IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන

(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සමත් වී තිබේ.

බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද සිදු කරමින් සිටිති.

මෙම අවස්ථාව යොදා ගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස් කර ගෙන , ඒවා මගින් යුරෝපා රටවල් වෙත පළා යෑම මෙම නවතම ක්‍රමයයි.

ඒ අනුව එවැනි කූඨ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණි.

ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි .

 



අදහස් (19)

යුරෝපෙට පනින්න අලුත් ක්‍රමයක් සොයාගෙන

Lankika Tuesday, 18 April 2023 11:58 AM

‍යකෝ කූට හරි මොන මගුලක් හරිහදාගෙන යන්න දීපියවු. ඔය මිනිස්සු රට ඇරල අමාරුවෙන් හරි යන්නෙ, බැරිම තැන.

:       13       261

පකයාWednesday, 19 April 2023 01:07 AM

හොරට ගියා ම කෙලවෙන්නෙ හරියට යන උන්ටත් එක්ක තමයි.ඒ වගේ කාලකණ්ණි කැලණි හිගන්නො ලංකාවේ ම ඉන්න තරමට හොඳයි.

:       6       13

SenakaWednesday, 19 April 2023 06:28 AM

එනඑක වළක්වන්න කියනවා නෙමේ මේක... ඔහොම හොරට ආවාට පස්සේ ඔවුන්ට මොකක් හරි දෙයක් වුණත් හොයන්නවත් විදියක් නෑ. ජොබ් එකක් හොයා ගන්න බෑ. ඉන්න තැනක් හොයා ගන්න බෑ. එහෙම වුණාම ඔය අතර මැද ඉන්න තක්කඩි ජාවාරම් කාරයින්ට අහුවෙලා නීති විරෝධී දේවල් කරකර ඉඳලා ඒ රටවල හිරගෙවල් වල, ජාවාරම්කාරයින්ට කො‍ටුවෙලා තමයි ජීවිතේ ගෙවන්න වෙන්නේ... ඒ නිසා මෝඩ වැඩ නොකර හැකියාවක් හදාගෙන හරික්‍රමේට වරෙල්ලා. ඒ ක්‍රමේ ඇතුලේ මහ අවුල් ගොඩවල් තියෙනවා තමයි... ඒත් මොකක් හරි ආරක්ෂාවක් තියෙනවා. වෙන රටකට ආවාම උඹලාට උදව් කරන්න බලු බල්ලෙක් නෑ කියන එක ඔලුවේ තියාගෙන වැඩ කරපියව්...

:       2       27

පිටිගල මිලානෝ Tuesday, 18 April 2023 12:03 PM

වීසා එකක් හොරට හැදිය නොහැක. එහෙම කලේ වීසා සීල් ගහපු කාලේ. දැන් වීසාවල ජීවදත්ත (බයෝඩේටා) මිනි චිප් එකකත් අනෙක් වැදගත් තොරතුරු කිව් ආර් කෝඩ් එකකත් අඩංගුයි. ගොඩක් වීසා අදාල එම්බසියේ ඇතුලෙන්ම දත්ත වෙනස්කර හැදෙනවා විවිධ ආකාරයට. ඉන්පසු ආගමන විගමනේද උදව් ඇතිව ලංකාවෙන් පිටවෙනවා. මෙවැනි ගමන්වලදී ට්‍රාන්සිට් නැතිව ඩිරෙක්ට් යන තරමට හොදය.

:       2       117

wije Tuesday, 18 April 2023 12:06 PM

මොන දුකක් විදල හරි හොඳ රටකට ගිහින් ජීවිතේ හදාගන්ට කොල්ලො ට්‍රයි කරන්නෙ මෙ හරක් ඒකට ඉඩක් දෙන්නෙත් නැහැ ,අරගල කොරල හොරු පන්නන්ට හැදුව එකත් කෙලවුන පුදුම රටක් ඕයි.

:       46       238

diss Tuesday, 18 April 2023 12:21 PM

පනින ක්‍රමය නෙමෙයි ඇයි පනින්නේ කියලා හොයපල්ලා

:       5       187

namal rajapassa Tuesday, 18 April 2023 12:58 PM

ඩොලර් ගෙන්නලු, යන්න දෙන්නෙත් නෑ ...

:       4       115

nalaka Tuesday, 18 April 2023 01:56 PM

මොල්ටා කියන රටෙවීසා ස්ටිකර් එක හොරට ප්‍රින්ට් කරල ගහල ට්‍රන්සිට් ෆ්ලයිට් වලින් යන එක 2002 කාලෙත් තිබ්බ පරන ක්‍රමයක්. දුර ගමන් යන ෆලයිට් වල ට්‍රාන්සිස්ට් වෙන රටට ට්කට් අරන් සුද්දෙක් හොරට දාල ට්‍රන්සිට් රටෙදි හොර ස්ටිකර් ගහපු පාස්පෝට් එක මාරු කරගෙන බහින සීන් එක දන්නෝ දනිති.

