(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙරට මෙහෙයුම් කටයුතු එළඹෙන වසර දෙකක කාලය තුළ අවසන් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ හේතුවෙන් මෙරට සිටින සරණාගතයන් විශාල අවිනිශ්චිතභාවයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට සිටින සරණාගතයන්ට ලබා දෙනු ලබන දීමනාව සඳහා 2023 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය මුදලෙන් ලැබී ඇත්තේ සියයට 23 ක මුදලක් පමණක් වන බවත් එළඹෙන දෙසැම්බර් මාසයට ප්‍රථම එම මුදල අවසන් වනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇත. සරණාගත පවුල් වල ළමුන්ගේ අධ්‍යාපනය සඳහාද මුදලක් එම දීමනාවට ඇතුලත් වේ.
දීමනාව නොලැබීමෙන් සරණාගත පවුල් මෙන්ම එම පවුල්වල ළමුන්ගේ අධ්‍යාපනයද අවදානමට ලක්විය හැකි බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.එසේම තවමත් සරණාගතභාවය නොලැබූ පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් එම පිරිසගේ සරණාගතභාවය අනුමත නොකර එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයුම් කටයුතු අවසන් කළහොත් එම පිරිසගේ ජීවිත අවදානමට ලක් වීමට පවා අවස්ථාවක් තිබෙන බව ආරංචි මාර්ග පවසා ඇත.
සරණාගතභාවය නොලැබුනහොත් නැවතත් එම පිරිස පැමිණි රටට ඔවුන්ට පිටත්ව යාමට සිදු වන බවත් එහිදී ඔවුන් ඝාතනයට ලක් විය හැකි බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
මේ පිළිබඳ මෙරට කාර්යාලයෙන් අප නිල වශයෙන් විමසීමක් කළ අතර එහිදී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙරට සිටින නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මේ වනවිට අවතැන් වී සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් පිරිසක් බවත් අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවගෙන් බහුතරයක් ඔවුන්ගේ මුල් ස්ථාන කරා ආපසු ගොස් ඇති බවත්ය ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කළ යුතු දැයි සමාලෝචනය කිරීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට හැකියාව ලැබී තිබෙන බව මෙරට කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේය.අභ්‍යන්තරව අවතැන් වූ බොහොමයක් ජනතාවට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහාය ලබා දී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ සිටින බොහෝ සරණාගතයන් සඳහා කල් පවතින විසඳුම් සොයා දුන් බවත් මෙරට කාර්යාලයේ නිලධාරීන් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යූ.එන් එකේ කොටසක් මෙහෙයමු අවසන් කරන්න යයි