(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම ට්‍රිලියන 1.5 ශ්‍රී ලංකා රේගුව, ඉතිහාසයේ වසරක් තුල ලබාගත් ඉහලම ආදායම බවත් ඊයේ (31) පෙරවරු 11.00 වන විට රුපියල් ට්‍රිලියන 1.5 සීමාව ඉක්මවූ රේගු ආදායම, දිනය අවසානයේදී රුපියල් ට්‍රිලියන 1.515 ක් දක්වා වර්ධනය වීමට නියමිතව තිබූ බවත් අරුක්ගොඩ මහතා කීයෙ
රජය 2024 වසර සඳහා ලබාදී තිබූ රුපියල් ට්‍රිලියන 1.533 ක ආදායම් ඉලක්කය ඉතා ආසන්නයටම සපුරා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇති බවත් රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහල යාම හා විශේෂයෙන් රේගු කලමනාකාරිත්වය විසින් කරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා ගනු ලැබූ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත රේගු කාර්‍ය මණ්ඩලයම කැපවී කටයුතු කිරීම මේ අයුරින් වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හේතු වූ බවත් ඔහු සඳහන් කළේය.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක්
වික්‍රම විදුර Wednesday, 01 January 2025 12:37 PM
ඉස්සර පාණ්ඩු හිටියා නම් ඕක බිලියන 10-12 කියලා තමයි නිව්ස් එකේ යන්නේ...
ගුණරත්න Wednesday, 01 January 2025 03:03 PM
මේ ආදායම ලබාගත් මූල්‍ය වර්ෂයේ මුල් මාස 11 පසුගිය පාණ්ඩුවේ කෙනෙක් තමයි මහත්තයා. මේ ආණ්ඩුව ආගමන මාසයකින් බිලියන 150ක් හෙව්වා කියන එක අතාර්කිකයි නේ කොහොමත්? එහෙම නැත්නම් ඔබතුමා අදහස් කරේ හොරකම් නිසා බිලියන ගාණක් නැති වෙලා කියලාද? ඒකත් ඉතින් උඩින් කී පරිදි මේ ආදායම සම්පූර්ණයෙන්ම පාහේ ඉපැයුවේ පසුගිය පාණ්ඩුවෙන්! ඉතින් හොරකම් වෙලා කියලා හිතන්න බැහැ...
Don perea Wednesday, 01 January 2025 02:51 PM
පාර්ලිමේන්තුවට දෙවැනි නැති ලෝක හොරුන්ගේ රජ දහන...
Nimal Wednesday, 01 January 2025 08:16 PM
වෙන මොනවාත් ඕනැ නෑ.. රේගු නිලධාරින්ගේ ගෙවලුයි වාහනයි දැක්කාම තේරෙනවා.. පොතේ තියන පඩිය ගන්න පුළුවන්ද බැරිද කියලා
Bunny Preena Thursday, 02 January 2025 09:37 AM
කවුරු කවුරුත් අවංක වැඩ කලා නම් තමන්ගේ ආත්මයටත් තමන්ගේ දරු දැරියන්ටත් රටටත් හොඳයි