IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රේගුවෙන් ඇල්ලූ හමර් රථය වෙන්දේසියේදී ආනයනයකරුටම දීලා

(රංජන් කස්තුරි)

රාජසන්තක කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් වෙන්දෙසීයේදී ආනයනයකරුවාටම ලපාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සි්‍යඹලාපිටිය මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යංශයේ ලේකම්වරාය පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණය ආරම්භ කර ඇත.

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ හමර් වර්ගයේ මෝටර් රථයක් ශ්‍රී ලංකා රේගුව මගින් රාජසන්තක කර තිබූ අතර පසුව පැවැති වෙන්දේසියේදී එම රථය ආනයනයකරුවාම ලබා ගැනීම පිළිබඳව ඉකුත් කාලයේදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබාදෙන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා රේගු අධ්‍යක්ෂවරයාට දන්වා ඇත.

එම වාර්තාව රාජ්‍ය අමාත්‍යවරයාට ලැබී ඇති අතර එහි ඉදිරිපියවරක් ලෙස පොලිස්පතිවරයාට පිමිණිලි කර තිබේ.



අදහස් (17)

රේගුවෙන් ඇල්ලූ හමර් රථය වෙන්දේසියේදී ආනයනයකරුටම දීලා

sisira- POLAND Friday, 21 October 2022 04:02 PM

අපි රට ඉඳලා එනකොට ගේන බඩු ගැන නම් රේගුව හොඳටම හොයනවා

:       15       34

විපරමා Friday, 21 October 2022 04:20 PM

පිටරට සිට එවන බඩු පෙට්ටි කඩලා ඒවායේ තියෙන දේවල් පවා හොරකම් කරන අයත් රේගුවේ ඉන්නවා. රේගුවේ කෙරෙන දූෂිත වැඩ දන්නෝ හොඳා කාරවම දනිති .

:       1       11

ranjith Friday, 21 October 2022 04:25 PM

මේ වගේ විනයක් නැති රටක් බංකොළොත් නොවී තිබේවිද? අහිංසක මිනිස්සුන්ට පමණයි ඕක්කොම නීති රෙගුලාසි.

:       6       12

BamunuarachchiMonday, 24 October 2022 07:47 AM

වාහන වෙන්දේසි කලානම් ආනයන කරු වෙන්දේසියේදි වැඩි ලන්සුවක් දුන්නානම් ඔහු කව්රු උනත් ඔහුට වාහනය දිය යුතුයි. ඔහු ඔය වාහන ගෙන්වීමට උන කැපවීම ගැන සැලකිය යුතුයි. වාහන ලංකාවට ගෙන්වීමට කලයුතු වැඩකොටස දන්නේ ඒ වාහන ගෙන්වපු කෙනා. මෙහෙ ඉන්න හල්ලපරුවෙක්ට කඩේකින් පාන් ගෙඩියක් ගන්න විදිහට ඒ වාහන දිය යුතු නැහැ.

:       2       1

තාරක Friday, 21 October 2022 04:38 PM

මේක අලුත් වැඩක් නෙවෙයි. මේක නිතරම කරන ජාවාරමක්...

:       0       2

සුරංග Friday, 21 October 2022 05:33 PM

ආනයනය කරන්න ඇත්තේ මුදල් ගෙවිමක් කරලා වෙන්න ඇති නේද රාජසන්තක කළාම ඔහුට මුලින් ගෙවූ මුදල් අහිමිවෙනවා.. ඉන්පසුව වෙන්දේසියේ ගැනීමට නැවතත් ගෙවන්න වෙනවා.. ටෙන්ඩර් ක්‍රමයට වෙන්දේසි කළානම් අවුලක් වගේ පේනවා. නැත්නම් වරදක් නැහැ කොහොමත් වාහන වෙන්දේසි කරන්නේ ටෙන්ඩර් ක්‍රමයට නිසා විමර්ශනය කිරීම සුදුසුයි...!

