IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රක්වානෙන් රතු කැට නිල් කැට මතුවේ

රක්වානේ මාදම්පහ හන්දිය සංවර්ධනය සඳහා කඳු කපද්දී ස්ථාන දෙකකින් මැණික් ඉල්ලම් මතු වී ඇතැයි ගැමියෝ කියති. රජවත්තෙ කෝපි කෑල්ලේ ද ඉල්ලමක් මතු වී ඇත. රතු කැට, නිල්කැට හා පුෂ්පරාග මෙම ඉල්ලම්වල ඇතැයි ද රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ හත දක්වා මැණික් සොයාගත් අය සිටිතී ද ගැමියෝ කියති. ඉල්ලම් පස් රථවල පුරවාගෙන යෑමට ලොකු පොරයක් පවති.



අදහස් (0)

රක්වානෙන් රතු කැට නිල් කැට මතුවේ

සිමියන් Tuesday, 26 November 2013 02:39 PM

අනේ අපේ වාසනාව! (නි)

:       0       0

කුමාරි Tuesday, 26 November 2013 03:29 PM

මට බය දැන් මෙම වාසනාව නිසා ජිවිත කියක් නැතිවේවිද කියායි (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 26 November 2013 11:34 PM

අර ඉස්සර වටිනා මැණික් තිබෙනවා කියලා ලක්ෂ කෝටි ගණන් වලට විකිණූ හිස් ඉඩම් වලට මොකද වුණේ? තවමත් මැණික් මතු වෙනවාද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 26 November 2013 11:35 PM

මේ වගේම අර ඉස්සර කැළණි ගගෙන් මතුවුණ රත්තරන් උල්පත දැන් නැද්ද? (නි)

:       0       0

අජිත් Tuesday, 26 November 2013 06:52 PM

දැන් එහෙනම් මෙතනටත් දේශපාලුවෝ ඇවිත් රජකරන්න ගනීවි.(නදී)

:       0       0

රවී Tuesday, 26 November 2013 11:34 AM

මගේ ලංකාව සුරපුරයකි (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 26 November 2013 11:42 AM

"මිනිසුන් පොළවට මරා ගන්නා විට පොළව සිනා සේ. මක් නිසාද අවසානයේ සියලු දෙනාටම ඉතිරි වන්නේ පොළවෙන් හතර රියනක් පමණක් බැවිනි." - (නි)

:       0       0

සත්‍යා Tuesday, 26 November 2013 12:06 PM

ලංකා සමාජයේ ඔය කියන රතු කැට, නිල් කැට වලට වඩා වටිනා සාරධර්ම සමුදායක් අතීතයේ සිට පැවතුණා. විදේශ ආක්‍රමණ හා යටත් විජිත බලපෑම් තුළින් ලාංකියින් තුළින්ම ඒ වටිනා ගුණධර්ම ගිලිහී ගොස් පොළව යටම සැඟවුනා. ධනයට ආදරය කරන මිනිසා මැණික් වලට ලොබවී ඉල්ලම් පස් ගෙනයාමට කරන පොරය නැතීවී ගිය සාරධර්ම සොයා ගැනීමට යොදන්නේ නම් මේ රට හෙටවත් මේ අඳුරු අාගාධයෙන් ගොඩ ඒවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site