(දයාරත්න ඇඹෝගම සහ බී. ජී.චතුරංග )
රාජාංගණය,යාය 18 ප්‍රදේශයේදි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු පිරිසකට පහරදි වාහනයකට අලාභ හානි කළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනෙකු අද(07)දින අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජාංගණය ප්‍රදේශයේ පදිංචි 28 ත් 47 අතර වියේ පසුවන පුද්ගලයන් හත් දෙනෙකි.
කෝමාරිකා වගාවක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ වනය එළිකිරීමක් සම්බන්යෙන් සොයා බැලීමට ඊයේ (06) දින එහි ගිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනනද සාගර හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියංවෙල ශාසන රතන හිමිවරුන් ඇතුළු පිරිසකට විරෝධය පෑමත්සමග එහි දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය.
එහි දී ගම්වාසීන් පිරිසක් භික්ෂූන් වහන්සේට සහ තවත් අයකුට පහරදීමක් සිදු කළ අතර ඔහුන් ගමන් ගත් වාහනයකට ගල් ගසා අලාභ හානි සිදු කර තිබුණි.
මේ සම්බන්ධයෙන් පාහියන්ගල ආනන්ද හිමියන් විසින් මිහින්තලය පොලිසියට පැමිණිලි කොට තිබුණි.
අත්අඩංගුවට ගනුලැබු මෙම පුද්ගලයන් අද (07)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
විල්පත්තු අභය භූමිය කෝමාරිකා වගාවකට යැයි පවසමින් අවස්ථා කීපයකදී එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේ වගකිව යුතු ආයතනවලට පැමිණිලි කළද මෙතෙක් එම කටයුතු නතර කර නැති බව පාහියන්ගල ආනන්ද සාගල හිමියෝ පැවැසූහ.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජාංගණයේ පහරදීමකට 7ක් මාට්ටු