IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රේගු ආඥා පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

රේගු ආඥා පනත සඳහා යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආදායම් රැස් කිරීම ,විනිවිදභාවය, වෙළඳාම සඳහා පහසුකම් සැලසීම සහ අනුකූලතා අවශ්‍යතා වැනි කරුණු සම්බන්ධයෙන් රේගු ආඥා පනතේ 47 , 57, සහ 153 වගන්ති සංශෝධනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2022.10.3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගනු ලැබ ඇති භාණ්ඩ නිදහස් කිරීමට අදාළව පවතින ගැටලු අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් පත්  කරන ලද අමාත්‍ය කමිටුව විසින් ඉදිරිපත් කර තිබූ නිර්දේශ සැලකිල්ලට ගනිමින් රේගු ආඥා පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම සඳහා ද 2023. 9.4 කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව යෝජිත සංශෝධනයන්ට අදාළව රේගු ආඥා පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබිණි.



අදහස් (0)

රේගු ආඥා පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site