IMG-LOGO

යූ.එන් ආහාර සමුළුව මෙරටදී

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වුණු 36 වැනි කලාපීය සමුළුවේදී මෙම තීරණයට එළැඹ තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී විය.

ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීමට සහ සැමට ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ලොව රටවල් 130ක ක්‍රියාකාරීත්වය මෙම සමුළුවට ලබා දෙනු ලබයි.

2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට රටවල් 40ක් සහභාගී වීමට නියමිතය.

බංග්ලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්දුල් රසාක් මහතා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද මෙම සංචාරයේ දී සිදු කෙරුණු අතර දෙරට අතර බෝග හුවමාරුව,කෘෂි තාක්ෂණය හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙහිදී ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් කිව් ඩොන්ගිව් මහතා සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

යූ.එන් ආහාර සමුළුව මෙරටදී

Wakkumbura Monday, 14 March 2022 10:10 AM

අලුත්ගමගේ කියන්නේ උගත්, දක්ෂ ජනතාවාදී ඇමැති කෙනෙක්...

:       16       1

Hafeel Monday, 14 March 2022 11:44 AM

ඒ නිසා තමයි අද ගොවීන් අසීරුතාවයට පත්වෙලා ඉන්නේ. එහෙමනම්, ඊළඟට ලෝකයේ හොඳම කෘෂිකර්ම ඇමති ඔහු වෙන්නත් පුළුවන්... දැනටමත් ලෝකේ හොඳම මුදල් ඇමැති සහ හොඳම සෞඛ්‍යය ඇමැතිත් ලංකාවෙන්.

:       0       9

kamalMonday, 14 March 2022 12:16 PM

මේ මහත්තයා හොඳ විහිළු කාරයෙක්නේ...

:       0       4

Hafeel Monday, 14 March 2022 10:11 AM

සමුළුවට එන පිරිසට ආහාරත් රැගෙන එන්න වේවිද...?

:       0       18

Citizen Monday, 14 March 2022 12:24 PM

සමුළුවට එන කට්ටියගේ අතේ ගෑස් ටැන්ක් එක දීලා පෝලිමේ තියන්න ඕනේ... එතකොටයි කන්න දෙන්නේ කියා....!

:       0       7

Sunil Monday, 14 March 2022 01:11 PM

උග්‍ර ආහාර හිඟයක් පවතින රටක් කුමට තෝර ගත්තාද?

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site