රට බෙදෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම සහය නොදක්වන බවත්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ආ පමණින් ජනතාවගේ ගැටළු නොවිසෙඳන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා අද (04) පැවසිය.
ජවිපේ ප්‍රධාන කාර්යාලයයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු එලෙස කීවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසීමට පෙර ආණ්ඩුව කෙටුම්පතක් හෝ සැකිල්ලක් හෝ ඉදිරිපත් කළ යුතු බව යි.
රටේ ජනතාවගේ ජාතික සහ ආගමික සමගිය ආරක්‍ෂා වන කරුණු මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා වන කරුණු ද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නියමාකාරයෙන්ම අඩංගු විය යුතු බව ද ඔහු සඳහන් කළේය.
‘‘රාජපක්ෂ පාලන සමයේදී රාතී‍්‍ර කාලයේ සුදු ඩිෆෙන්ඩර් පැමිණ මිනිස්සු පැහැරගත්තා. අද මහා දවාලේ කළු ඩිෆෙන්ඩර්වලින් මිනිසුන් පැහැර ගත්තා. යහපාලනයත් පෙර ආණ්ඩුව සේම පාදඩකරණයට ගමන් කරමින් සිටිනවා. මේ ආණ්ඩුවත් වැරදිකරුවනට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරනවා වෙනුවට ඔවුන් සමඟ ‘ඩීල්‘ දමමින් රාජපක්ෂ පාලනය ගෙන ගිය කි‍්‍රයාවලියම ගෙන යනවා‘‘
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘යහපාලනෙත් රාජපක්ෂ ආණ්ඩුව වගෙයි‘
සම්පත් Monday, 04 January 2016 05:45 PM
මේ සෝබන කතා වලට අපි අහුවෙන්නේ නැහැ (නි)
දුමින්ද Monday, 04 January 2016 11:04 AM
දෙගොල්ලම එකයි. (ර)
සත්‍යපාල Tuesday, 05 January 2016 01:50 AM
මෙයාල ජනතාවට "දෙබිඩි කොකා" නොමිලේ පෙන්වමින් යන්නේ. ඇතුලේ හැංගිලා ආණ්ඩුව එක්ක ඩීල් දානවා. එලියට බැහැල ජනතාව රවටන්න ආණ්ඩුවට බනිනවා. (ස)
නුවන් Tuesday, 05 January 2016 03:13 AM
මෙයලම නේද මේ ආණ්ඩුව ගෙනාවේ. (ස)
සේනක Tuesday, 05 January 2016 04:13 AM
ජවිපෙ දැන් නාමික දේශපාලන පක්ෂයක තත්වයට පත් වෙලා ඉවරයි. දැන් ගොඩක් වයසත් එක්ක . අවුරුදු පනහකට ඔන්න මෙන්න. ජීව ගුණය දැන් හොදටම පිරිහිලා. (බ)