IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රංජන්ට අද සවස එළියට

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ ජනාධිපති සමාව හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව පිරිනැමීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර අධිකරණ අමාත්‍යයෙන් තමන් වෙත ලැබුණු බව කී ඒකානායක මහතා එම ලිපිය වැලිකඩ බන්ධනාගාරයට හැකි ඉක්මණින් ලබාදෙන බව ද සඳහන් කළේය.   



අදහස් (9)

රංජන්ට අද සවස එළියට

Bamunuarachchi Friday, 26 August 2022 01:12 PM

කාගෙන් නිදහස් වුණත් හෘද සාක්ෂියෙන් හා පළවූ හඬපටි වලින් කියවූ දේවලින් නිදහස් වෙන්න බැහැ. නැවත හොරු අල්ලන්න හිතන්න එපා. ඔවුන් ළඟ හඬපට තිබෙනවා.

:       16       92

ටිකිරි සුදාFriday, 26 August 2022 02:00 PM

නම පටන් ගන්නෙම බයි වලින්නේ... බයි මොලයට තේරෙන තරම තමයි.

:       43       9

BamunuarachchiFriday, 26 August 2022 06:38 PM

ඔය කාගේවත් නම් හොයන්න එපා...

:       1       21

විපරමා Friday, 26 August 2022 04:55 PM

ඊට වැඩිය අන්ත හොර දූෂිතයෝ, ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු, රටම විනාස කරපු, ඩොලර් හොරු, මිනිමරුවෝ පාතාලකාරයෝ, ස්ත්‍ර්‍රි දූෂකයෝ කොච්චර ඉන්නවද?

:       43       1

SumedhaSaturday, 27 August 2022 01:34 PM

මෙයාට වඩා අන්ත දූෂකයින්, රට කාපු අය කියන්නේ... මෙයා පොඩ්ඩක් රට කාලා පොඩ්ඩක් දූෂිත වැඩ කළාට කමක් නෑ කියලද..? විනිසුරුවන්ට කතා කරලා ඔයාට උසස්වීම් අරන් දෙන්නන් කොහොම හරි මේ තීන්දුව පොඩ්ඩක් ... අපිට වාසියක් කරලා දෙන්න කියලා කියන කෙනා මොන තරම් තක්කඩියෙක් වෙන්න ඕනද? අපිට මෙහෙම අය පාර්ලිමේන්තුවට ඕනෑ නෑ...

:       0       21

සඳුන් Friday, 26 August 2022 01:49 PM

එළියට ගන්න අත්සන් කළාට එළියෙදි විග්එක ගන්න බෑ. ඒවා ආනයන තහනම් ලැයිස්තුවට ඒ පෑනෙන්ම අත්සන් කරලා...

:       5       39

de silva Friday, 26 August 2022 02:18 PM

මිනිස්සුනේ කුහක වෙන්න එපා... මේ මනුස්සයා සර්ව සම්පූර්ණ නැති වුණත්, අපේ ජාතික ජනයා පවුල් පිටින් එකතු වෙලා හොරකම් කළ හොරෙක් නොවේ.. පාර්ලිමේන්තුවේ සහ දේශපාලනයේ මෙවැනි පුද්ගලයින් විරලයි...

:       71       10

BamunuarachchiFriday, 26 August 2022 06:40 PM

හඬපට ඇසුවාද? එන්න කෙරුවාව එයාගෙන්ම අහගන්න තිබුණා.

:       0       41

Nihal Friday, 26 August 2022 03:19 PM

රංජන්ගේ පුටුව ගත්තු හරීන් ෆොන්සේකාට මොකද වෙන්නේ?

:       8       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 512 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site