රටේ යහපාලනය ඇති කිරීම සඳහා ජනවාරි 8 වැනිදා ඇති කළ වෙනසින් ආරම්භ වූ වැඩපිළිවෙළ දැනට නැවතී ඇති තැන සිට ඉදිරියට ගෙනයාමට නම් යහපාලනය ගෙන ඒමට කටයුතු කළ පිරිසකට එළඹෙන මහමැතිවරණයේ දී ද බලය ලබාදිය යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.
යහපාලනයක් ඇති කිරීමට කැපවී ක‍්‍රියා කළ සියලූ පාර්ශවයන් දැනට සිටින්නේ යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සමඟ බව ද දඹර අමිල හිමියෝ සඳහන් කළේය.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආරම්භ කළ ගමන ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට බව පෙනීයන්නේ යැයි ද දඹර අමිල හිමියෝ පවසා සිටියේය.
පසුගිය ජනවාරි 8 වැනිදා තැබූ පියවර ජයග‍්‍රහනයකින් කෙළවර කරගැනීමේ අරමුණ ඇතිව ලබන 17 වැනිදා ඡුන්දය භාවිතා කිරීමට සියලූ දෙනා අදිටන් කරගත යුතු යැයි ද උන් වහන්සේ කීවේය.
අමිල හිමි මේ බව පැවසුවේ කොළඹ මහජන පුස්තකාලයේ දී අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
යහපාලනය සඳහා වූ භික්‍ෂු සංසදය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබිණි.
යහපාලනය සඳහා වූ භික්‍ෂු සංසදයේ කැඳවුම්කරු අත්තන්ගනේ ශාසනරතන හිමි, බෝපිටියේ ධම්මිස්සර හිමි, රජවත්තේ වප්ප හිමි, එක්සත් භික්‍ෂු පෙරමුණේ විධායක සභික හා කුරුණෑගල දිස්ත‍්‍රික් සංවිධායක කරකොලේ පියදස්සී හිමියෝ ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
162
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යහපාලනය පෙරට ගන්න : එජාප පෙරමුණ දිනවන්න
දුමින්ද Wednesday, 22 July 2015 08:55 AM
බුදුන් වදාල මග තුලින් මෙලොව පරලොව දිනා ගනු මැන. (ර)
අබේරත්න Wednesday, 22 July 2015 02:14 PM
හිමි වරුනි අපේ සංසාර ගමන කෙටි කර ගැනීමට අපට ධර්මය දේශනා කරනු මැනවි . අපි ඔබ වහන්සේලාගෙන් බලා පොරොතු වන්නේ එපමණි. (ර)
සන්දු Wednesday, 22 July 2015 09:05 AM
දුමින්ද හරියට හරි (ම)
උපුල් පතිරණ Wednesday, 22 July 2015 02:17 PM
ගොඩක් හොද නිර්මාණ. (ර)
අෂාන් Wednesday, 22 July 2015 09:27 AM
දුමින්ද, යහපාලනය කියන එක බුදුන් වදාළ මගක් තමයි.දස රාජ ධර්මය කියන්නේ යහපාලනය තමයි (බ)
ධම්ම Wednesday, 22 July 2015 09:29 AM
සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගණිනු...(බ)
සරත් Wednesday, 22 July 2015 09:33 AM
හාමුදුරුවනේ සසර දික් නොකර ගන්න (බ)
රෝයි Wednesday, 22 July 2015 09:36 AM
දුමින්ද, බුදුන් වදාළ මග භික්ෂුන්ට පම්මනක් නොවේ . බොදු ගිහියන්ටත් එම මගම තමා. රට යහ මගට ගැනීමට අවශ්‍ය දේ කිරීමට, ප්‍රකාශ කිරීමට, ගිහියන් පමණක් මැදිහත් විය යුතු බව වැරදි මතයක්. (ර)
කුමාර් Wednesday, 22 July 2015 10:13 AM
මෙයාලා දේශපාලනයට කරන්නේ වාසි ලැබෙන ආකාරයට. (ම)
රණසිංහ Wednesday, 22 July 2015 10:29 AM
අනේ අපට පවු නොදෙන්න. (අ)
උදිත Wednesday, 22 July 2015 10:35 AM
අද දේශපාලනය කරන හාමුදුරුවෝ නිසා බුදු දහමේ පැවැත්මට තර්ජනයක්. ගිහියන්ගෙන් අවවාද අනුශාසන ගන්න තත්වයට පත්වුණා. (අ)
අරුණ Wednesday, 22 July 2015 11:02 AM
මම ඉස්සර හිතුවේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තම තමන්ගේ යහපත සාදා ගත යුතය කියා. (ර)
සිරා Wednesday, 22 July 2015 11:55 AM
විශ්ව විද්‍යාල හාමුදුරුවන්ට අකැපයි. (අ)
විජේසුන්දෙර ප්‍රංශය Wednesday, 22 July 2015 11:57 AM
දෙවියන් අතර යක්ෂින් ද වෙස් වලා සිටින බව පෙනේ ! (අ)
අනිල් ගුණවර්ධන Wednesday, 22 July 2015 12:19 PM
මේ අය තමයි ලංකාවේ සිංහලයව බාල්දු කරන්නේ. (අ)
රාධා Wednesday, 22 July 2015 01:53 PM
ධර්මය දේශනා කිරීමේදී මිනිසුන් වෙනුවෙන් කළ යුතු හොඳ දෙය දේශනා කිරීම භික්ෂුන්ට අයිති දෙයක්. .බුද්ධ දේශනාව ජාති ආගම් කුල බේද නොතකයි. (අ)