IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රේගුවේ පරිප්පු පිට පාරේ යයි

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක්  වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ග පවසයි. 

මෙම පරිප්පු තොගයේ  තක්සේරු වටිනාකම ලෙස සඳහන් වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන්  ලක්ෂයකි. මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත්  දැනගන්නට තිබේ.

මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක්  තිබී ඇතැයි පැවසේ. මෙයට අමතරව මෙම කණ්ඩායම  රාජ සන්තක කෙරුණු තලපත් බහාලුමක්  ලබාගෙන  තලපත් කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත්වීමෙන්  මේ ආකාරයට  විකිණීමට සූදානම් වීමේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මහතා මැදිහත්වී එම කටයුත්ත  වහාම නතර කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යාර්ථ විය.



අදහස් (1)

රේගුවේ පරිප්පු පිට පාරේ යයි

ජයනාත් Wednesday, 22 May 2024 06:08 AM

කුඩු නැති වෙනකොට එයාල වෙනත් මාර්ග හොයාගෙන. දැන් පරිප්පු අඩුවට ලැබේ ද..

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site