:       0       0

Kumara Friday, 21 October 2022 05:43 PM

ලෝකේ කාලකන්නි මස්තබාල්දුම රට තමයි මේක

:       2       10

Sirisena Friday, 21 October 2022 06:39 PM

ඕක අලුත් දෙයක් නෙවේ. හැමදාම ඕවා ඇල්ලුවම වෙන්දේසියෙන් ආපහු ගන්නේත් ගෙනාව අයම තමයි.

:       24       10

Bamunuarachchi Friday, 21 October 2022 07:58 PM

ආනයන කරු වෙන්දෙශියෙදී වැඩි ලන්සුවක් දුන්නානම් ඔහු කව්රු උනත් ඔහුට වාහනය දිය යුතුයි. ඔහු ඔය වාහන ගෙන්වීමට උන කැපවීම ගැන සැලකිය යුතුයි. කොහෙවත් ඉන්න හාල්පාරුවෙකුට මුදල ගෙවූ පලියට වාහනය දීම අසාදාරණයි.

:       10       22

fairoosSunday, 23 October 2022 05:46 PM

මෙන්න මේ වගේ බත්කන හරක් ඉන්නකන් රටට අබ සරණයි.

:       0       2

BamunuarachchiMonday, 24 October 2022 07:41 AM

බත් කන හරකා තමන්ගේ අදහස හේතු සහිතව කිව්වා.හේතු දැක්වුවා. එහේතු ලයික් 22 කින් පාඨයෝ අනුමත කළා. තමන්ගේම මස් කන, හරක් මස් කන හරකා තම අදහසට හේතු කියා ගන්න බැරිව උම්බෑ කිව්වා. ආනයන කරු වෙන්දේසියෙදී වැඩි ලන්සුවක් දුන්නානම් ඔහු කව්රු උනත් ඔහුට වාහනය දිය යුතුයි. මේක නේද සිද්දවෙන්නේ. ආනයනකරු වැඩි ලන්සුවක් දුන්නානම් අඩු ලන්සුවකට වාහන හෝ භාණ්ඩය දේවිද? ඔලුව අතගාලා බලපාන් අං කීයක් තිබෙනවාද කියලා. මැටි හරකා.

:       2       2

ප්‍රියන්ත Friday, 21 October 2022 10:21 PM

ලංකාවේ තරම් හොරකමට වංචාවට පුරුදු වූ මිනිසුන් සිටින රටක් ලොව කොතැනක වත් නැතුව ඇති......

:       12       25

පිටරැටියා Saturday, 22 October 2022 12:02 AM

ලන්කාවේ තරම් හොරකමට,වන්චාවට,දූෂණයට පුරුදු වූ නායකයන්,දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් කරපු රට ක් ලෝකේම නැතුව ඇති .

:       0       5

sam Saturday, 22 October 2022 02:56 AM

මේ වාහනය විකිණුවේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී නම්, එය ඕනෑම කෙනෙකුට මිලදී ගැනීමේ හැකියාව තියනවා. ඒ ගැනුම්කරුගේ පැටිකිරිය අදාළ වෙන්නේ නැහැ. මේවා නිකං රට හිනස්සන කතා.

:       1       38

Perera Saturday, 22 October 2022 08:29 AM

ගෙන්නපු මනුස්සයටත් දේශපාලන සවියක් දෙන්න මොකක් හරි ඇති පිටිපස්සේ. ඔය පරීක්ෂණ නිකම් මාධ්‍යයට දැනුම් දෙන්න විතරයි.

:       22       1

Prasad Saturday, 22 October 2022 04:59 PM

ආනයනකරු වැඩි ලංසුව තියනවනම් ඔහුට වාහනය නොදී ඉන්න තියෙන හේතුව මොකක්ද?

:       1       27

zeylanicus Saturday, 22 October 2022 11:40 PM

කවුරු උනත් වෙන්දේසියේදී ඉහලම මිල ඉදිරිපත් කලානම් ඒ පුද්ගලයට එය විකිණිය යුතුයි

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site