IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රේගුවේ දෙන්නෙක් රිමාන්ඩ්

රේගුවේ වාහනවල පැති කණ්නාඩි ගැලවීයැයි සැකපිට රේගු නිලධරයෝ දෙදෙනෙක් ලබන 20 වැනි දා තෙක් කොළඹ අංක හය මහේස්ත්‍රාත් විසින් අද රිමාන්ඩ් කරනු ලැබූහ.

රාජගාරියේ විදුර ප්‍රභාත් වික්‍රමනායක හා ගණේමුල්ල බොල්ලත යූ ඩී එම් ඇන්ටෝනියෝ නිරෝෂන් එම දෙදෙනාය.

කණ්නාඩි ගැලවූ බව කියන පුද්ගලයකුගෙන් ලත් තොරතුරක් අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

රේගුවේ දෙන්නෙක් රිමාන්ඩ්

අශෝක Wednesday, 15 October 2014 04:24 AM

සමහර අයගේ ප්‍රතිචාර කියවන්නත් ලැජ්ජයි (නි)

:       0       0

ඉසුරුන්දි Tuesday, 14 October 2014 01:17 PM

හැම තැනම හොරු.(හේ)

:       0       0

චතුර Tuesday, 14 October 2014 05:02 PM

කිසිම කෙනක් විශ්වාස කරන්න බැරි තත්වයක් ලංකාවේ තියන්නේ. (නි)

:       0       0

ශාන්ත Tuesday, 14 October 2014 07:56 AM

චෝදනා ඔප්පු වුවහොත් වැඩ තහනමට ලක් කළ යුතුය.දඬුවම් ද සමගින් .(හේ)

:       0       0

උපාලි Tuesday, 14 October 2014 08:01 AM

මේ දෙන්නා මුළු රේගු සේවයම අපකීර්තියට පත්කරලා. (හේ)

:       0       0

අමිල Tuesday, 14 October 2014 08:05 AM

මං නම් මේ වගේ දෙයක් ඇහුවමයි.(හේ)

:       0       0

කසුන් Tuesday, 14 October 2014 08:31 AM

සමහර විට හොරෙන් ගෙනාපු වාහනද කියලා පරීක්ෂණයක් කළාද දන්නේ නෑ.(හේ)

:       0       0

රුවන්පුර Wednesday, 15 October 2014 02:08 AM

මොවුන් වැනි රාජ්‍ය නිලදරුවන් සිටිනතුරු රටකට සුගතියක් බලාපොරොත්තු වියහැකිද? (නි)

:       0       0

චමින්ද Tuesday, 14 October 2014 10:13 AM

ලැජ්ජාවේ පණයනවා... (නි)

:       0       0

ලීනස්-රාජගිරිය Tuesday, 14 October 2014 10:26 AM

රේගුවේ සමහර අය කරන වැරදි දෙස බලනකොට මේක ලොකු දෙයක් නොවෙයි. තෝරු මෝරු සිටියදී පොඩි හාල්මැස්සෙක් අල්ලාගෙන වගෙයි මට නම් දැනෙන්නේ (නි)

:       0       0

පිටිගල Tuesday, 14 October 2014 10:26 AM

මේ දෙන්නාගේ නම් ප්‍රකාශ කිරීම හොඳ නිර්භීත වැඩක්. එයට පැසසුම් පුදමි. මේ වගේම ඔය අනෙක් හොර මැරකම් ළමා දූෂණ වගේ දේවල් කරලා සැකපිට අත්අඩංගුවට පත්වෙන අනික් අයගේ නමුත් මේ විදිහටම පළකරනවා නම් හොඳයි.එ ඒකෙන් සමාජයට සේවයකුත් ඉබේම සිදුවෙනවා නේද? (නි)

:       0       0

බර්නාඩ් Wednesday, 15 October 2014 02:25 AM

කවුද දන්නෙ ඒවා ඇතුළේ තහනම් ද්‍රව්‍ය හංගලා තියෙනවද බලන්න ගැළෙවුවද කියලා? (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 October 2014 10:33 AM

මෙහෙම කට්ටිය රේගුවේ ඉන්නවා. මැදපෙරදිගින් එවන පෙට්ටිවල තියෙන සමහර දේවල් අයිතිකරු ඉදිරිපිටම ගන්නවා, සන්තෝෂමක් විදියට. ඒ වුණාට සමහරු ඒක ගන්නේ නිකම් කප්පම් ගානට. ඒ වගේම ඉතාම වැදගත් මහත්වරුත් රේගුවේ ඉන්නව (නි)

:       0       0

චමත් Tuesday, 14 October 2014 10:42 AM

මමත් ඔය ඇහුවාමයි රේගු නිලධාරියකුගේ වැරැද්දක්.(හේ)

:       0       0

ධම්ම Tuesday, 14 October 2014 10:46 AM

අපි හිතාගෙන හිටියේ රේගු නිලධාරීන් හොරකම් කරන්නේ නැහැ කියලා.(හේ)

:       0       0

දිනේෂ් Tuesday, 14 October 2014 11:01 AM

මේක ලෙඩක් දාන්න අටවපු උගුලක් තමයි.(හේ)

:       0       0

සමන්ජය Tuesday, 14 October 2014 11:28 AM

මොවුන්ට දැඩි දඩුවම් දිය යුතුය. (හේ)

:       0       0

චන්ද්‍රා Tuesday, 14 October 2014 12:18 PM

රේගුවේ සෙල්ලම් එළිවුණා නේද? රට නැඟුමට රේගුව සුද්ධ කළයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site