ගීත රූප රචනා රැසකින් ඔබ මේ දිනවල දකින රිහාෂා මධුෂානි සමගින් මෙවර "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. නිරූපිකාවකට අමතරව දක්ෂ නර්තන ශිල්පිනියකද වන රිහාෂා ඉදිරියේදී රංගනයට පිවිසීමේ අදහසින්ද සිටින්නීය. සාරවිට සමග ඇය මෙසේ දොඬමලු වූවා..
රිහාෂාට නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?
නිරූපණය පැත්තට යොමුවෙන්න පුංචි කාලේ ඉඳලා පොඩි කැමැත්තක් තිබුණා. නමුත්, ගොඩක්ම ආසාව තිබුණේ නර්තන ශිල්පිනියක් විදිහට ඉදිරියට යන්න. ඒත්, නිරූපණට සම්බන්ධ වෙන්න මට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා.
අහම්බෙන් අවස්ථාවක් ලැබුණා කිවුවේ?
මීට අවුරුදු 4කට විතර පෙරදී තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ කොළඹ BMICH එකේ තිබුණ %මනාලි^ කියලා %බ්‍රයිඩ්ල් ෂෝ^ එකකට සහභාගීවීමෙන් පසුව. එම තරගයට තරගකාරියන් 250ක් විතර සහභාගි වුණා. ඔය පිරිස අතරින් මුල් තැනට පත් වුණේ මම. ඒ හරහා තමයි නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයට මුලින්ම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
එතකොට පුංචි කාලේ නර්තන ශිල්පිනියක් වෙන්න තිබුණ හීනය?
නිරූපණයට සම්බන්ධ වෙන්න පෙර මම නර්තනය පිළිබඳව හදාරන්න නර්තන පන්තිවලටත් සහභාගී වුණා. නමුත්, නිරුපණය පැත්තට යොමු වෙලා කාර්යබහුල වුණහම නර්තන ශිල්පිනියක් වෙන්න තිබුණ ආසාව ටිකෙන් ටික මගෙන් ඈත්වෙලා ගියා.
නිරූපිකාවක් විදිහට රිහාෂාව අපිට වැඩිපුරම දකින්න පුළුවන්?
මියුසික් වීඩයෝ හරහා. දැනට මියුසික් වීඩියෝ 5කට වැඩි ප්‍රමාණයකට මම දායකවී තියෙනවා. මේ දිනවල ජනප්‍රිය වෙලා තියෙන ෂෙහාර කසුන්ගේ "ඔබ සිහිවෙන විරාමයේ" ගීතයේ මම පෙනී ඉන්නවා. ඊට අමතරව මා දායක වුණ තවත් මියුසික් වීඩියෝ දෙකක් ලබන මාසයේදී එළිදක්වන්න නියමිතයි.
රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?
තියෙනවා. ඒ වගේම රඟපාන්න මට හැකියාවකුත් තියෙනවා.
අපේ රටේ මේ වෙන කොට නිරූපිකාවකට තියෙන තැන කොහොමද?
මම හිතන්නේ අපේ රටේ නිරූපිකාවකට දැන් දක්ෂකමට හෝ හැකියාවට නෙමෙයි තැන තියෙන්නේ පෙනුමටයි, බලයටයි, ප්‍රසිද්ධියටයි විතරයි. නවකයෙක් විදිහට අද මේ ක්ෂේත්‍රයට එකතු වෙලා දක්ෂතා පෙන්නුවට මම හිතන්නේ නැහැ තැනක් හදාගන්න පුළුවන් කමක් තියෙනවා කියලා. නමුත්, මේ සියලු බාධක අභිභවා ඉදිරියට ඇවිල්ලා නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයේ නමක් හදාගත්තොත් පස්සේ ඉතින් මේ ක්ෂේත්‍රය තුළ ප්‍රශ්නයක් නැහැ.
නිරූපිකාවක් විදිහට රිහාෂාට ඉලක්ක තියෙනවාද?
ඇත්තටම මම කැමතියි හොඳ වැඩවලට විතරක් දායක වෙන්න. මිනිස්සුන්ගේ හිත්වල රැඳෙන විදිහට වැඩ කරන්න. නැත්නම් අපි මොනවා කළත් කාටත් වැඩක් නැහැ. අසාර්ථක වැඩ කරලා හැමදාම එකම තැන රැඳිලා ඉන්න මම කැමති නැහැ. ඉතින් මගේ එකම බලාපොරොත්තුව හා ඉලක්කය වෙලා තියෙන්නේ ඉදිරියේදී හොඳ වැඩවලට දායක වෙලා මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න.
ඔබට උදවු කළ අය?
මට මේ ක්ෂේත්‍රයට එන්න මුලින්ම අතදුන්නේ මගේ යාළුවෙක්. එයා මට ක්ෂේත්‍රය තුළදිත් ගොඩක් උදවු කළා. දැන්නම් මට ගොඩක්ම උදවු කරන්නේ මගේ පෙම්වතා. එයත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක්.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රඟපාන්න මට හැකියාවක් තියෙනවා - රිහාෂා මධුෂානි