍ය මර්ධන පනත හකුළා ගන්න. (නි)

:       0       0

නිමාලි Tuesday, 28 May 2013 06:14 PM

මම නම් ඊට විරුද්දයි

:       0       0

කමල් Tuesday, 28 May 2013 11:35 PM

ඊට වඩා හොද නැද්ද රටට විශේෂයෙන්ම දේශපාලකයින්ට ආචාර ධර්ම පද්ධතියක් හදන එක. මෙයට පෙර එය කරන්න (නි)

:       0       0

නිමල් Tuesday, 28 May 2013 11:42 PM

එතකොටවත් රජයේ මාධ්‍ය ඇත්ත කියයිද ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 28 May 2013 06:24 PM

දැන් නම් මට හරියට තරහා එනවා, මේ සිංහලයෝ මෙච්චර දුර්වලද හැමදාම නහය ලගට එනකන් ප්‍රශ්න විසදාගැනීමට බලාගෙන ඉන්නේ කියලා. කොහොම වුනත් මේ වෙනුවෙන් බිය නැතුව හඩ නැගු අපේ ස්වාමින් වහන්සේලාටද අනෙක් පින්වත් පිරිසටද අපේ ගෞරව ප්‍රණාමය. කුරගල අන් ආගමිකයාන්ගෙන් සම්පුර්ණ නිදහස් වී බුදුගුණ පැතිරේවා! (නි)

:       0       0

කෙවින් Tuesday, 28 May 2013 06:24 PM

රජයේ නියෝජිතයෙක් මාධ්‍ය වලට පුවත් දෙනකොටත් මෙම අචාර ධර්ම තිබුනොත් වඩාත්ම හොදයි. මොකද අපි නිතරම දකිනවා රජයේ නියෝජිතයන් කියන බහුතරය කියන්නේ හිස ඉදිමුන අය. ජනතාවට උඩගු කමින් කතා කරන්නේ.මේවා දකින්න ජනතාව කැමති නැහැ. (නි)

:       0       0

හේරත් Tuesday, 28 May 2013 06:32 PM

මොකද්ද ඒ වැඩේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site