අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සංවිධානය කරන යොවුන් පුරය සීගිරියේදී ඇරඹිණි.
‘සිහින පෙන්වන්නට නොව පාර පෙන්වන්නට අනාගතය ඇරඹුණා‘ එහි තේමාවයි. දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් තරුණ තරුණියෝ 5000ක් පමණ මාර්තු 30 සිට අප්‍රේල් 2 දක්වා සීගිරියේ කඳවරු බැඳ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙති.
යොවුන් පුරයේ සමාරම්භය නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යොවුන් පුරය සීගිරියේදී ඇරැඹෙයි
යසපාල Thursday, 31 March 2016 08:29 AM
හරිම සතුටුයි. අපි මෙය අගය කරනවා (නි)
ලංකා Thursday, 31 March 2016 08:39 AM
මේවා හොඳ වැඩ. අපෙන් සුබ පැතුම් සහභාගි වූ හැමෝටම (නි)
ජෙරම් Thursday, 31 March 2016 09:16 AM
කොහෙද නගේ කොහෙද මලේ හනිකට යන්නේ... සීගිරියේ යොවුන් පුරය වෙතටයි යන්නේ.... (නි)
කපිල Thursday, 31 March 2016 09:35 AM
ඔච්චරයි අඩුවක් තිබුනේ අපිට...අරගොල්ලෝ දැයට කිරුල මේ ගොල්ලෝ යොවුන් පුර...(බ)
ප්‍රතිභා Thursday, 31 March 2016 06:47 AM
තරුණ තරුණියන්ට හොද අත්දැකිමක් වෙයි.(හේ)
දුමින්ද Thursday, 31 March 2016 06:49 AM
හොද වැඩසටහනක්.(හේ)
ඉසුරන්දි Thursday, 31 March 2016 06:50 AM
මගේ යොවුන් අවදිය මතක් වුනා.රටේ මොන ප්‍රශ්න තිබ්බත් දේශපාලන කෝණයකින් නොබලා මෙවැනි කටයුතු ඉදිරියටත් සංවිධානය කිරීම අගය කලයුතුයි.(හේ)