IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රඟපෑමට "ෆුල්ස්ටොප්” තියන්නේ නෑ

20160311-ent-99

20160311-ent-100

මේ "අසන්ති රණසිංහ” පුංචි තිරයට අමුත්තියක නොවෙයි. නමුත් නිතරම නම් ඇය මුණ ගැහෙන්නෙ නැහැ. අසන්ති රඟපෑමේ ක්ෂේත‍්‍රයට මුලින්ම ආවේ කඳපොළ කුමාරණතුංගයන්ගේ, "නොහඬන් අම්මේ” චිත‍්‍රපටයේ ළමා නිළියක ලෙසය. ඒ, 1998 වසරේදීය. එතැනින් එහාට පුංචි තිරයේ රංගනයෙන් ගමනක් ආ අසන්තිට ක්ෂේත‍්‍රයේ සමහරු "හොට් චොකලට්” කියලත් කියනවා. අසන්ති නිතරම වගෙ විදෙස්ගත වන්නෙත් ඒ නිසාමද? මොකක්ද මේ හොට් චොකලට් කතාව? එතකොට අසන්ති ඇයි නිතරම විදෙස්ගත වන්නේ?

 

20160311-ent-97අසන්ති මේ දක්වා පුංචි තිරයේ කළ චරිත ගැන මතකය අවදි කළොත්?

2007 දී විකාශය වූ "සිහින කුමරිය” චරිතය ගැන මම හිතන්නෙ වැඩි දෙනෙක් කතා වුණා. ඉන්පසුව සම්පත් රෝෂන්ගෙ "තරු අහසට ආදරෙයි”, නාලන් මෙන්දිස්ගේ "දූවරු" ‘‘, ක‍්‍රිෂ්ටි ෂෙල්ටන්ගෙ ‘‘පාරා වළලූ’’, ‘‘මොණර කඩදාසි’’, සිවගුරුනාදන්ගෙ "මුතු පලස” රඟපෑවා. මොණර කඩදාසි නාට්‍යයේ පොලිස් පරීක්ෂකවරියක ලෙස රඟපෑ චරිතය ගැන මං හිතන්නෙ වැඩි දෙනෙක් කතාබහ වුණා.

 

ඒ විදියට රඟපෑවට, නිතර දකින්න නැත්තෙ?

පසුගිය කාලයේදී රටවල් කීපයකටම යන්න සිද්ධ වුණා. ඒ නිසා රංගනයට වැඩිපුර දායක වෙන්න බැරි වුණා.

 

ඇයි නිරන්තරයෙන් විදෙස්ගත වන්නෙ?

ව්‍යාපාර සහ අධ්‍යාපන කටයුතු සඳහා නිරන්තරයෙන් යන්න සිද්ධ වුණා.

 

මොනවා ගැනද විදෙස්ගතව අධ්‍යාපනය ලබන්නේ?

සම සහ හිසකෙස් පිළිබඳව වැඩිපුර හදාරනවා. ඒ අංශයේ තාක්ෂණික උපදේශිකාවක ලෙසත් පසුගිය කාලයේ කටයුතු කළා. නමුත් එම අංශයේ මගේම ආයතනයක් පටන් ගැනීමේ අරමුණ ඇතිව එයින් ඉවත් වුණා. ඊට අමතරව මගේ ඇඳුම් සාප්පුවේ කටයුතු නිසා නිතර විදෙස්ගත වෙනවා.

 

මොකක්ද මේ විලාසිතා සාප්පුවෙ නම?

හොට් චොකලට්

 

ඇයි එවැනි නමක් යෙදුවෙ?

"අයිස් වැනිලා” කියන වෙළෙඳ නාමයට මම ආසයි. ඒ නිසා මතකයේ රැඳෙන නාමයක් වේවි කියලා හිතාගෙන මේ නම යොදා ගත්තා.

 

"හොට් චොකලට්” සාර්ථකද?

ඇත්තෙන්ම ඔව්.

 

ඒ කියන්නෙ දැන් රඟපෑමට සමුදීලද?

ඒක කොහොමටත් වෙන්නෙ නැහැ. රඟපෑමට මම කවදාවත් "ෆුල්ස්ටොප්” එක තියන්නෙ නැහැ. රඟපෑම දිගටම කරනවා. නමුත් දැන් මගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා, "ෆැමිලි” බිස්නස් එකක් පටන් ගන්න ආසයි. මොකද මම පවුලට හරිම ලැදි කෙනෙක්. අම්මා, තාත්තා, නංගි, මල්ලි සහ මම. ඒ තමයි අපේ ලෝකය. මගේ ලෝකය.

 

එතකොට "පියුමි’’ කවුද?

මගෙ ලොකු අම්මගෙ දියණිය

 

අසන්ති මොනවගේ කෙනෙක්ද?

පවුලට මුල් තැන. ඇසුරු කරන හැමෝම යාළුවො කරගන්නෙ නැහැ. ළඟින්ම ඇසුරු කරන්නෙ පවුලේ අය විතරයි. ළඟම යාළුවො ඉන්නෙ ඉතාම ටික දෙනයි.
 

දැන් ”විවාහය” ගැනත් හිතනවා ඇති නේද?

ඒකට නම් කොහෙත්ම කලබල නැහැ. විවාහය කියන්නෙ කොහෙත්ම හදිසි වෙලා කළ යුතු දෙයක් නෙවෙයි.

 

ටෙලි නාට්‍ය නළු නිළියන් සමාජ සත්කාරක වැඩකට දායක වුණාම, ඒවා වෙබ් අඩවිවල දාලා, ප‍්‍රචාරය ලබන එකත් දැන් විලාසිතාවක් වෙලා නේද? ඒක හොඳද? නරකද?

මම හිතන්නේ නළු නිළියන් කරන ඒ හොඳ වැඩවලට ප‍්‍රචාරය දීම තව තවත් සිදුවිය යුතුයි. අනවශ්‍ය දේ, එනම් නැති දේ ඇති කරලා, ප‍්‍රචාරය කරනවාට වඩා කරන හොඳ දේට ප‍්‍රචාරය දුන්නාම සමාජයේ තව තවත් අය ඒ හොඳ දේ කරාවි.

 

 සටහන / ඡායාරූප - සඳුන් ගමගේ


sandalla

20160311-en90
20160311-ent-91
20160311-ent--92
20160311-ent-93
20160311-ent-94
20160311-ent-95
20160311-ent-96
20160311-ent-98

 



අදහස් (0)

රඟපෑමට "ෆුල්ස්ටොප්” තියන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site