(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 647ක් පමණ වැය කර මිලදී ගත් පරිලෝකන පද්ධතිය ඵලදායිත්වයෙන් අඩු ඉතා දුර්වල එකක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක(2024) සඳහන් වේ.
මෙම පද්ධතිය මිලදී ගැනීම සඳහා වැය කර ඇති මුදල 2021 සහ 2022 වර්ෂ වලදී රේගුවේ ත්‍යාග අරමුදලට මාරු කරන ලද මුළු ත්‍යාග මුදලට සමාන බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම පද්ධතියෙන් හැකියාව ලැබී තිබුණේ දිනකට වරායෙන් මුදා හරින බහාලුම් වලින් පහෙන් එකක් පමණ වූ අඩු ප්‍රමාණයක් පරීක්ෂා කිරීමට පමණක් බව සඳහන් කරන වාර්තාව තොග වශයෙන් ආනයනය කරන භාණ්ඩයන්හි පරිලෝකන රූප තද අඳුරු පැහැයකින් යුක්ත වීම දියර වර්ග ඇතුළත් බහාලුම් පරි ලෝකනයෙන් ඵලදායි විශ්ලේෂණයක් කිරීම අපහසුවීම සහ ඉතා ඉහළ ඝනත්වයෙන් යුක්ත ටයිල් ග්‍රැනයිට් යකඩ යනාදී භාණ්ඩ අතර සඟවා ගෙන එන දෑ හඳුනා ගැනීම අපහසු වීම ආදී දුර්වලතා මෙම පද්ධතියේ නිරීක්ෂණය වූ බව ප්‍රකාශ කරයි.
පරිලෝකන පද්ධතියේ කාර්යක්ෂමතාව අඩුවීම අපනයනකරුවන් අතර වැරදි කිරීම සඳහා පෙළඹවීමක් ඇති කිරීමට හේතුවී ඇතැයිද වාර්තාව සඳහන් කරයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ අරමුදල් පිළිබඳ 2024 විශේෂ විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුවට කෝටි 647ක් වැය කර ගත්තු යන්ත්‍රය සුදු අලියෙක්
නිමල් Saturday, 01 June 2024 05:49 PM
ඉතින් ලංකාව බංකොළොත් වීම පුදුමයක්ද?
Amara Saturday, 01 June 2024 09:56 PM
පරිලෝකන කියන්නෙ මොන ලබ්බක් ද?
Lalla Saturday, 01 June 2024 10:46 PM
වරාය කවදත් ජරාවට යටවූ තැනක්.ඕකටත් හොඳ කුට්ටියක් කන්න ඇති...