IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


රාජිතගේ නඩුවක ෆයිල් අතුරුදහන්

(මනෝප්‍රිය ගුණසේකර)

මෝදර ධීවර වරාය අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා සනාථ කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට ලේඛනගත කර තිබූ ලේඛන අතුරින් එක් ලේඛනයක් අස්ථානගත වී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාට දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසම හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රයට අදාළ නඩුව සම්බන්ධයෙන් “පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය”‍ සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්කි ලේඛනයක් වශයෙන් නම් කර තිබූ ධීවර වරාය නීතිගත සංස්ථාවේ 2014 සැප්තැම්බර් 11 වැනි දිනට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව මෙලෙස අස්ථානගත වී ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.

2014 වසරේ අගෝස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යූ.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹ වූ බවට ද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවට ද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

එමගින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇති මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 17 දෙනකු නම් කර ඇති විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම නඩු භාණ්ඩ ලේඛනයක් මගින් අධිකරණයට දැනුම් දී තිබේ.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ය.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.



අදහස් (25)

රාජිතගේ නඩුවක ෆයිල් අතුරුදහන්

චන්දන Monday, 06 February 2023 09:14 PM

රාජිතගෙ දක්ෂතාව පෙන්වා තිබෙනවා .

:       3       36

කිඹුලාTuesday, 07 February 2023 10:58 AM

නඩුව ඔහොම ඇදගෙන යමු. සජිත් සර් ජනාධිපති වෙලා මෙයාට ආපහු ඇමතිකම දුන්නම නඩුව බලවන්න බැරියෑ

:       5       29

Hafeel Tuesday, 07 February 2023 12:32 PM

ඔහුව බේරගන්න සජිත් එන්නම ඕන නැහැ. දැනටමත් ඔහු රනිල්ට කඩේ යනවා. මේ නඩුව මෛත්‍රී ජනාධිපති දුරය ඉන්න කොට යටපත් කරගන හිටියේ. මූන්ට දඬුවම් දෙන්න නම් ජාතික ජනබල වේගයම බලයට එන්නම ඕනේ. අනික මේ කරුණු අධිකරණය පිලිගන්නවා නම්, රටේ අධිකරණ පද්ධතියට ලොකු හානියක්.

:       8       31

KumaraTuesday, 07 February 2023 11:00 AM

අනුර සහෝදරයා ලග ෆයිල් එකේ පිටපතක් තියෙනවා. තව ටික දවසක් ඔහොම යමුකෝ.

:       7       31

වීරවිජේ Monday, 06 February 2023 10:11 PM

අනේ ඉතිං අහිංසක මනුස්සයා.. පවු. නො ද කි ං. පණුවො ගහල මැරෙන්නෙ ඔන කාලකන්නි..

:       2       38

Ruhunu Tuesday, 07 February 2023 02:38 AM

අනුන්ගේ ෆයිල් අතුරුදන් කරලා කාටවත් වැඩක් නැහැනේ

:       4       6

ranjith Tuesday, 07 February 2023 07:09 AM

එහාට මෙහාට පේන පේන වාසියටයට කරන දේසපාලන නාඩගම් බලලම අප්‍රසන්නයි.

:       0       10

Bamunuarachchi Tuesday, 07 February 2023 08:37 AM

පට්ට හොරෙක් . මෙන්න හොරු

:       3       39

tikira Wednesday, 08 February 2023 08:30 PM

රාජපක්ෂගේ හොරු හතලිහෙන් එකෙක් ..

:       0       0

Perera Tuesday, 07 February 2023 09:13 AM

ඔය ලිපි ගොනුව නැතිවීමෙන් ප්‍රදානම ලෙස වාසි කාටද....එ කෙනා තමයි ලිපි ගොනුව අන්ත්‍රස්තාන වීමෙ ක්‍රියාවෙ මුලින්ම ඉන්නෙ. ඔව ඉතින් අපේ පොලිසියට හොයාගන්න පුලුවන් වෙයිද මද

:       1       32

Sanath Dubai Tuesday, 07 February 2023 10:53 AM

මෙහෙව් රාජිතයා ස්ටේජ් එකේ තියාගෙන සජිත් කියනවා මම ආවොත් හොරු අල්ලනවා. රතු මල්ලිලා විස්වාස කරන්න එපා කියලා

