IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුරෝපයෙත් සීතල උහුලන්න බෑ

වසර 20කට පසු යුරෝපය දරුණු සීත දෙශගුණයකට මුහුණ දෙයි. යුක්රේනය, පෝලන්තය, සර්බියාව, බල්ගේරියාව හා ස්ලෝවේකියාව යන නැගෙනහිර යුරෝපා රටවල්හි උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක ඝෘණ 20 සිට 35 දක්වා පහත වැටි ඇත. අධික සීතලට අසුවූ 200ක් මියගොස් ලක්‍ෂ ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත. දින අටකදී යුක්රේනයේ පමණක් මියගිය ගණන 120කි. ඉතාලියේ රෝමය, මිලානෝ ,අන්කෝනා ඇතුළු නගර රැුසක පවතින ඝෘණ 1-15ත් අතර සීත දේශගුණය නිසා දින දෙකකදී නව දෙනෙකු මියගොස් ලක්‍ෂ 12කට පමණ විදුලිය, ගෑස් අහිමි වී ඇත. රෝමයේ අයිස් දිය කැර හැරීම සඳහා ලූණු ටොන් 600ක් පමණ මාර්ගවටල දැමීය. දැනට මාර්ග රැසක්ම වසා තිබේ. ජර්මනිය හා ඔස්ටී‍්‍රයාව ද දැඩි සීත දේශගුණයෙන් පීඩා විදියි. ජපානයේ පවතින සීත දේශගුණයෙන් ද 60 දෙනෙකු මිය ගිය බවද අලූත්ම වාර්තාවල දැක්වෙයි.



අදහස් (0)

යුරෝපයෙත් සීතල උහුලන්න බෑ

මුස්තපා Tuesday, 07 February 2012 12:45 AM

ලංකාවේ ජීවත්වෙන්න බැරි නිසා තමයි අපි මේ රටවලට ඇවිත් ඉන්නෙ. මා ඉපදුණු මවුබිමට වගේම මා ජීවත්වන මේ රටටත් (ඉතාලි අවු-20) එකසේ ආදරය කරමි

:       0       0

සාලිය Tuesday, 07 February 2012 02:24 AM

මෙහෙ විදින දුක ලංකාවේ ඉන්න අපේ කට්ටිය දන්නෙ නැහැ. ඒකයි මට කණගාටු

:       0       0

සුජීව Sunday, 05 February 2012 08:37 PM

දැන්වත් ලංකාවට ආදරය කරන්න පටන් ගන්න..

:       0       0

ඇසල Sunday, 05 February 2012 09:14 PM

අපේ පුන්චි රට අපට වාසනාවන්තයි.

:       0       0

බන්දුල Sunday, 05 February 2012 09:25 PM

දෙසැම්බර් 21?

:       0       0

jeff Sunday, 05 February 2012 10:44 PM

ලංකාවේ ගහ කොල විනාශ කරන්න එපා. රැක ගන්න..

:       0       0

තරංග Monday, 06 February 2012 02:02 AM

ඔය ඉතීන් වාසනවන් කියන ලංකවෙත් ඕනෙ තරම් ගං වතුර ගලන්නෙ..අවුරුදු ගනන් පායන්නෙ..ඔය කියන අය නම් ඒවට අහු වෙල නැතිව ඇති මගෙ හිතේ..

:       0       0

මාලක Monday, 06 February 2012 07:16 AM

මොන සැප තිබුණත් වැඩක් ද?

:       0       0

ඉන්දික පෙරේරා Monday, 06 February 2012 07:20 AM

ලෝකය නැවත හිම යුගයකට ගමන්කරනවා. පසුගිය වසර වල කාලගුණ වාර්තා අරන් බැලුවොත් තේරෙයි ලෝකයේ හිම පතනය ක්‍රමයෙන් වැඩිවන බව.

:       0       0

බන්දුල ද සිල්වා Monday, 06 February 2012 08:12 AM

ඉදිරියෙදි මේ පින් බිමේ විතරයි ජීවත් විය හැක්කේ..

:       0       0

Yoonus alavi Monday, 06 February 2012 08:26 AM

ලෝක විනාශය අත ලග.2012 නොයෙකුත් වෙනස් වීම් සිදුවේ.බලාපොරොත්තු වෙන්න......

:       0       0

marusira Monday, 06 February 2012 11:04 AM

තේක්ක වනාන්තරයෙක්ම කපල විකුනගත්ත කියල අපට ආරංචි

:       0       0

දිල්කි Monday, 06 February 2012 11:51 AM

තරංග කියන කතාව හරි. බොරුවට නැතුව ඇත්තට මුහුණ දෙන්න ඕන. ඒ රටවල එහෙම දුක් විදගෙන එවන සල්ලි නිසා තමයි අපේ රටට දෙයක් ලැබෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site