IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘යුවාන් වැන්ග් 5’ සිද්ධියට පොහොට්ටුවත් මැදිහත් වෙලාලු

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව අතීතයේ සිට පවත්වාගෙන ආ නොබැදි විදේශ ප්‍රතිපත්තිය තව දුරටත් ආරක්‍ෂාකරගැනීමට වර්තමාන පාලකයන් කටයුතු කළ යුතු බවත් චීනයට අයත් ‘යුවාන් වැන්ග් 5’ නෞකාව සම්බන්ධ සිද්ධියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්‍ෂ මහතා බලපෑම් කළේ නම් එය හෙළා දකින බවත් ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද (9) පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද සම්බන්ධතාවට හානියක් නොවන ලෙස නෞකාව සම්බන්ධ ගැටලුව විසඳාගත යුතු බව කී විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා මෙම සිද්ධියේදී ඇමරිකානු අධිරාජ්‍යවාදී මැදිහත්වීම හෙළාදකින බව ද සඳහන් කළේය.

රුසියානු ගුවන් යානය සම්බන්ධ නඩුව ගාස්තුවලට යටත් ඉවත දමා මේ වන විට සති කීපයක් ගතවී තිබුණ ද රුසියාව සමඟ සම්බන්ධකම් යථාවත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කර නොමැති බවත් රුසියානු ගුවන් යානයකට ඉදිරියේදී එවැනි සිද්ධියකට මුහුණදීමට සිදුනොවන බවට ලිපිය හැකි ඉක්මණින් රුසියාවට යොමු කළ යුතු බවත් වීරසිංහ මහතා කීය.

රට මුහුණ දී තෙල්, ගෑස් බෙහෙත් ආදි ප්‍රශ්නවලට මුහුණ දීමට ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව කී වීරසිංහ මහතා සඳහන් කළේ එම ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම්වලට යෑමට නම් අලුත් ජනවරමක් ඇති ආණ්ඩුවක් පිටිහුවිය යුතු බවත්ය.

ලක්‍ෂ සංඛ්‍යාවක් සහභාගි වූ අරගලයේ ඇතැම් සුළු අවස්ථා යොදාගනිමින් තරුණයන් අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය යොදාගැනීමට විරෝධ දක්වන බව ද විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.

ලංකා කොමියුනිට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (9) එසේ පැවසීය.



අදහස් (2)

‘යුවාන් වැන්ග් 5’ සිද්ධියට පොහොට්ටුවත් මැදිහත් වෙලාලු

සත්‍යය Wednesday, 10 August 2022 08:04 AM

අධිරාජ්‍යවාදය දශක ගණනාවක් පතුරු ගහපු වචනයක්. කවුරුන් හෝ සැබෑ තේරුම දන්නවාද?

:       0       1

Rohan perera Wednesday, 10 August 2022 10:50 AM

කල් පැනපු කොමියුනිස්ට් පක්ෂය පොඩ්ඩක් පැත්තකට වෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site