IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


'රෝගියා රූං ගමනින් රෝහලට'

රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 105 කට ආසන්න ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟවී තිබේ.

මෙම ගිලන් රථ සේවාවේ පළමු අදියර කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට යයි. පළමු සේවක කණ්ඩායම ඉන්දීය නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් ලබන බදාදා (10) පෙරවරුවේ බඳවා ගැනීමට නියමිතය.

සේවකයින් බඳවා ගැනීම සහ මෙම ව්‍යාපෘති පිළිබඳව විදේශ නියෝජ්‍ය අැමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග ඉන්දීය නියෝජිතයින් සහ ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටින නිළධාරීන් එක්ව ලබන බදාදා (10) උදෑසන 10.00 ට ඇතුළුකෝට්ටේ සිංහ සමාජ උත්සව ශාලාවේදී හමුවක් පැවැත්වීමට  නියමිතය.

 



අදහස් (0)

'රෝගියා රූං ගමනින් රෝහලට'

වසන්ජය Thursday, 11 February 2016 07:16 AM

වැඩේ හොඳයි එ්ත් ඉන්දීය නියෝජිතයෝ ගන්නේ ඇයි ලංකාවේ රැකියා නැතුව කොතරම් පිරිසක් ඉන්නවද (බ)

:       0       0

ගංගා Monday, 08 February 2016 04:09 PM

මහත්මයාණනි මෙය හොදම ක්‍රියාවක් .මම සේවය කරන්නේ ඊශ්‍රයල් වල.මේ රටවල කොපමණ වාහන තද බදයක් තිබුනත් ගිලන් රථවලට යාමට වෙනම මන්තිරුවක් ඇත .අපේ රටෙත් ඒ දෙය කරන්න පුලුවන්නම්, අනතුරු වලින් සිදුවන ජීවිත හානිය අවම කරගන්න පුළුවන් වේවි.මෙම කාර්ය කිරීමට සියලු ශක්තිය දධර්ය නොඅඩුව ලැබේව.(කෞ)

:       0       0

මංජුල Monday, 08 February 2016 06:07 PM

ඇත්තටම හොඳ දෙයක් ගයන්ත. ඕක හිතේ තියාගෙන ඉන්නේ නැතුව කලින්ම කියන්න තිබුනේ (නි)

:       0       0

ජයත් Monday, 08 February 2016 01:46 PM

මොනවා ගත්තත් වැඩැක් නැහැ කොළඹ නම් උඩින් තමයි ලෙඩාව අරන්යන්න වෙන්නේ සමහර විට පියාබන්න පුළුවන් ඒවා ගත්තොත් නම් හරි යාවි (අ)

:       0       0

ගයන්ත Monday, 08 February 2016 02:22 PM

අත්‍යවශ්‍යම දෙයක්. මම කාලෙක ඉඳන් හිතහිතා හිටියේ මේ අවශ්‍යතාවය ගැන. (අ)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 09 February 2016 02:12 AM

ජගත් කී දේ හරියටම හරි. ආනන්ද යහපාලනය භුක්ති විඳින්න ලැහැස්ති වෙන්නකෝ, එතකොට තේරෙයි. (නි)

:       0       0

අයිවන් Tuesday, 09 February 2016 02:57 AM

බමුණු ආරච්චි, ආනන්ද, ඔය යහපාලනය විල්පත්තුවට නැද්ද? (නි)

:       0       0

ආනන්ද Monday, 08 February 2016 03:33 PM

ඉතාමත් සුබදායක පුවතක්. යහපාලනය නම් මෙය නොවේද? (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site