(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි කාන්තාවන් දෙනෙකුගේ සේවය ලබාගත් බව කියන පෑලියගොඩ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනපොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද 7 වැනිදා පැවසීය.
මෙම පොලිස් කොස්තාපල් ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් මූලික මූලික විමර්ශනයක් පවත්වා ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ කැලණිය සහකාර පොලිස් අධිකාරී 1 විසිනි.
මෙම පොලිස් කොස්තාපල් දෙදෙනා අනවසරෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මෙම සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් 119 හදිසි ඇමතුම් අංශයේ මගින් ලබාදුන් තොරතුරක් මත පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්මෙම සම්භාහන මධ්‍යස්ථානය වැටලූ අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකුගේ සේවය ලබා ගනිමින් සිටියේ යැයි කියන කොස්තාපල් දෙදෙනා පලාගොස් ඇති බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
පලා ගිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පසුව පොලිස් ස්ථානයට පැමිණ ඇතැයිද පොලිස් ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
රාජකාරී වේලාවේ ‘ස්පා‘ ගිය පී.සීලා ගෙදර
Nirmala Wednesday, 08 February 2023 12:44 AM
රාජකාරි වෙලාවේ ගියාම ගෙදරට අහු වෙන්නේ නැහැ .නෝනා සැමියා ගෙදර එන වෙලාව දන්නවනේ .අනික රාජකාරි වෙලාවේ ටෙලිෆෝන් එකට උත්තර දෙන්නත් අපහසුයි
Rohana Wednesday, 08 February 2023 01:40 PM
ස්පා තියෙන නිසානේ යන්නේ. වැරැදි නම් ස්පා වහලා දමන්න.
LallaWednesday, 08 February 2023 03:37 PM
නාගරික ප්‍රදේශවල ලමා අපචාර පාලනය වීමට එක හේතුවක් ස්පා. ගම්වල අපචාර වාර්තා නොවී බොහෝ සිදුවනවා. ස්පා පැවතීම යහපතට හේතුවන කරුණු තිබිය හැකිය. ඒත් පාලනය අවශ්‍ය දෙයක්.
පිටිගල මිලානෝ Wednesday, 08 February 2023 02:35 PM
නෝනලා සුපර් මාකට් එකේ බඩු ගන්න ටිකට ක්වික් සර්විස් එකකට ස්පා යන පෙම්බර සැමියෝ ඉන්න රටකි මේ අපේ….. හීලෑ වුන වුන බළල් පැට්ටු වගේ ගෑණිගේ සුභසාධනය පමණක් වීරයෝ වගේ කරන්නේ එහෙම දේවල් අහුවුන මහත්තුරු.