IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රැජිනගේ දේහය අසල සිටි රැකවලා ඇද වැටෙයි

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය අසල රාජකාරියේ නියුතුව සිටි රාජකීය ආරක්ෂකයෙකු ක්ලාන්ත වී දේහය තැන්පත් කර ඇති වේදිකාවෙන් ඇද වැටුණු බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.

ඇද වැටුණු ආරක්ෂකයා වහා එතැනින් ඉවත් කර ප්‍රතිකාර ලබා දීමට බ්‍රිතාන්‍ය පොලිසිය කටයුතු කර ඇතැයි පැවැසෙයි.

ඇද වැටුණු ආරක්ෂකයා එතැනින් ඉවත් කිරීමෙන් පසු නව ආරක්ෂකයෙක් එම ස්ථානයේ රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා යොදවා ඇත.

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය ආරක්ෂා කිරීම  රාජකීය ආරක්ෂකයින් සහ රාජකීය හමුදා කණ්ඩ වෙත භාරව ඇත.ආරක්ෂකයා ක්ලාන්ත වී ඇද වැටීමෙන් පසු බී.බී.සී පුවත් සේවයේ සජීවී විකාශයද මිනිත්තු කිහිපයකට නතර කළ බව විදෙස් මාධ්‍ය වාර් තා කළේය.

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට එළඹෙන 19 වෙනිදා තෙක් පැය 24 පුරා ඉඩ සලසා ඇති අතර ආරක්ෂකයින් පැය 6 බැගින් සේවා මුරවල රාජකාරි කටයුතු සිදු කරනු ලබයි.  



අදහස් (7)

රැජිනගේ දේහය අසල සිටි රැකවලා ඇද වැටෙයි

චන්දන Thursday, 15 September 2022 01:38 PM

දුර්වල සෞඛ්‍ය තත්ත්වය ලෝකෙම වෙලාගෙන...

:       1       3

උපාසක Thursday, 15 September 2022 01:57 PM

පව්... ඒ අහිංසකයා ලංකාවේ කෙනෙක් වෙන්න ඇති... මේ දවස්වල බඩගින්නේ කලන්තේ දාලා වැටෙන අය ඉන්නේ මේ රටේ...

:       3       7

Appuhami Thursday, 15 September 2022 08:33 PM

මියගිය අයෙකුට මොකටද ආරක්ෂාවක්... මොකද හොරකම් කරන්න කියලද?

:       3       74

sampath Thursday, 15 September 2022 10:43 PM

මේ අහිංසක ආරක්ෂක නිධාරියාට වෙලවකට කෑමක්වත් නැතිව ඇති මෙයාලගේ මනස්ගාත වැඩ නිසා.

:       5       43

chithra - uk Thursday, 15 September 2022 10:44 PM

" යකෙක් ගහලා" කියලයි එංගලන්තේ ඉන්න ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියන් කාරයින් කියන්නේ.

:       47       8

will Thursday, 15 September 2022 11:00 PM

පව් අහිංසකයා. රැජිණගෙ අවතාරය වෙන්නත් බැරි නෑ.

:       29       7

stg Saturday, 17 September 2022 10:08 AM

මොන විකාරද මේ? අර කිව්වත් වගේ අර මනුස්සයා උදේට කාලා ගිහින් නැතුව ඇති..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site