IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රිකී පොන්ටින් ටෙස්ට් ලකුණු 13000 පසු කරයි

ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (25) සවස තරගය නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය. මෙම තරගයේදී හිටපු නායක රිකී පොන්ටිං ලකුණු 221 ක් ලබා සිය ටෙස්ට් දිවියේ 41 වැනි ශතකය වාර්තා කළේය. පොන්ටින් ලකුණු 81 ක් ලබා ගැනීමත් සමග සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 13000 වාර්තා කිරීමට ද සමත්විය.  ඕස්ටේ‍්‍රලියා පිතිකරුවකු ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ. ලකුණු 13140 ක් ලබා සිටින පොන්ටින් ටෙස්ට් ක‍්‍රිකට් තරගවල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15444 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටියි. රාහුල් ඩ‍්‍රාවිඞ් ලකුණු 13263 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 ක් දැවී ලකුණු 604 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. එහිදී රිකී පොන්ටින් සහ නායක මයිකල් ක්ලාක් (210) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 386 ක සම්බන්ධතාවක් පැවැත්වුහ. ටෙස්ට් තරග 4 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස  ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ සිටියි. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 604 (රිකී පොන්ටිං 221, මයිකල් ක්ලාක් 210, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 42, රයන් හැරිස් නොදැවී 35, ආෂ්වින් 194/3) ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 2 ට 61 (ගෞතම් ගම්බීර් නොදැවී 30)  



අදහස් (0)

රිකී පොන්ටින් ටෙස්ට් ලකුණු 13000 පසු කරයි

යොහාන් Thursday, 26 January 2012 09:17 AM

පොන්ටින් ලෝකයේ ඉන්න හොදම පිතිකරුයි. ඒකෙ සැකයක් නැහැ. සචින් අතිවිශිෂ්ඨයි

:       0       0

Kamal Thursday, 26 January 2012 09:34 AM

සුබ පතමි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2370 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site