:       3       59

Sampath Tuesday, 18 April 2023 03:41 PM

ඉතින් පැනපුවාවේ රටට හොදක් රටේ ජිවත් වෙන්ඩ ඔය අල්ලන එවුන් දෙනවද අනිත් එවුන්ට ජිවත්වෙන්ඩ සල්ලී. අල්ලපියව් ඔය රටේ මහා හොර හැත්ත

:       1       7

Amantha Tuesday, 18 April 2023 04:45 PM

ඉන්න දෙන්නෙත් නැහැ යන්න දෙන්නෙත් නැහැ. ඔතන ආගමන විගමන එවුන්ට අත මිට මොලවපු ගමන් අලියෙක් වුනත් යවනවා. ගුවන් සේවා සමාගමේ වනචර දශකයේ හිටපු අධ්‍යක්ෂක ශාලිත විජේසුන්දර මාට්ටු වුනේ LTTE කාරයන්ගෙන් සල්ලි අරන් ප්ලේන් එකට දාද්දි.

:       0       5

බද්රානි Tuesday, 18 April 2023 07:45 PM

මොන මගඩියක් කරලා හරි මේ නරා වලෙන් පැනගන්න වෙරදරන අයට වල කපන්නේත් මේ රටේ නරුමයින්ම තමයි. හැබැයි මේ නරුමයින්ගේ අතට ගානක් දුන්නා නම්, ඕනෑම ජරාවැඩක් කරන්න උදව්කරයි. ඔය පැනගන්න හදන හැමකෙනාම කොහේ හරි රටකට පැනගෙන කඹුරලා මේ නරාවලේ නරුමයින්ගේ පැවැත්මට ඩොලර් තමයි එවන්නේ. අනෙකාගේ මග අහුරලා මහා ලොකු වැඩක් කලයි කියලා සතුටු වෙයල්ලා නරුම මිනිසුනේ...!!

:       4       8

Rasi Wednesday, 19 April 2023 12:24 AM

හොරෙන් හරි යන්නේ මොකද කියලා හොයපල්ලා .එච්චරටම රට දැන් හොඳයි

:       3       10

nalin Wednesday, 19 April 2023 09:39 AM

යකෝ මොන විදියකට හරි යන එකෙකුට යන්න දෙන්න ඕනෙ. අඩු තරමෙ ඌ හරි ගොඩයයි. කොහෙද ඉතින් අපේ උන්, මේකෙ ජීවත් වෙන්නත් නෑ වෙන තැනකට යන්නත් නෑ. අනේ කාලෙ වනේ වාසේ කිව්වලු

:       2       12

Hari Wednesday, 19 April 2023 01:40 PM

මෙතන වෙලා තියෙන්නේ ඉන්දියන් කාරයෙක් ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා අමාරුවේ දාපු දෙයක්. ලංකාවේ මිනිස්සුන්ගේ අසරණ කමින් පිටරට එවුනුත් ප්‍රයෝජන ගන්නවා. යනවා නම් විශ්වාසවන්ත ක්‍රමයකට යන්න...

:       0       1

කන්නන්ගර Thursday, 20 April 2023 12:01 AM

යන්න දෙන්න එපා එකෙකුටවත්... මේ රටේ මොන අඩුවක් පාඩුවක් කියලද මුන්ට මොන කසිල්ලකටද මේ රැල්ලකට අහුවෙලාවගේ රට යන්න දගලන්නේ?මේ රටේ 100% ක්‌ නීතිය ක්‍රියාත්මක වෙනවා.. හැමෝටම බය නැතිව නීතිය ඉදිරියට ගිහින් සර්ව සාදාරනය ඉෂ්ට කරගන්න පුළුවන්.. රස්සා ඕනේ තරම්... සාදාරන වැටුප්.. අඩුම මිලකින් පහසුවෙන් ජීවත්වෙන්න පුළුවන්.... නායකයන් ආදර්ශයක් විදියට සරලව ජීවත්වෙනවා... අනාගතේ සුරක්ෂිතයි.. මුන්ට පිස්සුද රට යන්නේ... ගුවන් තොටුපල නිලදාරීන්ට උපහාරයක් පුදනවා

:       3       6

Lelwala Saturday, 22 April 2023 09:38 PM

මොන මගුලක් මාර්ගයෙන් හරි වුන්ට යන්න දිපියව් . වුන් යන්නෙ රටට ඩොලර් සොයන්න . කුහකයින් වෙන්න එපා.

:       1       4

Asoka Tuesday, 25 April 2023 06:58 AM

ඩයනා ගමගේ ඇමතිතුමියට හා විමල් වීරවංශට මේ නිතිය නැහැ

:       0       5

මානි Friday, 05 May 2023 01:39 AM

දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වියදම් කර දෙමළ ජනතාව මේ විදිහට රටින් පනින්නේ බටහිර රටවල්වල නිලධාරින් හට පගාව දීලා...

:       0       0

pakeer Saturday, 06 May 2023 07:21 PM

කොහොම හරි මේකෙන් එළියට පනින්න... හිඟාකන්න වුණත් කමක් නැහැ. මේ වලෙන් ගොඩට පලයල්ලා... මෙයාලා කැමැති මෙයාලාටම සෙට්වෙලා මේ ගොල්ලොත් එක්ක ඉන්නවට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site