IMG-LOGO

යුද රටවල සිටින ලාංකිකයන් ගැන රජය හොඳ අවධානෙන් ඉන්නවා

(අංජුල මහික වීරරත්න)

මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ අදාළ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදුකිරීම සඳහා තානාපති කාර්යාල වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් නියෝජ්‍ය  අමාත්‍යවරයා මේ බව කීය.

“මැදපෙරදිග කලාපයේ ඇතිවි තිබෙන නොසන්සුන්කාරී තත්වය හමුවේ ඊශ්‍රායලයේ හා ඉරානයේ රැඳී සිටින ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශය විදියට මේකට අවශ්‍ය මැදිහත්වීම කරනවා. අපි දෙරටේම තියෙන තානාපති කාර්යාල සමග සෘජු සම්බන්ධතා පවත්වගෙන යනවා. මේ මොහොතේ අපි ප්‍රමුඛත්වය ලබාදීලා තිබෙන්නේ අපේ රටේ පුරවැසියො කිසිම කරදරයක් නැතුව ආරක්ෂා කරගන්න එකට. ඊට අදාළව අපි තානාපති කාර්යාල නිළධාරීන් හරහා අවශ්‍ය මැදිහත්වීම කරගෙන යනවා.

අපි දෙරටේම සිටින ශ්‍රි ලාංකිකයින්ට අවශ්‍ය ඕනෑම වේලාවක තානාපති කාර්යාල සමග සම්බන්ධ වෙන්න විශේෂ දුරකථන අංක ඒ සඳහා හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ඊට කිසියම් තාක්ෂණික බාධාවක් තිබෙනවා නම් අපිත් එක්ක සෘජුවම සම්බන්ධ වෙන්න. අපේ මූලිකම පරමාර්ථය අපේ ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව. ඊට අපි රජයක් විදිහටත් අමාත්‍යාංශයක් විදිහටත් අවශ්‍ය මැදිහත්වීම කරනවා.

මේ වෙලාවේ අපි කියන්නේ ශ්‍රී ලාංකිකයින්ට තමන් ඉන්න රටේ ආරක්ෂක අංශ කියන මාර්ගෝපදේශ අනුව, අදාළ රටවල නීතිරීතිවලට අනුව මේ මොහොතේ කටයුතු කරන්න.” ද යනුවෙන් ප්‍රකාශ කළේය. 



අදහස් (0)

යුද රටවල සිටින ලාංකිකයන් ගැන රජය හොඳ අවධානෙන් ඉන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site