:       4       26

Nissanka Tuesday, 07 February 2023 10:55 AM

සජිත් ජනාධිපති වෙලා ආපහු සෞඛ්‍ය ඇමතිකම දුන්නම ඔය නඩු වලට බය වෙන්න ඕන නෑ සර්

:       2       24

cc Tuesday, 07 February 2023 10:59 AM

මේ රටතුළ වංචා හා දූෂණ වැලැක්වීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කර අවශ්‍ය නීති රීති බලවත් ලෙස ගෙන ආ යුතු අතර උපරිම මාද 06 ක් තුළ එකී නීතිවලින් චූදියන්ට දඩුවම් පැමිණවියහැකි ක්‍රමයක් ස්ථිපිථ කල යුතුවේ. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම ප්‍රමුඛතා ගත කිරීම ,විකල්ප ව්‍යාපෘති හඳුනා ගැනීම,තේරීම, ඇස්තමේන්තු සැකසීම ප්‍රතිපාදන වෙන්කිරීම,මුල,මැද අග වශයෙන් ව්‍යාපෘති සුපරීක්ෂණය (ප්‍රතිලාභීන් ද දැනුවත් කර සුපරීක්ෂණය ) ශක්‍යතා අධ්‍යයනයන්, ඇගැයීම හා තක්සේරු කිරීම, ව්‍යාපෘති ප්‍රතිලාභ තක්සේරු කිරීම හා ඒවායේ බලපෑම ඇගැයීම වැනි සැලසුම් සම්බන්ධ කාර්යයන් විනිවිධ භාවයෙන් ඉටුකර හැකි රාජ්‍ය යන්ත්‍රණයක් නීතිගත කර අදාළ තනතුරුවෙත වගකීම පැවරෙන යාන්ත්‍රණයක් මේ රට තුළ ඇති කල යුතුයි ඒ තුළින් විදේශ සංචිත අවභාවිතා වීම වෙනුවට ඉතා අරපිරිමැස්මෙන් එකී සංචිත ආයෝජනයවන සංස්කෘතියක් රටතුළ බිහිවේ. එවිට කවර දූෂිතයෙකුට උවද දූෂණ හා වංචා කල නොහැකි, දූෂිතයන් අනාවරණය වන දූෂිතයන් පිළිකුල් කරන සංස්කෘතියක් රටතුළ බිහිවෙනු ඇත. එවිට අනාගත දරු දැරියන්ට රටක් හැදෙනු ඇත.මෙය කල හැකිවන්නේ රටට හිතැති දූෂණයට විරුද්ධ දේශපාලනයකට පමණි.

:       0       17

සෑම් Tuesday, 07 February 2023 11:59 AM

සමාජවාදය ගැන දේශනාකරකර මහජන මුදල් හොරා කාපු පල් හොරෙක්, මේකයි මේකාගේ පුතයි දෙන්නම දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනා

:       1       29

ලුම්බිණි Tuesday, 07 February 2023 12:23 PM

නඩුව ඇහුවා නම් තමයි පුදුමේ.

:       0       20

anura Tuesday, 07 February 2023 12:58 PM

අහන්න දෙයක් නැහැ. ෆයිල් ටික කිඹුලෙක් කන්න ඇති.

:       0       19

ranga Tuesday, 07 February 2023 01:11 PM

යකෝ ෆයිල් අතුරුදහන් වෙනවා .මේවගේ උන් අතුරුදහන් වෙන්න් නෑනේ

:       0       15

අලි බබාලා රොත්ත පිටින් Tuesday, 07 February 2023 02:08 PM

අපි හිතා ගෙන හිටියේ අලි බබා පවුලේ අය පමණක් කියලයි. දැන් අලි බබාලා පරම්පරා කිහිපයක් ඉන්න බව පේනවා. කාටකියන්නද?

:       0       7

jamparayaa Tuesday, 07 February 2023 02:24 PM

අතුරුදන් සියලු ලියකිලිවිලි ශෂී අක්කලාගේ ගෙදර හංගලා තියනවලු .විමල් මිනී කන බල්ලෙක් වගේ දොර ළඟ ඉන්න නිසා කවුරුවත් එහෙ යන්නත් බයලු

:       1       2

PODDA Tuesday, 07 February 2023 03:00 PM

2019 ජනපතිවරණයේ ගෝටාගේ කිඹුලෝ ඉන්න වැවක් ගැන කිවුවානේ .ඒකට වැටුනද දන්නේ නෑ ?යහපාලන කාලේ ලප කුමාරයා එක්ක අරලියගහ මන්දිරේ බුදියගත්ත හොරු අල්ලන්න .ලපයා අල්ලයි මුන්ගේ වලිගෙ .දන්නේ නැති මෝඩයෝ ඉන්නවා .මුන් ඔක්කොම ඩීල් කාරයෝ

:       5       7

සෙනෙවිරත්න Thursday, 09 February 2023 12:30 AM

තමුන්නැහෙ දැක්කද ලපයෙක් ඉන්නව, එහෙනම් තමුනුත් ඉන්න ඇති, තමුන්ල ලපයට තියෙන බය පේනව මේවගේ වැදගැම්මක් නැති කතාවලින්.

:       0       0

බී අමරසිංහ Tuesday, 07 February 2023 03:03 PM

උසාවි ලේඛනාගාරවල, ඉන් පිටත, අල්ලස් කොමිසමේ හැමතැනම CCTV දාන්න වෙලා තියෙන්නේ

:       0       10

osharap Tuesday, 07 February 2023 03:16 PM

ඔය පේනවනෙ, දීවර වරාය නඩුවක ෆයිල් ඔහොම නැති වෙනව නම්, මුන් කරන මිනී මරුම්, මහ පරිමාන දූශන, වංචා ගැන කවර කතාද?. ඉතින් තව මුන් දෙගොල්ලො බලෙට ගේන්න දඟලන මෝඩ හැත්තක් ඉන්නවා නේ

:       0       6

ගමේ එකාලා Tuesday, 07 February 2023 04:03 PM

මහින්දයා ගේ දෑත් සක්තිමත් කරන්ඩ කියලා පැන්න ඒකා ගැන කවර කතාද ? තමුන්ගේ පැවැත්මට ,වාසි පැත්තට එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු දුශිත දේසපාලුවෙක් කියලා දන්නෝ දනිති .

:       0       4

HARAMANIS Thursday, 09 February 2023 02:36 PM

AKD ගෙන් කොපි එකක් ගන්න පුළුවන්නේ... එයා දෙයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1283 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 364 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 597 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1072 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 706 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 918 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1202 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1500 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site