IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රැකියා සොයා නිවසින් පැන ගිය දරු තිදෙනා සොයා ගනියි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුදු දිනය යෙදී තිබූ දාහතර වෙනිදා පලාගොස් සිටි  බාලවයස්කාර දරුවන් තිදෙනා අම්බලන්තොට ගලගොඩ ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදී අද (18) වෙනිදා සොයා ගන්නා ලදැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි

මෙම බාලවයස්කාර දරු තිදෙනා පොලිසිය භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහාවෙන්නප්පුව මූලස්ථාන පොලිසිය වෙත රැගෙන එනු ලැබූහ

දරුවන් තිදෙනා සොයාගනු ලැබුවේ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාට ලැබුණු තොරතුරක් අනුවය

නිවසින් පලා ගිය 14 හැවිරිදි වියේ පසුවන දරුවාගේ පියා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටින අතර මෙම දරුවන් තිදෙනාම එම නිවසට ගොස් සිට ඇතැයි පොලිසිය පවසයි

මෙම දාහතර හැවිරිදි දරුවාගේ මව වෙනත් විවාහයක් කරගෙන වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු මෝලක කම්කරු රැකියාවක නිරතව සිටින බව කියති

එම විවාහයෙන් මෙම දරුවාගේ මවට මාසයක දරුවකුද සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කීය

මෙම බාල වයස්කාර දරු තිදෙනා පසුගිය 13 වැනිදා රාත්‍රියේ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක්  නැරඹීමට ගොස් පසුදින අලුයම් කාලයේ නිවසට පැමිණ ඇත 

සංගීත  සංදර්ශනය නැරඹීමට ගොස්පැමිණි දරු තිදෙනාගෙන්  පහළොස් හැවිරිදි වියේ පසුවන දරුවාගේ කිරිඅම්මාඒ සම්බන්ධයෙන් මෙම දරුවාට දොස් පවරා එක් පහරක් අතින් පිටට ගසා ඇතැයි කියති

මෙම 15 හැවිරිදි දරුවාගේ මව පිළිකා රෝගයක් වැළඳීමෙන් මීට මාස අටකට පසු මියගොස් ඇත

මෙම 15 හැවිරිදි දරුවාගේ පියා අංශභාග රෝගය වැළඳී අවුරුදු ගණනාවක් තිස්සේ ඔත්පළ ව සිටින  අතරමොවුන් දෙදෙනාවකුලී වැඩ කර රැකබලා ගන්නේ දරුවාගේ73හැවිරිදි සීයා විසිනි

නිවසින් පළාත් ගිය 14 හැවිරිදි දරුවාගේ මව ද එම දරුවා සහ පියා අතහැර ගොස් වෙන විවාහයක් කරගෙන සිටින බව කියති

මෙම 14 හැවිරිදි දරුවාගේ පියා පෙදරේරු වෘත්තියේ නිරතව සිටින අයෙකි

මෙම දරුවන් තිදෙනාම මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කටයුතු යොදා ගෙන යයි

මෙම දරුවෝ තිදෙනා වෙන්නප්පුව ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබති

පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ සහ හලාවත කොට්ඨාසය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේවෙන්නප්පුව පොලිස් අධිකාරී වසන්ත කුමාර මහතාගේ සහ නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී එස් ඩී ආර් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මතවෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයුම යටතේවිවිධ පැමිණිලි විමර්ශන අංශයේ වැඩ බලන ස්ථාබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් කාන්තා උප පොලිස් පරීක්ෂක කුරේ මහත්මියපොලිස් කොස්තාපල්තරංග75175,පොලිස් කොස්තාපල් ඉඳුනිල්88553පොලිස් කොස්තාපල් දසනායක98999යන මහත්වරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් වින්ද්‍යා 8968මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි



අදහස් (4)

රැකියා සොයා නිවසින් පැන ගිය දරු තිදෙනා සොයා ගනියි

සත්ත්‍යා Tuesday, 18 April 2023 04:36 PM

ඇයි මෙතන සදහන් කරලා තිබුණ අදහස් ඉවත් කරලා තියෙන්නේ ??? ඒ මාධ්‍ය නිදහස ගැනත් සැලකිලිමත් වෙන්න අපටත් අවස්ථාවක් ලැබයි ! ! !

:       1       0

Asela Tuesday, 18 April 2023 10:02 PM

ප්‍රවෘත්තියටත් වඩා දිගයි පරීක්ෂණ කරන පොලිසියේ නම් සෙට් එක...

:       0       3

Pradeep Kumara Wednesday, 19 April 2023 11:24 AM

දෙමව්පියන්ගේ අනිසි ක්‍රියා නිසා දුක්විඳින දරුවන්....

:       0       1

බකමූස Wednesday, 19 April 2023 01:17 PM

වැඩිම පොලිස් නිලධාරීන් පිරිසක් සම්බන්ධ වී කරපු ලංකාවේ ලොකුම මෙහෙයුම වෙන්න පුළුවන්.... පොඩි අය බයවෙලා ඇති මේ කට්ටිය දැකලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site