IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


යුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ.

යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කළ බව ශ්‍රි ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

අභියෝගාත්මක කාල වලදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු වන බව එම පණිවිඩය මගින් පෙන්වා දී ඇති අතර සිවිල් සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතිය ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව ඒම සාකච්ඡාවේදී අවධාරණය කළ බව සඳහන් කර තිබේ.

ජී.එස්.පී (ප්‍ලස්), ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ මානව හිමිකම් කවුන්සිලය යන දැනට පවතින ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස යුරෝපා සංගමය ජනාධිපති වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලු බවත් එම නිවේදනය සඳහන් කරයි.

මෙම ක්‍රියාදාමයන් සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර පියවර ගනු ඇතැයි යුරෝපා සංගමය බලාපොරොත්තු වන බව ඒම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

 



අදහස් (3)

යුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙති

ganegoda Friday, 12 August 2022 10:38 AM

ප්‍රවීණයෝ වගේ ප්‍රවීණයින් හමුවුනාට අමනයින් වගේ රට රාජ්‍යය ජාතියපාවලා දීලා එන්න එපා

:       0       18

sharm warn Friday, 12 August 2022 11:24 AM

එයාල කියනව කෙලින්ම.. මානව හිමිකම් වලට බාදා කරන්න එපා කියල.. එතකොට රනිල් කියනව.. "ඇහුන්නෑ. ." කියලා..

:       0       13

Sudhath Friday, 12 August 2022 11:44 AM

යුක්‍රේනයේ අහිංසක මිනිස්සු මැරෙන්නේ යුරෝපා සංගමයයි, ඇමරිකාවෙයි බල තණ්හාව නිසයි. සාම කතා වලට කෙලවලා, තව අවි විකුණලා මෙතන එනවා මානව හිමිකම් කතා කරන්න. ලංකාවෙත් අවුරුදු 30ක් මිනිස්සු මැරුනේ මුන්ගෙ වෙපන් බිස්නස් එක නිසා තමයි. පොල්ලක් අරන් දෙන්න තියෙන්නේ ඕකුන්ට හිමිකම් සිහිවෙන්නම.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site