IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රජගලතැන්නෙන් ඉපැරණි හක්ගෙඩියක්

අම්පාර ඓයිතිහාසික රජගලතැන්න කැණීම් වලදී හක්ගෙඩියක්, සෙල් ලිපියක කොටසක් හා පෙත් මගක් සොයා ගත් බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය. හක්ගෙඩිය වසර එක්දහස් පන්සියයක් පමණ පැරණි බව ද කියයි.

බුදු පිළිමයක් තිබූ ස්ථානයේ යට ගඩොල් මංජුසාවක මෙම හක්ගෙඩිය තැම්පත් කර තිබූ බව මහාචාර්ය හෙට්ටිආරච්චි කීය. පෙත් මඟේ ශිලා ලිපි කොටසක් හමු වී ඇත.

2012 කැණීම් ඇරඹූ රජගලතැන්නේ මිණුම් කටයුතු අවසන් කර සිතියම් ගත කිරීම් ඇරඹූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ පීඨාධිපති මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පැවසීය.

අනුරාධපුර යුගයේ දී සද්ධාතිස්ස කුමරුගේ පුත් පජ්ජිතිස්ස කුමාරයා විසින් කැරවූ බව වංශ කතාවල සහ රජගලතැන්න පුදබිමෙන් මතු වන තොරතුරු වලින් පැහැදිලි වන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පත්මසිරි කන්නන්ගර මහතා කීවේය. පෙර රජ දවස මෙම පුදබිම රහතුන්වහන්සේලා වැඩ සිටි පුදබිමක් බව ද ඔහු කීවේය.

කැණීම් සුදුකරන අවස්ථාවේ ආචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, නැගෙනහිර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂක නිල්මල්ගොඩ, බක්කිඇල්ල පොලිස් ස්ථානාධිපති ජයලත් සුරවීර යන අය ද එහි වූහ.

1 2 3 4 5 6 7 8 9 10 11 12



අදහස් (0)

රජගලතැන්නෙන් ඉපැරණි හක්ගෙඩියක්

ප්‍රභාත් Tuesday, 09 August 2016 06:14 AM

අභිමානවත් අතීතයක් පමණක් ඇති වර්තමයක් සහ අනාගතයක් නැති සිංහල රටක්.... හරිම දුකයි... අතීතයේ දේවල් වලින් ආඩම්බර වෙමු.. (ම)

:       0       0

උපුල් Monday, 08 August 2016 08:02 PM

බුදුන් වහන්සේ දේශනාකළේ සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි, සියල්ල අත්හරින්න කියායි (නි)

:       0       0

දුෂාරා Monday, 08 August 2016 11:53 AM

මේක බුදුන්ගේ දේශය. කාටවත් මොනවත් කරන්න බෑ. කව්රුහරි රට විනාස කරන්න යවානම් බොරු තමා (ම)

:       0       0

ඉසුරන්දි Monday, 08 August 2016 01:59 PM

අපේ මිනිස්සු යන තැන වනසන ජාතියක්. එහෙව් එකේ ඔවැනි ස්ථාන ආරක්ෂා කරගැනීම වගකිව යුත්තන්ගේ කටයුත්තක්. (බ)

:       0       0

රොකි Tuesday, 09 August 2016 03:29 AM

කෝච්චියේ යන මගීන්ට මැරෙන්න ගල් ගහලා විනෝද වෙන පින්වන්තයින්ගේ දේශයක්.. (ම)

:       0       0

ටිකිරි Monday, 08 August 2016 02:44 PM

මෙය බුදුන්ගේ දේශය පමණක් නොවේ මුුළු විශ්වයම බුදුන්ගෙයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site